Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර අද (9 වැනිදා) ඇඩිලේඞ්හිදී ආරම්භ වීමට නියමිත පළමු ටෙසට් කි‍්‍රකට් තරගයේදී ඉන්දීය පිල මෙහෙයවීමේ වගකීම විරාත් කෝලිට හිමිවී තිබේ. මෙය ඔහු ටෙස්ට් තරගයක නායකත්වය දරන පළමු අවස්ථාවයි.
ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි, ඔහුගේ මහපටගිල්ලේ ඇතිවී තිබෙන ආබාධ තත්ත්වයෙන් තවමත් පූර්ණ සුවය ලබා නොතිබීම නිසා මෙම තරගයට සහභාගී නොවේ. ඒ හේතුවෙන් කෝලිට මෙම තරගයේදී ඉන්දීය පිල මෙහෙයවීමට අවස්ථාව හිමිවී තිබේ.
දෝනිගෙන් හිස්වන ඉන්දීය පිලේ කඩුලූ රකින්නාගේ ස්ථානයට ආදේශක කඩුලූ රකින්නකු ලෙස රිධිමන් සාහා කැඳවීමට එරට තේරීම් කමිටුව තීරණය කර ඇත.
ඉන්දීය පිල අවසන් වරට ඕස්ට්‍්‍රලියාවේ සංචාරයක නිරත වූ අවස්ථාවේ (2012 වසරේ), ඕසටේ‍්‍රලියාවට එරෙහිව ඇඩිලේඞ්හි පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී තම මංගල ටෙස්ට් ශතකය (ලකුණු 116) රැස්කිරීමට කෝලි සමත් විය. ඒ අනුව අද දිනයේදී කෝලි, තම මංගල ටෙස්ට් ශතකය ලබාගත් කී‍්‍රඩාංගණයේදීම තමන් නායකත්වය දරණ පළමු ටෙස්ට් තරගයටද කී‍්‍රඩා කරණු ඇත.
මේ වන විට ටෙස්ට් තරග 29 කට කී‍්‍රඩා කර ඇති කෝලි, එහිදී ඉනිම් 51 ක් තුළ ලකුණු 1855 ක් රැස්කරගෙන තිබේ. ඊට ශතක 6 ක් සහ අර්ධ ශතක 9 ක් ඇතුළත් වන අතර ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 39.46 ක අගයක් ගනී.
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.