Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඩ්‍රොප් ගෝලයක් ලබගනිමින් ලකුණු 13-12 කින් ද, අනතුරුව 63 වැනි මිනිත්තුවේ ගැසූ අගනා ද`ඩුවම් පහරින් ලකුණු 19-18 කින් ද වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලා ඉහළට ඔසවා තැබූ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් බිගර්ගේ දස්කම් අපතේ යැවූ ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ නායක ෆෝරී ඩු පී‍්‍රස් අවසන් මොහොතේ තීරණාත්මක උත්සාහක දිනුමක් තබමින් රග්බි ලෝක කුසලන තරගාවලියේ අවසන් පූර්ව වටය දක්වා දකුණු අපි‍්‍රකාව කැඳවාගෙන ගියේය.
තරගය නිමා වන විට දකුණු අපි‍්‍රකාව ලකුණු 23-19 ක ලෙසින් පෙරමුණ ගෙන තිබිණ.
තරගයෙන් අනතුරුව දකුණු අපි‍්‍රකානු පුහුණුකරු හෙයිනික් මේයර් කීවේ ”මට ෆෝරිව සිපගන්න හිතෙනවා” කියාය.
මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය දැක බලාගැනීමට ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට රැුස් වූ 80,000 කට ආසන්න කී‍්‍රඩාලෝලීන් පිරිසක් මිනිත්තු අසූවක් පුරා ඇඳ බැඳ තබාගත් මේ දෙපිල වරින් වර එකිනෙකා පරයමින් ඉහළට නැගීම කැපී පෙනිණි.
දෙපිලේහිම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයන් එකට එක කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට දැඩි සටනක නිරතවූ අතර තරගය නිමාවීමට මිනිත්තු 6 ක් ඉතිරිව තිබියදිත් ලකුණු 19-18 කින් පෙරමුණ ගෙන සිටි වේල්සය පසුවූයේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව තරග 31 ක් තුල සිය තුන්වැනි ජයග‍්‍රහණයේ සිහිනය දකිමිනි.
එහෙත් එකපොදියට දෙපිලේහිම කී‍්‍රඩකයන් පොරකද්දී පන්දුව ඩැහැගත් ඩුවාන් වර්මියුලන් පසුපස සිටි නායක ඩු පී‍්‍රස්ට දක්ෂ ලෙස පිරිනැමූ අතර දකුණු අපි‍්‍රකානු නායකයා පන්දුව ලැබූ සැනින් මීටර් කිහිපයක් එපිටින් තිබූ ප‍්‍රතිවාදී සීමාව වෙත විදුලි වේගයෙන් දිවගොස් තැබූ එම තීරණාත්මක උත්සාහක දිනුම වේල්සයේ සිහිනය බොඳකර දැමුවේය.
තරගයේ මුල සිටම වැඩ පටන්ගත් ස්පි‍්‍රංග්බොක්ස් ෆ්ලයි හාෆ් කී‍්‍රඩක හැන්ඩි‍්‍ර පොලාඞ් මිනිත්තු 12 ක් ගතවෙද්දී දඬුවම් පහර දෙකකින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 6-0 කින් ඉදිරියට ගෙන ගියේය.
ඊට මිනිත්තු දෙකකට පසුව සිය දස්කම් මුවහත් කරන්නට පටන් ගත් වේල්සයේ ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඩැන් බිගර් ගැසු සාර්ථක දඬුවම් පහරින් ලකුණු පරතරය 6-3 කින් අඩුවිය. ඉන් පසුව යළිත් 16 වැනි මිනිත්තුවේ දි තම තුන්වැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් පොලාඞ් දකුණු අපි‍්‍රකානුවන් 9-3 කින් ඉහළ දැමුවේය.
ඊළඟ මිනිත්තුවේ දී බිගර් විසින් පිටියේ මැද සිට ප‍්‍රතිවාදී සීමාව දෙසට ඉහළින්ම යැවූ පන්දුව ස්පි‍්‍රංග්බොක්ස්ලා අභිබවා දිවගොස් ඔහු විසින්ම ඩැහැගෙන පසුපසින් දිවඑමින් සිටි ගැරත් ඬේවිස්ට සාර්ථකව පිිරිනැමු අතර අවස්ථාවක් ලැබෙනතුර බලා සිටි ඬේවිස් පන්දුව රැගෙන ප‍්‍රතිවාදී සීමා ඉර වෙත පනිද්දී ස්පි‍්‍රංබොක්ස්ලාට කරකියාගන්නට දෙයක් තිබුණේ නැත.
එසේ වාර්තාවූ තරගයේ පළමු උත්සාහක දිනුම නිවැරැුදිව ගෝල් කණු අතරින් පියාඹා යැවූ බිගර් වේල්සයේ ලකුණු සංඛ්‍යාව 10-9 කින් ඉදිරියට ගෙන ගියේය. එය ඬේවිස් මෙවර තරගමාලාවේ තැබූ සිවුවැනි උත්සාහක දිනුම විය.
එහෙත් ඊට මිනිත්තු දෙකකට පසුව නැවත ද`ඩුවම් පහරක් සාර්ථකව එල්ල කළ පොලාඞ් දකුණු අපි‍්‍රකානුවන් ලකුණු 12-10 කින් ඉහළට ඔසවා තැබීය. කෙසේවෙතත් පළමුභාගයේ අවසන් මිනිත්තුවේ දී උපායශීලී ලෙස ඩ්‍රොප් ගෝලයක් ගැසූ බිගර් යළි සිය කණ්ඩායම ලකුණු 13-12 කින් පෙරමුණට ගෙන ආවේය.
මීට පෙර දෙවතාවක්ම ලෝක රග්බි කිරුළ දිනා ඇති ස්පි‍්‍රංග්බොක්ස්ලා සමග කරට කර සටනක නිරතවූ වේල්සයට දෙවැනි භාගයේ දී තවත් ද`ඩුවම් පහරක් හිමිවූයේ ඔවුන්ගේ සෙන්ටර් කී‍්‍රඩක ටේලර් මෝගන්ට නීතිවිරෝධි ආකාරයෙන් ෂෝක් බර්ගර් කළ බාධා කිරීමකිනි. 46 වැනි මිනිත්තුවේ දී එය සාර්ථක කරගත් බිගර් ලකුණු 16-12 කින් වේල්සය ඉදිරියට රැුගෙන යද්දී දකුණු අපි‍්‍රකානුවන්ට ‘හීන්දාඩිය‘ දමන්නට පටන්ගෙන තිබිණි.
එහෙත් ඉන් අනතුරුව ඩ්‍රොප් ගෝලයක් සහ දඩුවම් පහරක් සාර්ථකව ගැසූ පොලාඞ් ලකුණු 18-16 කින් ලකුණු සංඛ්‍යාව වැඩිකොට ස්පි‍්‍රංග්බොක්ස් සගයන්ගේ පිඩනය දුරුකොට දැමුවේය. ඊට නිසි ප‍්‍රතිචාර දක්වමින් බිගර් ඔහුගේ තුන්වැනි ද`ඩුවම් පහර සාර්ථකව ගැසමින් වේල්සයේ ලකුණු තත්ත්වය 19-18 කින් ඉහළ දමද්දී තරගය නිමාවීමට ඉතිවි තිබුණේ මිනිත්තු 17 ක් පමණි.
දකුණු අපි‍්‍රකානු නායකයාගේ තීරණාත්මක උත්සාහක දිනුම වාර්තාවූයේ ඊට මිනිත්තු 11 කට පසුවය.
මේ ජයග‍්‍රහණයත් සමග අවසන් කණ්ඩායම් හතරට පිවිසි දකුණු අපි‍්‍රකාවට ඊළඟට තරග කිරීමට සිදුවී ඇත්තේ ඊයේ පැවැති අනික් අර්ධ අවසන් පූර්ව තරගයෙන් ප‍්‍රංශය පරාජය කළ වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තය සමගිනි.
දකුණු අප්‍රිකාව සහ වේල්සය අතර රග්බි අර්ධ අවසන් පූර්ව තරගයේ විශේෂ අවස්ථා ...
(ඡායාරූප ඒ.එෆ් . පී. අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.