Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පළමු එක්දින තරගයේ ජය බංගලාදේශයට

පළමු එක්දින තරගයේ ජය බංගලාදේශයට

සංජය එරමුදුගොඩ - 2014 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (21 වැනිදා) චිතගොන්හි සහූර් හමීඞ් චෞද්‍රි කී‍්‍රඩාංගණයෙදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 87 ක ජයක් අත්කර ගැනීමට බංගලාදේශ පිල සමත්විය. 

ජයග‍්‍රහණය සඳහා ලකුණු 282 ක ඉලක්කයක් හඹාගිය සිම්බාබ්වේ පිලට  ඕවර 42.1 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 194 ක් පමණි. 

සිම්බාබ්වේ පිලේ වැඩිම ලකණු ලාභියා බවට පත්වූ නායක බ්‍රෙන්ඩන් ටේලර් පන්දු 72 කදී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශකීබ් අල් හසන් ලකුණු 41 කට කඩුලූ 4 ක් දවාගනිමින් සිම්බාබ්වේ පිලට දැඩි පීඩනයක් එල්ල කළේය. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල නියමිත  ඕවර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 281 ක් ලබාගත්තේය. 

එහිදී බංගලාදේශ ඉනිමේ නැංගුරම බවට පත් වූ ශකීබ් අල් හසන්, සිය එක්දින කි‍්‍රකට් දිවියේ 6 වැනි ශතකය (101) වාර්තා කිරීමට සමත්විය. පන්දු 99 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය. 

බංගලාදේශ පිලේ 5 වැනි කඩුල්ල සඳහා නායක මුෂ්ෆිකුර් රහීම් (65) සමග එක්ව පන්දු 142 කදී ලකුණු 148 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ශකීබ් සමත්විය.

ඉනිමේ අවසන් පන්දු කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරතවූ සබීර් රෙහෙමාන්, පන්දු 25 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 44 ක් රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

සිම්බාබ්වේ පිලේ සාර්ථකම පන්දු යවන්නා වූ ටිනාෂේ පන්යන්ගාරා ලකුණු 66 කට කඩුලූ 3 ක් බිඳහෙළීමට සමත් විය. 

බංගලාදේශ පිල -  ඕවර 50 කදී කඩුලූ 7 ක් දැවී 281
(මොමිනුල් හක් 31, ශකීබ් අල් හසන් 101, මුෂ්ෆිකුර් රහීම් 65, සබීර් රෙහෙමාන් නොදැවී 44, ටිනාෂේ පන්යන්ගාරා 66/3, ටෙන්ඩායි චටාරා 48/2)

සිම්බාබ්වේ පිල -  ඕවර 42.1 කදී සියලූ දෙනා දැවී 194
(හැමිල්ටන් මසකඞ්සා 42, සිකන්දර් රාසා 15, බ්‍රෙන්ඩන් ටේලර් 54, එල්ටන් චිගම්බූරා 15, ශකීබ් අල් හසන් 41/4, මෂ්රෆී මොටාසා 33/2, මහමදුල්ලා 40/2)

-036


අදහස් (0)

පළමු එක්දින තරගයේ ජය බංගලාදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.