Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පාකිස්තානය කඩුලූ 3 කින් නවසීලන්තය පරදවයි

පාකිස්තානය කඩුලූ 3 කින් නවසීලන්තය පරදවයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (08) පැවැති පළමු තරගයෙන් පාකිස්තානු ක‍්‍රීඩකයෝ කඩුලූ 3 කින් ජය ලැබූහ.

පාකිස්තානු පිල ලකුණු 247 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49.3 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කළේය.

සහිඞ් අෆ්රිඩි ජයග‍්‍රහණයේ ප‍්‍රධාන කොටස්කරුවා බවට පත්වෙමින් පන්දු 51 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 61 ක් රැස්කරමින් නවසීලන්තයෙන් ජයග‍්‍රහණය හරවා ගැනීමට සමත් විය.

මැද පෙළ පිතිකරු හාරිස් සොහයිබ් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් පන්දු 109 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 85 ක් රැස් කළේය.

වමත් පිතිකරු 25 හැවිරිදි හාරිස්ගේ පළමු එක්දින අර්ධ ශතකය මෙය වන අතර ඔහු තරගයේ වීරයා ලෙස ද සම්මාන හිමිකර ගත්තේය.   

නවසීලන්ත හිටපු නායක වමතින් පා දග පන්දු යවන ඩැනියල් විටෝරි ලකුණු 40 කට කඩුලූ 2 ක් දවා ගත්තේය.

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පන්දු යැවීම තහනම් කර තිබෙන ආරම්භක පිතිකරු ලෙස ක‍්‍රීඩා කරන මොහොමඞ් හෆීෂ් ලකුණු 6 කට දැවී ගියේය.   

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් රෝස් ටේලර් පන්දු 135 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 105 ක් රැස් කිරීමට සමත් විය.

මෙම ශතකය 30 හැවිරිදි රෝස් ටේලර්ගේ 11 වැනි එක්දින ශතකයි.

නවසීලන්ත පිල  ඕවර 50 යේදී කඩුලූ 7 ට 246
(ඇන්ටන් ඩෙව්චිච් 26, රෝස් ටේලර් නොදැවී 105, ලූක් රොන්චි 23, ඩැනියල් විටෝරි 27, නේතන් මැකලම් නොදැවී 13, මොහොමඞ් ඉර්ෆාන් 57/3, වහබ් රියාෂ් 51/2)

පාකිස්තානු පිල  ඕවර 49.3 කදී කඩුලූ 7 ට 250
(අහ්මඞ් ශෙෂාඞ් 28, හාරිස් සොහයිබ් නොදැවී 85, සහිඞ් අෆ්රිඩි 61, ඩැනියල් විටෝරි 40/2, ජේම්ස් නිෂාම් 62/2)


048


අදහස් (0)

පාකිස්තානය කඩුලූ 3 කින් නවසීලන්තය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.