Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිය පළමු තරගයේ දී රග්බි ලෝකයේ අංක දෙකේ කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාවේ ස්පි‍්‍රංග්බොක්ලා අභිබවා ගිය ආසියානු රග්බි ශූරයන් වන ජපානය ඊයේ ග්ලොස්ටෂයර් ප‍්‍රාන්තයේ කිංග්ස්හෝම් කී‍්‍රඩාංගණයේ දී ස්කොට්ලන්තයටත් ඒ ඉරණම අත්කර දීමට ප‍්‍රබල උත්සාහයක් ගත් නමුත් සැළසුම් සහගතව කී‍්‍රඩා කළ ස්කොට් කී‍්‍රඩකයෝ ආසියාතිකයන්ට ලකුණු 45-10 ක පරාජයක් උරුම කළහ.
‘බී‘ කාණ්ඩයේ තරගයක් ලෙස පැවැති මේ තරගයේ ආරම්භයේ දී නායක ක්‍රෙග් ලේඞ්ලෝ ලද ද`ඩුවම් පහර දෙකක් මත ලකුණු 6-0 කින් පෙරමුණ ගත් ස්කොට්ලන්ත පිලට පරාජයේ භීතිය දනවමින් 14 වැනි මිනිත්තුවේ දී අමානකී මෆී රැුස් කළ අනගි උත්සාහක දිනුම අයුමි ගොරමොරු කිසිදු අපහසුවකින් තොරව ගෝලයක් බවට ප‍්‍රවර්ථනය කළේය. ඒ සමගම ලකුණු පුවරුව 7-6 ක් ලෙස ජපානයේ වාසියට කැරකුණේය.
මේ ආසියානු ශූරයන් මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාව එහෙම පිටින්ම උඩුයටිකුරු කරන්නට හදන බව ඒ මොහොතේ කී‍්‍රඩාංගණයට රැුස්ව සිටි 15,000කට ආසන්න කී‍්‍රඩාලෝලීන්ට නොසිතුණානම් පුදුමය.
කෙසේවුවත් තරගයේ ජයග‍්‍රහණය ගැන පමණක්ම සිතන්නට යාමෙන් නීතිවිරෝධි කී‍්‍රඩා රටාවක් වෙත තල්ලුවී ගිය ජපාන කී‍්‍රඩකයන් ඊළග මිනිත්තු හතරේ දී ප‍්‍රතිවාදීන්ට දඩුවම් පහර දෙකක්ම පිරිනැමීමෙන් තත්ත්වය තරමක් වෙනස් විය. එම ද`ඩුවම් පහර ද්විත්වයම සාර්ථක කරගත් නායක ලේඞ්ලෝ ස්කොට්ලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 12- 7 ක් ලෙසින් ඉහළ දැමුවේය.
අනතුරුව පළමු භාගය නිමාවෙද්දිත් එකිනෙකාට ලකුණු රැුස් කිරීමට ඉඩ නොදී දෙපිලම කරට කර සටනක නිරතවූ අතර ඒ කාලය තුල එකම සිදුවීම බවට පත්වූයේ 22 වැනි මිනිත්තුවේ දී ස්කොට්ලන්ත පිලේ ෂෝන් ලැමොන්ට්ගේ ගමන් මගට අනවශ්‍ය ලෙස බාධා කිරීම නිසා ජපාන පිලේ වින්ග් කි‍්‍රඩක කොටාරෝ මට්සුෂිමා අයර්ලන්ත තරග තීරක ජෝන් ලැසීගේ උදහසට ලක්වීමයි. කොටාරෝට කහ කාඞ් පෙන්වා අවවාද කිරීමට ලැසීට එය හොඳටෝම ප‍්‍රමාණවත් විය.
ස්කොට්ලන්ත කී‍්‍රඩකයන් නින්දෙන් ඇහැරුණේ දෙවැනි භාගයේ දීය. එය සිදුවූයේ දෙවැනි භාගය ආරම්භයේ දීම ද`ඩුවම් පහරක් සාර්ථක කරගත් ගොරමෝරුගේ පිහිටෙන් ජපානය ලකුණු 10 ක් ලබා දෙපිල අතර පරතරය ලකුණු 2 ක් දක්වා අඩුකරගැනීම හේතුවෙනි.
ඉන් වඩාත් බියට පත් ස්කොට්ලන්ත කී‍්‍රඩ කයෝ ‘දැන් බලා සිටියා ඇති‘ කියන්නාක් මෙන් ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාසයක් පෙන්නුම් කරමින් ඊළ`ග මිනිත්තු 28 තුළ උත්සාහක දිනුම් 5 ක්ම රැුස් කරගන්නා තුරු ස්කොට්ලන්ත පිල නිදහසේ හුස්මක් ගත්තේවත් නැත. මේ පෙරළියෙන් අන්ද මන්දවී ගිය ජපාන කී‍්‍රඩකයන්ට නැවත කිසිදු ලකුණක් රැුස් කිරීමට අවස්ථාවක් ලැබුණේද නැත.
ස්කොට්ලන්තය ලැබූ උත්සාහක දිනුම් පෙළ ආරම්භ කරනු ලැබුවේ ජෝන් හාඩිය. ඔහු 47 වැනි මිනිත්තුවේ දී තැබූ උත්සාහක දිනුමෙන් පසුව 55 වැනි සහ 68 වැනි මිනිත්තුවල දී මාක් බැනට් උත්සාහක දිනම් ද්විත්වයක්ම තැබූවේය. ඒ අතරතුර 63 වැනි මිනිත්තුවේ දී ටොමී සේමර් ද, 73 වැනි මිනිත්තුවේ දී ෆින් රසල් ද ජපාන පරාජයේ පාර කැපූහ. පළමු භාගයේ දී ද`ඩුවම් පහර 4 ක් සාර්ථක කරගත් නායක ලේඞ්ලෝ උත්සාහක දිනුම් 4 ක්ම සාර්ථකව ගෝල බවට පත් කරමින් තරගය පුරා කාර්ය බහුල කී‍්‍රඩකයා බවට පත්විය.
ලකුණු 35 ක පරතරයක් සමග ලද මේ ජයග‍්‍රහණයෙන් ප‍්‍රසාද ලකුණක් ද අත්කර ගැනීමට ස්කොට්ලන්තය සමත්විය. ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්තයට හැකිවූයේ ඒ බෝනස් ලකුණ නිසාය. දැන් ඔවුන් ලකුණු 5 ක් ලබා පෙරමුණේ පසුවන අතර සැමෝවා (ලකුණු 4 යි) දෙවැනි තැනත්, ජපානය (ලකුණු 4 යි) තුන්වැනි තැනත් පසුවෙති. මෙවර රග්බි කුසලානයට අත තබනු ඇතැයි අනාවැකි පළවූ රටවල් අතලොස්ස අතර සිටින දකුණු අප‍්‍රිකාව ලකුණු 2 ක් ලබා පසුවන්නේ සිවුවැනි තැනය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.