Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානය සහ නවසීලන්තය අතර ඩුබායි අන්තර් ජාතික කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වූ අද (20 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි නවසීලන්ත පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටියේය. ඒ අනුව ඔවුහු, පාකිස්තානයට වඩා තවත් ලකුණු 177 ක් ඉදිරියෙන් සිටිති. හෙට (21 වැනිදා) තරගයේ අවසන් දිනයයි.
අද දිනය සඳහා තරගය නතර කරන විට රොස් ටේලර් නොදැවී ලකුණු 77 ක් ලබාසිටි අතර අනෙක් අන්තයේ රැුදී සිටි මාර්ක් කේ‍්‍රග් පන්දුවකට පමණක් මුහුණ දී ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියේය.
පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන පිල සියලූ දෙනා දැවී ලකුණු 393 ක් ලබාගත් අතර පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ සෆ්රාස් අහමඞ් ලකුණු 112 ක් ලබා සිටියදී කණ්ඩායමේ අවසන් කඩුල්ල ලෙස දැවී ගියේය. මෙය සෆ්රාස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය වන අතර ඊට හතරේ පහර 16 ක් අන්තර්ගත කිරීමට ඔහු සමත් විය.
ඊයේ දිනයේදී පාකිස්තාන පිල වෙනුවෙන් අර්ධ ශතක රැුස්කිරීමට අසාර් අලී (75) සහ යුනිස් ඛාන් (72) සමත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 403 ක් ලබාගත්තේය.
හයවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයට කී‍්‍රඩා කරන නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලේතම්, එහිදී තම දෙවැනි ශතකය (137) රැස්කිරීමට සමත්විය. පන්දු 269 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 11 ක් ඇතුළත් විය.
නවසීලන්ත පළමු ඉනිම - සියලූ දෙනා දැවී 403
(ටොම් ලේතම් 137, බ්‍රෙන්ඩන් මැකලම් 43, කේන් විලියම්සන් 32, රොස් ටේලර් 23, ජේම්ස් නීෂම් 17, බෙන් වෙට්ලින් 39, මාර්ක් කේ‍්‍රග් 43, ටිම් සවුති 17, ඉෂ් සෝධි නොදැවී 32, සුල්ෆිකර් බාබර් 137/4, ඒසන් අදිල් 73/2, යසර් ශා 92/2)
පාකිස්තාන පළමු ඉනිම - සියලූ දෙනා දැවී 393
(තව්ෆීක් උමාර් 16, අසාර් අලී 75, යුනිස් ඛාන් 72, මිස්බා උල් හක් 28, අසාද් ශෆීක් 44, සෆ්රාස් අහමඞ් 112, රාහට් අලී නොදැවී 16, ටිම් සවුති 67/3, ටේරන්ට් බෝල්ට් 69/2, ඉෂ් සෝධි 92/2)
නවසීලන්ත දෙවැනි ඉනිම - කඩුලූ 6 දැවී 167
(බ්‍රෙන්ඩන් මැකලම් 45, රොස් ටේලර් නොදැවී 77, සුල්ෆිකර් බාබර් 60/3, යසර් ශා 65/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.