Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ලෝක කුසලාන ඉතිහාසයේදී කිසිදිනෙක මූලික වටයේ තරගයක් පරාජය වී නොමැති නවසීලන්තයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගමාලාවට සහභාගි වීම සඳහා එංගලන්තයට පැමිණ ඇත්තේ සිය අපරාජිත වාර්තාව තවදුරටත් නොබිඳ පවත්වාගෙන යාමේ අරමුණත් පෙරදැරිවය.
එපමණක් නොව. නවසීලන්තය යනු රග්බි ලෝක කුසලානයේ වත්මන් හිමිකරුවෝද වෙති.
ආජන්ටිනාව, ටොංගා, ජෝර්ජියාව සහ නැමීබියාව සමග ‘සී‘ කාණ්ඩයට එක්වී සිටින වත්මන් ලෝක ශූර ඕල් බ්ලැක්ස් පිලට මූලික වටයේ දී නම් සිය ප‍්‍රතිවාදීන් අභිබවා යාම එතරම් ගැටළුවක් නොවනු ඇත.
ඕල් බ්ලැක්ස් කණ්ඩායම මෙවර එංගලන්තයට ආවේ අත්දැකීම් සම්භාරයක බරක් උසුලාගෙනය.
ලොව වැඩිම රග්බි ටෙස්ට් තරග සංඛ්‍යාවකට සහභාගී වූ කී‍්‍රඩකයා ලෙසින් ද (තරග 142), වැඩිම ටෙස්ට් තරග ප‍්‍රමාණයක් ජයගෙන දුන් (තරග 125) සහ වැඩිම ටෙස්ට් තරග ප‍්‍රමාණයකට නායකත්වය දුන් (තරග 105) කී‍්‍රඩකයාද වශයෙන් ඉතිහාසගතවී සිටින නායක රිචී මැකෝගේ අත්දැකීම් මල්ලත්, කණ්ඩායමට විපුල ඵල නෙලා දෙන ලොව වැඩිම ලකුණු රැස් කළ (තරග 106 කදී ලකුණු 1516) කී‍්‍රඩකයා වන ඩැන් කාටර්ගේ අත්දැකීම් ගොන්නත් ඊට කදිම නිදසුන්ය.
දැන් ඕල් බ්ලැක්ස්ලා අවධානය යොමු කර ඇත්තේ ලබන 20 වැනිදා ආජන්ටිනාව සමග තරගයෙන් ආරම්භ වන ඔවුන්ගේ මූලික තරග වටය ගැන නොවේ. මූලික වටයේ දී ඉතා පහසුවෙන් මුදුනට නැගීමට සමත්විමෙන් පසුව පිළිමළුන් පිටුදැකීමේ වටයේ දී තරග වැදීමට සිදුවන්නේ අයර්ලන්තය සමගද නැතිනම් ප‍්‍රංශය සමගද යන්න ගැනය.
සිය තුන්වැනි ලෝක කුසලානය හඹා යන ඕල් බ්ලැක්ස් කණ්ඩායම මීට පෙර 1987 සහ 2011 දෙවතාවේ දිම එය අත්පත් කරගත්තේ ඔවුන්ගේ භූමියේ පැවැති තරගමාලාවලදීය.
මූලික වටයේ අපරාජිතව පෙරමුණ ගැනීම පහසු කාරණයක් වූවත් ඔවුන්ගේ පුහුණුකරු ස්ටීව් හැන්සෙන් නම් කියන්නේ ඉරිදා ආජන්ටිනාවට එරෙහිව සිය හොඳම තුරුම්පු ගොන්න පිටියට බස්සවන බවය. ඊට දින හතරකට පසුව නැමීබියාව සමග පැවැත්වෙන තරගයේ දී ඉතිරි කී‍්‍රඩකයන් දුවවන බවය.
ජෝර්ජියාව සහ නැමීබියාව වැනි වැඩි සටනක් අවශ්‍ය නොවන තරගවලදීත් ඔහුගේ පළමු කැමැත්ත දිනාගත් නොම්මර එකේ කී‍්‍රඩකයන් තෝරාගැනීමට තරම් හැන්සෙන් හිතුවක්කාර වී සිටී.
2007 වසරේ අර්ධ අවසන් පූර්ව වටයේ දී ප‍්‍රංශය හමුවේ අනපේක්ෂිත පරාජයක් විඳ ගැනීමට ඕල් බ්ලැක්ස්ලාට සිදුවූයේ වැඩි පරෙස්සමට හොඳම තුරුම්පු සගවාගෙන කී‍්‍රඩා කිරීමට ගත් තීරණය නිසාය. නිසැකවම පුහුණුකරු හැන්සෙන්ට එය සිහිපත් වූවාට කිසිදු සැකයක් නොමැත.
”මම හිතන්නේ එවැනි හිතුවක්කාර තීරණයක් ගැනීමේ වරදක් නැතයි කියලයි”
”පසුගිය කාලවලදී ‘ ඕල්බ්ලැක්ස්ලා’ නොම්මර එකේ කණ්ඩායම විදිහට සෑහෙන කැපකිරීමක් කරලයි මේ තත්ත්වයට පැමිණ සිටින්නේ. ඉතින් අපි ඒක ඉදිරියට ගෙන යා යුතුය”
” අනෙක මූලික වටයේ අපරාජිතභාවය රැක ගැනීමට අපි හැම පැත්තෙන්ම දස්කම් බලාපොරොත්තු වෙනවා” යයිද ඔහු කීවේය.
හෙට (20 වැනිදා) වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේ දී ඕල් බ්ලැක්ස් පිලේ මුල්ම ප‍්‍රතිවාදියා බවට පත්වන ආජන්ටිනා පිලේ වඩාත්ම සාර්ථක රග්බි ලෝක කුසලාන තරගාවලිය වන්නේ 2007 තරගාවලියයි. එහි දී ඔවුන් තරගාවලිය නිමාවට පත්කළේ තුන්වැනි තැන අත්කරගනිමිනි. එබැවින් මෙවර ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැන හිමිකර ගැනීමට වැඩිම අවස්ථාව උදාවී ඇත්තේ ඔවුන්ටය.
දකුණු අපි‍්‍රකාව, ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තයට එරෙහිව පසුගිය රග්බි ශූරතාවලියේ කී‍්‍රඩා කිරීම නිසා ආජන්ටිනාවේ ‘පූමාස්‘ කණ්ඩායමටද සැළකිය යුතු තරමේ අත්දැකීම් ගොන්නක් ලැබී තිබේ. ඔවුන්ගේ ප‍්‍රබල ඉදිරිපෙළ කී‍්‍රඩකයන් ?නට ඔගස්ටින් කී‍්‍රවි සහ ප‍්‍රවීණ කී‍්‍රඩක ජුවාන් මැනුවෙල්ද ඇතුළත් වෙති.
පූමාස්ලා මීට පෙර නවසීලන්තයට දැඩි තර්ජනයක් වී නොතිබුණත් ‘ස්පි‍්‍රංග්බොක්ස්ලාට’ සහ ‘වොලබීස්ලාට’ (ඕස්ටේ‍්‍රලියානු පිලට) එරෙහිව හොඳ ජයග‍්‍රහණ වාර්තා කර තිබේ.
පසුගිය රග්බි ලෝක කුසලාන තරගමාලාවේ දී ප‍්‍රංශය ලකුණු 19-14 කින් පරදවා කාගෙත් විමතිය දනවනසුලූ ජයග‍්‍රහණයක් අත්කර ගත් ටොංගා කණ්ඩායමත් ආජන්ටිනාවට එරෙහිව එවැනිම දස්කමක් පෙන්වා ‘සී‘ කාණ්ඩයේ දෙවැනි තැන උදුරා ගැනීමේ අදහසින් පසුවෙයි. එහෙත් ඔවුන්ට ඒ සඳහා නැමීබියාවට සහ ජෝ්ර්ජියාවට එරෙහිවත් ජයග‍්‍රහණ අවශ්‍යවී තිබේ.
වසර 4 කට පෙර පැවැති ලෝක කුසලාන තරගමාලාවේ දීත් මෙවැනිම බලාපොරොත්තු රඳවාගෙන සිටි ටොංගා පිලට කැනඩාව හමුවේ ලද අනපේක්ෂිත පරාජයත් සමග ඒවා අකුලාගැනීමට සිදුවිය. මෑතක් වනතුරු ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල 10 වැනි තැන සිටි ටොංගා පිලට පසුගිය මාසයේදී පැවැති උතුරු අර්ධගෝලීය තරගාවලියේ දී ස්කොට්ලන්තය හමුවේ පරාජයට පත්විමට සිදුවිමෙන් 11 වැනි තැන උරුම විය.
ජෝර්ජියාව මෙවර තරගමාලාවට පැමිණියේ යුරෝපීය ජාතීන් අතර තරගමාලාවේ දෙවැනි තැනට පත්වීමෙනි. ප‍්‍රංශයේ කී‍්‍රඩා සමාජවලට කී‍්‍රඩා කිරීමෙන් සිය දස්කම් මුවහත් කරගත් ජෝර්ජියාවේ බොහෝ කී‍්‍රඩකයෝ දැන් හොඳ මට්ටමක සිටිති.
ලෝක කුසලාන රග්බි තරගවලදී ඔවුන්ගේ හොඳම දස්කම වූයේ පසුගිය තරගමාලාවේ දී ආජන්ටිනාව හමුවේ ලකුණු 25-7 කින් පරාජයට පත්වූ තරගයේ මුල් භාගය ලකුණු 7-5 කින් පෙරමුණ ගැනීමය.
ශ්‍රේණිගත කිරිම්වල පහළම අඩියේ පසුවන නැමීබියාව කිසිදු තරගයකින් ජය වාර්තා නොකළත් 1999 සිට සෑම රග්බි ලෝක කුසලාන තරගමාලාවකටම සහභාගී වීමේ භාග්‍ය ලැබුවෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.