Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගැනීමට පාකිස්තානය සමත් විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 140 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන පිල ඕවර 19.1 ක් අවසනායේ කඩුලූ 3 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
පාකිස්තාන ටෙස්ට් පිලේ නිත්‍ය කඩුලූ රකින්නා වන සෆ්රාස් අහමඞ්, මෙම තරගයේදී ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.
පන්දු 64 කදී වාර්තා වූ ඔහුගේ අර්ධ ශතකයට (නොදැවී 76) හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.
කාසියේ වාසිය දිනූ පාකිස්තාන පිලේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිලට නියමිත ඕවර 20 අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 135 ක් පමණි.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් විස්සයි20 තරගය අද (5 වැනිදා) ඩුබායි කී‍්‍රඩාංගණයේදීම පැවැත්වේ.
නවසීලන්තය - ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී 135
(මාටින් ගප්ටිල් 32, කෝරි ඇන්ඩසන් 48, ලූක් රොන්චි 33, සොහේල් තන්වීර් 24/2, මොහොමඞ් ඉර්ෆාන් 27/2)
පාකිස්තානය - ඕවර 19.1 කදී කඩුලූ 3 ක් දැවී 140
(සෆ්රාස් අහමඞ් නොදැවී 76, අවයිස් සියා 20, උමාර් අක්මාල් 27)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.