Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තණතිරුව මැද වැදී ඉහළ ආ කෙටි පන්දුවක් හිසේ වැදීම නිසා පිටිය මැදදී සිහිසුන්ව ඇදවැටුණු ඕස්ටේ්රලියානු පිලේ ආරම්භක පිතිකරු පිලිප් හියුස් මොළයේ සැත්කමකට මුහුණ දීමෙන් පසුව ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි. ඊයේ (25 වැනිදා) සිදුවූ මෙම අනතුර නිසා සැත්කමකට මුහුණ දුන් හියුස් තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවෙයි.
සිඞ්නි නුවරින් අද (26 වැනිදා) ලැබුණු වාර්තාවලින් කියැවුණේ ඕස්ටේ්රලියානු ආරම්භක පිතිකරුවාට අද දිනයේ තවත් ස්කෑන් පරීක්ෂණ කිහිපයකට මුහුණ දීමට සිදුවන බවයි.
ඉන්දීය පිලට එරෙහිව තව නෙබෝ දිනකින් ආරම්භ වන ටෙස්ට් තරගාවලියේදී නැවතත් ඕස්ටේ්රලියානු කණ්ඩායම නියෝජනය කිරීමට සුදානමින් සිටි 25 හැවිරිදි හියුස්, ෂෙෆීල්ඞ් පළිහ තරගාවලියේ තරගයකට සහභාගි වෙමින් සිටියදී, නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ෂෝ්න් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීම නිසා සිහිසුන්ව බිම ඇද වැටුණේය.
ඒ වන විට ඔහු දකුණු ඕස්ටේ්රලියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 63 ක් ලබා සිටි අතර කී‍්‍රඩාංගණයට ගෙනවන ලද හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහුව රෝහලට ගෙන යන ලදී.
ඕස්ටේ්රලියානු ජාතික කණ්ඩායම නියෝජනය කරන ඬේවිඞ් වෝනර් සහ බ‍්‍රැඞ් හැඞ්න්ද ඇතුළත් නිව් සවුත් වෙල්ස් කී‍්‍රඩකයන් වහා හියුස් වෙත පැමිණ ඔහු වෙනුවෙන් උදව් ඉල්ලා සිටියහ. රෝහලට රැගෙන ආ විගස හියුස්ට හදිසි සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කළහ.
පන්දුව හිසේ වැදීම හේතුවෙන් මොළයේ සිදුවී ඇති ලේ ගැලීමක් නිසා මේ වන විට ඔහු කෝමා තත්ත්වයේ පසුවෙයි.
”කරන ලද සැත්කමේ ප්‍රතිඵලය දැන ගැනීමට නම් පැය 24 ත් 48 ත් අතර කාලයක් ගතවේවි.” යැයි දකුණු ඕස්ටේ්රලියානු කි‍්‍රකට් නිලධාරී ටිම් නීල්සන් මහතා කියා සිටියේය.
තරගයේ විස්තර විචාරයට අනුව හියුස් තමා වෙත යෙමුවන කෙටි පන්දු මඟ හරිමින් සිටි අතරවාරයේ එක් පන්දුවකට පහරක් ගැසීමට උත්සාහ කර ඇත. නමුත් ඔහුට එම පහර නිසි ලෙස ගැසීමට නොහැකි වීමෙන් පන්දුව ඔහුගේ හිසේ වැදී මෙම අනතුරට මුහුණ පා තිබේ.
මෙම සිදුවීම සිදුවන විට හියුජ්ස්ගේ මව සහ නැගණියද තරගය නැරඹීම සඳහා සිඞ්නි කී‍්‍රඩාංගණයට පැමිණ සිට ඇති අතර හෙලිකොප්ටරයෙන් ඔහුව රෝහල වෙත ගෙන යාමට පෙර විනාඩි 30 ක පමණ කාලයක් ඔහුට කෘතිම ස්වසනය සහ ඔක්සිජන් දී තිබේ.
”අපේ ප්‍රාර්ථනාව හියුස් ඉක්මනින්ම සුව අතට හැරෙන්න කියලයි. අපේ විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ අයගේ, යාහළුවන්ගේ සහ කණ්ඩායම් සගයන්ගේද එකම ප්‍රාර්ථනාව එයයි.” යයි ඔස්ටේ්රලියානු කි‍්‍රකට් ආතනයේ සභාපති ජේම්ස් සදර්ලෑන්ඞ් නිවේදනයක් නික-ුත් කරමින් කියා සිටියේය.
මෙම සිදුවීම නිසා නිව් සවුත් වේල්ස් පිල සහ බටහිර ඕස්ටේ්රලියානු පිල අතර තරගය අතහැර දමන ලදි.
දකුණු අපි‍්‍රකාවට එරෙහිව 2009 වසරේ ජොහැන්නස්බර්ග්හිදී ටෙස්ට් වරම් ලබාගත් හියුස් එම තරගයේ දෙවැනි ඉනිමේදී ලකුනු 75 ක් රැස්කිරීමට සමත්විය. තමා සහභාගී වූ දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක ලබාගනිමින් ලකුණු 275 ක් රැස්කිරීමටද මෙම වමත් පිතිකරුවා සමත්විය.
හියුස්ගේ දස්කම් කලකදී වියැකී ගිය අතර කෙටි පන්දු හමුවේ දක්වන දුර්වල කී‍්‍රඩා විලාසය නිසා හියුස්ට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් ලබාගැනීමට නොහැකි වූ හෙයින් වරින් වර කණ්ඩායමට පැමිණීමටත්, කණ්ඩායමෙන් ඉවතට විසිවීමටත් සිදුවිය.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.