Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පාපන්දුව මුදලට යටවෙන්න දෙන්න එපා - පාප්වහන්සේ

පාපන්දුව මුදලට යටවෙන්න දෙන්න එපා - පාප්වහන්සේ

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

පාපන්දු පිටියට ගලාඑන අති විශාල මුදල් කන්දරාවට කී‍්‍රඩාවේ සැබෑ වටිනාකම් යටවීයා නොදී වළක්වාගන්නයි ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානුවේදී පැවසූහ. කී‍්‍රඩාවේ ‘සැබෑ අභිමානය’ රැකගන්නා ලෙසත් මුදල් නිසා ‘දුෂණ ඇතිවීමට තිබෙන්නාවූ අවදානමෙන්’ පාපන්දු කී‍්‍රඩාව බේරාගන්නා ලෙසත් උන්වහන්සේ පවසා සිටියහ.

”රූපවාහිනිය, දැන්වීම් සහ වෙනත් දේවල් නිසා පාපන්දු කී‍්‍රඩාව අද විශාල ව්‍යාපාරයක් වෙලා. ඒත් කී‍්‍රඩාවේ වටිනාකම් අභිබවා ආර්ථිකමය සාධක ඉස්මතුවෙන්න දෙන්න නරකයි”

”මාත් කුඩා දරුවකුව සිටි කාලයේ බොහෝ අවස්ථාවන්හිදී පාපන්දු සෙල්ලම් කරන්න ඉරිදා දිනවල පිට්ටනියට ගියා. මට ඒ ගැන ඉතාමත් සුන්දර මතක සටහන් තිබෙනවා”

”පාපන්දු කී‍්‍රඩාවක් වශයෙන් ඊට හිමි නිසි ගෞරවය නැවතත් ලබාගනු ඇතැයි මගේ බලාපොරොත්තුවයි” යයිද ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ පැවසූහ.

ඉතාලියේ කී‍්‍රඩා සමාජ අතර පැවැත්වෙන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ නාපොලි සහ ෆියොරින්ටිනා කණ්ඩායම් වතිකානුවේදී හමුවූ අවස්ථාවේ ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේ මෙසේ පැවසූහ.

සමාජයීය වශයෙන් පාපන්දු කී‍්‍රඩකයන්ට අති විශාල වගකීමක් තිබෙන බවස පැවසූ උන්වහන්සේ ”කුඩා දරුවන් ඔබලා දෙස බලා සිටිනවා. ඒ නිසා ඔබලාගේ හැසිරීම ඉතාමත් වැදගත්... හොඳට හෝ නරකට ඔබලාගේ හැසිරීම ඔවුන්ගේ සිත් තුළ දෝංකාර දෙනවා” යයිද පැවසූහ.


අදහස් (1)

පාපන්දුව මුදලට යටවෙන්න දෙන්න එපා - පාප්වහන්සේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.