Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පරාජිතයා පේ‍්‍රමය ජයගනී

පරාජිතයා පේ‍්‍රමය ජයගනී

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආදරය පිරිනමන්න තැනක් නොතැනක් නොමැත. එය කවදා හෝ කොතැනක දී හෝ තරුණයකු සහ තරුණියක අතර ඇතිවන සුන්දර බැඳීමකි.


රග්බි ලෝක කුෂලාන තරග බිම වුවත්, පාපන්දු කී‍්‍රඩාවේ මහගෙදර ලෙසින් සැලකෙන ලන්ඩනයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේ කියා වුවත් එහි වෙනසක් නැත.


තරුණයා සිටියේ රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අයර්ලන්තය සමග පැවැති මූලික වටයේ තරගයෙන් ලකුණු 44-10ක පරාජයක් ලද රුමේනියානු කණ්ඩායමේය.


තරුණිය ඔහුගේ පේ‍්‍රමය බලාපොරොත්තුවෙන්ම ඊයේ පිටියට පැමිණ සිටියාය. ඇයට රුමේනියාවේ ජය පරාජය වැදගත් වූයේ නැත. ඇය පුල පුලා බලා සිටියේ තරගය කිනම් මොහොතක නිමාවට පත්වේදැයි ඇ`ගිලි ගැන ගනිමිනි. ඔහුත් ඊට දෙවැනි නොවූ නොඉවසිලිවන්ත කමකින් සිත පුරවාගෙන සිටියේය.


පරාජයෙන් දොම්නස් වූ රුමේනියානු කී‍්‍රඩකයෝ අවසන් නලා හ`ඩින් මොහොතකට පසුව පිටිය මැද වළල්ලක ආකාරයෙන් සිටගෙන සිටියහ. අතිරේක කී‍්‍රඩකයකු ලෙස ඊයේ රුමේනියාවට කී‍්‍රඩා කළ ෆ්ලෝරින් සුරුගුයිද එතැන සිටියේය.


සුරුගුයි ටිකෙන් ටික ඉදිරියට පැමිණියේය. ඔහුගේ අත තිබුණේ ඊට පෙර දිනයේ මිළ දී ගත් උපන්දින තිළිණයකි. සිය පෙම්වතිය ඇලෙක්සැන්ඩ‍්‍රාට පිරිනමා සිය ආදරය ප‍්‍රකාශ කිරීමට ඔහු එම තිළිණය තරගය නිමාවනතුරු සුරැුකිව තබාගෙන සිටියේය.


ඒ මොහොතේම රූමත් තරුණියක් සෙමින් සෙමින් ඔහු ඉදිරියට පැමිණියාය. අයර්ලන්තය හමුවේ ලද පරාජයේ වේදනාව අමතක කළ රුමේනියානු පිලේ සගයන්ගේ ඔල්වරසන් හ`ඩ වෙම්බ්ලි කී‍්‍රඩාංගණය සිසාරා පැතිරී යද්දී ඇය ඉදිරියේ දණ ගැසූ සුරුගුයි ඔහු අත තිබූ උපන්දින තෑග්ග ඇය වෙත පිරිනමමින් සිය ආදරය ප‍්‍රකාශ කළේය.


වාසනාවකට මෙන්ම ඇය එක පයින්ම හා කීවාය. සගයන්ගේ ඔල්වරසන් හ`ඩ දෙගුණ තෙගූණ විය. ඊළ`ග ඇසිල්ලේ හාදු වැස්සක් දෙපැත්තටම වැස්සේය. පෙම්වත්තු යුවළ එකිනෙකා සිප වැළඳගෙන සිටියහ.


සුරුගුයි සිය පෙම්වතියට ආදරය ප‍්‍රකාශ කිරීමට අයර්ලන්තය සමග ඊයේ තරගය පැවැති දිනයම තෝරා ගත්තේ ඇගේ උපන්දිනය එදිනට යෙදී තිබූ නිසාය. ඔහු ඒ ගැන කණ්ඩායමේ සෙසු සගයන්ටත්, පුහුණුකරුටත් කළින්ම කියා තිබිණි.


”තරගයේ ජය පරාජය කොහොමවුණත් මම එදාට මගේ ආදරයට ඇයට පිළිගන්වනවා.” ඔහු කලෙක සිට සිත තුල තැන්පත්ව තිබූ සිහිනය ගැන සගයන්ට කීවේ එලෙසය.


”ඒකට කමක් නැද්ද..?” ඔහු සගයන්ගෙන් එසේ ඇසුවේය. ඔවුහු එක`ගවූහ.


”මම නම් කිව්වේ ඒක හරිම පේ‍්‍රමණීය අත්දැකීමක් නිසා ඒක කරන්න එපාය කියලයි. මොකද මට ඒ වගේ සංවේදි දේවල් දරාගන්න බෑ. ඒත් මටත් වඩා ඒක ඇයට දරාගන්න බැරිවේවි කියලත් මම ඔහුට කිව්වා.” රුමේනියානු  පිලේ පුහුණුකරු පසුව කීවේය.


වසර පහක්ම මේ යුවළ එකිනෙකා දැන හැඳින සිටි අතර ඇය ඔහුගේ රග්බි කී‍්‍රඩාවට බෙහෙවින්ම සහය දැක්වුවාය.


”මුලදී ඇය සිතුවේ මේ කී‍්‍රඩාවත් අනිත් හැම කී‍්‍රඩාවක් වගේම එකක් කියලයි. දැන් ඇය දන්නවා මේක අනිත් කී‍්‍රඩාවලට වඩා ගොඩක් වෙනස් එකක් කියලා” සුරුගුයි කීවේය.


ලබන වසරේ සුරුගුයි රග්බි කී‍්‍රඩාවෙන් සමුගත්තාට පසුව දෙදෙනා විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඊයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේ දී අයර්ලන්තය වෙතින් රුමේනියාව ලැබූ පරාජයේ වේදනාව නැවත හෝටලයට යනවිට ඔවුන්ගේ මුහුණෙහි දක්නට ලැබුණේ නැත. ඒ වෙනුවට ඔවුන්ගේ මුහුණු ආදරයේ චමත්කාරජනක හැ`ගීමෙන් මුසපත්වී තිබිණි.

 


අදහස් (0)

පරාජිතයා පේ‍්‍රමය ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.