Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සිවුදෙනෙක් සහ ක‍්‍රීඩිකාවක් පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාගත්හ. ලබන සැප්තැම්බර් මස බ‍්‍රසීලයේදී රියෝ පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතය.
අනිල් ප‍්‍රසන්න ජයලත් මීටර 200 පිරිමි (ටී 42) සහ දුර පැනීම පිරිමි (ටී42/44) යන ඉසව් දෙකින්ම පැරාලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්මවා යමින් දස්කම් දැක්වීය.
අනිල්, ආසියානු තරග වාර්තාවක් පිහිටුවමින්, මීටර 200 පිරිමි ඉසව්ව (ටී 42) රන් පදක්කම දිනාගත්තේ තත්පර 25.11 ක කාලයක් ලබමිනි. එම ඉසව්වේ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 28.50 කි. දුර පැනීම (ටී42/44) ඉසව්වේදී මීටර 5.37 ක දුරක් පනිමින් රිදී පදක්කම දිනාගත් අනිල්, මීටර 4.90 ක් අවශ්‍ය පැරලිම්පික් පරිසාධක මට්ටම ද අභිබවා ගියේය.
අජිත් හෙට්ටිආරච්චි, මීටර 400 (ටී 44) ඉසව්ව තත්පර 56.46 ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කම දිනාගත් අතර ඔහුද පැරලිම්පික් පරිසාධන මට්ටම (57.00) ලබා සිටියි. අජිත්, මීටර 200 (ටී 44) ඉසව්වෙන් තත්පර 25.06 ක කාලයක් ලබා එම ඉසව්වෙන් ද පැරලිම්පික් පරිසාධන මට්ටම 25.08 ලබා තිබීම කැපී පෙනේ.
හෙල්ල විසි කිරීම (එෆ් 46) ඉසව්වේදී ගාමිණී කැටවල (මීටර 44.71) රිදී පදක්කමක් දිනා ඇත්තේ මීටර 44.00 ක් අවශ්‍ය වන පැරලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවාලමිනි.
අනිල් ප‍්‍රසන්න සහභාගි වු ඉසව් දෙකටම සහභාගි වු බුද්ධික ඉන්ද්‍රපාල එම ඉසව් දෙකෙන්ම පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ලබා ගැනීමට සමත්ව ඇත. බුද්ධික, මීටර 200 පිරිමි ඉසව්ව (ටී 42) තත්පර 27.51 කින් ද, දුර පැනීම (ටී42/44) ඉසව්ව මීටර 5.08 ක ද දස්කමක් දක්වමින් පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීය.
තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගි වු එකම ක‍්‍රීඩිකාව වන අමරා ඉන්දුමතී පල්ලියගුරුගේ දුර පැනීම කාන්තා ඉසව්වෙන් (ටී20/47) පැරලිම්පික් වරම් හිමිකර ගත්තාය. ඇය මීටර 4.70 ක දස්කමක් දැක්වමින් රිදී පදක්කම දිනාගත් අතර එම ඉසව්වෙන් පැරලිම්පික් වරම් හිමිකර ගැනීමට අවශ්‍ය පරිසාධන මට්ටම වුයේ ද මීටර 4.70 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.