Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ළඟම අසල්වාසීන් ලෙස යුධ, ස්වභාවික විපත් හා දරුණු වසංගත රෝග ආදී වැළක්විය නොහැකි බාධක හමුවේ පමණක් නොව ආර්ථික අර්බුද හමුවේත් එකට එක්වී ඊට එරෙහිව සටන් වදින නවසීලන්තය සහ ඕස්ටේ‍්‍රිලියාව ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේදී හෙට (31 වැනිදා) පැවැත්වෙන රග්බි ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දෙරටේ සියලූ සම්බන්ධතා පසෙකලා එදිරිවාදීහු වී සිටිති.
දෙපිලෙන් කවුරුන් දිනුවත් ‘වෙබ් එළිස්’ රග්බි කිරුළ තුන්වතාවක් දිනාගත් එකම හා පළමු රට බවට වාර්තාපොතට එක්වන මේ තරගය පැවැත්වෙන්නේ ශී‍්‍ර ලංකා වේලාවෙන් හෙට රාතී‍්‍රයේ 9.30 ටය.
ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලාගේ පසුපෙළ ආරක්ෂක වළල්ල ශක්තිමත් කරන මයිකල් හූපර්ගේ සහ ඬේවිඞ් පොකොක්ගේ අභියෝගයට මුහුණදෙමින් ප‍්‍රතිවාදී සීමා ඉර වෙත ළඟාවීමේ ඕල්බ්ලැක්ස් මෙහෙයුමේ තරම හෙට ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී කාට කාටත් දැකබලා ගත හැකිවනු ඇතැයි ඕල්බ්ලැක්ස් පිලේ නායක රිචී මැකෝ ඊයේ කීවේය.
තම සීමා ඉරට ඔබ්බෙන් පන්දුව තැබීමට දිව එන ඕනෑම ජගතකු අල්ලා බිම පෙරළා ගන්නා හූපර්, පොකොක් සහ ස්කොට් ෆාර්ඩි හෙට තරගයේදී මෙල්ල කිරීමට ඕල්බ්ලැක්ස්ලා දැන් දැන් සිටම සැලසුම් කරමින් සිටිති.
වොලබීස්ලාගේ මේ පසුපෙළ කී‍්‍රඩකයන් තිදෙනා මෙවර තරගමාලාවේ බොහෝ තීරණාත්මක තරගවල දී ඔවුනොවුන්ගේ හයිකාරකම් පැහැදිලිවම පෙන්වා තිබේ.
ඒ අතරින් කැපී පෙනෙන කී‍්‍රඩකයා වන පොකොක් මෙවර තරගමාලාවේ දී මෙතෙක් පන්දුව අතැතිව ඊයක වේගයෙන් ඉදිරියට දිව එන ප‍්‍රතිවාදීන් අවස්ථා 14 කදී බිම පෙරළා දමා ඇති අතර එය නවසීලන්තයේ පසුපෙළ කි‍්‍රඩක කීරන් රීඞ්ට වඩා අවස්ථා 6 කින් වැඩිය.
හූපර්, පොකොක් සහ ෆාර්ඩිට එරෙහිව මැකෝ, රීඞ් සහ ජෙරොම් කයිනෝ සටන හෙට තරගයේ දී දෙපිලේ ඇතිවීම හෝ නැතිවීම තීරණය කෙරෙන බලවත් සාධකයක් වනු ඇතැයි විචාරකයෝ කියති.
වොලබීස්ලාගේ ශක්තිය රඳා පවතින්නේ මේ පසුපෙළ කී‍්‍රඩකයන්ගේ කර මතයි. ඔවුන් ප‍්‍රතිවාදියා මෙල්ල කරන හැම වාරයක්ම ඔවුන්ගේ ඉදිරිපෙළ කී‍්‍රඩකයන්ට ලකුණු අතරට යාමට එය කදිම උත්තේජනයකි.
වසර 2012 දී නවසීලන්ත පිලේ පුහුණුකරු ලෙස ස්ටීව් හැන්සෙන් පත්වීමෙන් පසුව මේ දක්වා නවසීලන්තය සහභාගි වූ තරග 53 කින් 48 ක්ම නවසීලන්තය ජයගෙන සිටී. එවන් ප‍්‍රවීණ පුහුණුකරුවකු වන හැන්සෙන් කියන්නේද පොකොක් සහ හූපර් මත පමණක් නොව ෆාර්ඩි කෙරෙහි ද ලොකු අවධානයක් දැක්විය යුතු බවයි.
”ඒ කොහොම වුණත් මේ කී‍්‍රඩකයන් දෙතුන්දෙනාට වඩා දුෂ්කර තැන්වල දී ඕස්ටේ‍්‍රලියාව ගොඩ දමන වොලබීස්ලා තව ඕන තරම් ඔවුන් අතර සිටිනවා. ඒ නිසා මං හිතන්නේ අපි සමග සටන් කිරීමට තරම් ශක්තිමත් බාහුවලින් යුතු ඒ කී‍්‍රඩකයන් ගැනත් සිතා බැලිය යුතුයි” යයි ස්ටීව් හැන්සෙන් කියයි.
කෙසේවුවත් සිය ගෝලබාලයන් ගැන සෑහෙන්න විශ්වාසයකින් පසුවන හැන්සේන් මෙම තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී කී‍්‍රඩා කළ කණ්ඩායම අවසන් මහා තරගයටද නම් කළේය.
”වෙනසක් කරන්න තරම් අවශ්‍යතාවක් මම දැක්කේ නෑ”
”නායකත්වය මැකෝ දරාවි. මේක එයාගේ හතරවැනි ලෝක කුසලාන තරගමාලාව. ඒ අත්දැකීම් එයාට හෙට ඕනවටත් වැඩියි” හැන්සෙන් කීවේය.
වසර 2011 දී වෙබ් එලිස් කුසලානය දක්වා සිය කණ්ඩායම මෙහෙයවූ මැකෝ හෙට තරගයෙන් පසුව කී‍්‍රඩාවෙන් සමුගන්නා බව මුලදී කියා සිටියත් දැන් කියන්නේ හෙට තරගය නිමාවනතුරු කී‍්‍රඩාවෙන් සමුගන්නවාද නැතිද යන තීරණය කල් දමන බවය. එහෙත් මේ 34 හැවිරිදි කී‍්‍රඩකයා හෙට තරගයේදී ඔහුගේ හංස ගීතය ගයනු ඇතැයි කණ්ඩායමේ කළමනාකාරීත්වත් තහවුරු කර තිබිණි.
”තීරණය තියෙන්නේ මගේ අතේ”
”මම හෙට තරගයෙන් පස්සේ ගෙදර ගියාම ඒක කියන්නම්” රග්බි ටෙස්ට් තරග 147 කට කී‍්‍රඩා කරමින් ලෝක වාර්තාවක් තැබූ මැකෝ එසේ කීවේය.
මීට පෙර අවස්ථා තුනකදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා දෙවතාවක්ම වෙබ් එලිස් කුසලානය දිනා සිටියත් වසර 28 ක් පැරැුණි මේ රග්බි සැණකෙළියේ අවසන් මහා තරගයක මේ අසල්වාසීන් සටන් කරන්නේ පළමු වරටය.
ඉදිරිපෙළ කී‍්‍රඩකයන්ගේ ආක‍්‍රමණශීලීභාවයෙන් ප‍්‍රතිවාදීන් දැඩි වෙහෙසට පත් කරවා ලකුණු රැුස් කිරීමේ උපායශීලී කී‍්‍රඩා රටාවක නිරතවන වොලබීස්ලා සිය ස්ක‍්‍රම් පොදියේ දුර්වලතා මග හරවා ගනිමින් අවසන් මහා තරගය සඳහා ඉදිරිපෙළ ප්‍රොප් කී‍්‍රඩක ස්කොට් සියෝ කැඳවා තිබේ. දිගු කාලයක් වැලමිටේ ආබාධයකට ලක්ව විවේකගත් සියෝ ස්ක‍්‍රම් පොදියට කියාපු ජාතියේ කී‍්‍රඩකයකු බව පුහුණුකරු මයිකල් චීකා කියයි.
”ස්ක‍්‍රම් පොදියේ ඔය කියන විදිහේ ලොකු දුර්වලතා තිබුණේ නෑ. ඒත් සියෝගේ අඩුපාඩුව නම් තදින්ම දැනුණා”
”දැන් සියෝ ඉන්න නිසා හෙට තරගයේ දී ඒ අඩුපාඩුවත් ඉවරයි” යයි මයිකල් චීකා කියයි.
හෙට තරගයේ දී වැඩි වාසිය ඕල්බ්ලැක්ස්ලා අත තිබුණත් කුසලානයට අත තැබීමට නම් වොලබීස්ලා සමග සෑහෙන සටනක් දීමට සිදුවනු ඇතැයි එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේ හිටපු පුහුණුකරු ඇන්ඩි රොබින්සන් කීවේය.
නවසීලන්තය කෙසේ වෙතත් ඕස්ටේ‍්‍රලියාව අවසන් මහා තරගය දක්වා පැමිණි ගමන්මග දිහා බැලූවොත් එය අතිවිශිෂ්ට එකක් බව රොබින්සන්ගේ අදහසය.
” ඕල්බ්ලැක්ස්ලා පරාජය කිරිම ලෙහෙසි නෑ තමයි,
”ඒත් මං හිතන්නේ වොලබීස්ලා වෙනදාට වඩා දෙයක් කරලා හෙට කුසලානය අතට ගනීවි කියලයි. කොහොමවුණත් තරගය තියුණුයි. මට හෙට වෙනකල් ඉවසිල්ලක් නෑ” යයි රොබින්සන් කියයි.
රොබින්සන් පමණක් නොව ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කී‍්‍රඩාලෝලීන් ද එසේ කියති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.