Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංබොක්ස්ලාගේ නැගීම හා වැටීම එරට නැගී එන යොවුන් කී‍්‍රඩකයන්ට කදිම පන්නරයක් වනු ඇතැයි ෆ්ලයි හාෆ් කී‍්‍රඩක හෙන්රි පොලාර්ඩ් විශ්වාස කරයි.
මෙවර ලෝක කුසලාන තරගමාලාවේ ආරම්භයේ දීම ජපානය වෙතින් ලද පරාජය තරම් වෙනත් නස්පැත්තියක් ස්පි‍්‍රංග්බොක්ස්ලා මීට පෙර අත්විඳ නැත.
”හැමදෙයක්ම සිද්ධවුණේ ජපානයට පැරදුණාට පස්සෙයි. එදා ඉඳලා අපි හිටියේ පීඩනයකින්” ඒ අමිහිරි මතකය සිහිගන්වමින් පොලාර්ඞ් කීවේය.
එදා තරගයේ දී ස්පි‍්‍රංබොක්ස්ලා ජපානය හමුවේ පරාජයට පත්වූයේ ලකුණු 34-32 කිනි. එය දකුණු අපි‍්‍රකාවේ සමස්ත ජාතියම ලජ්ජාවට පත්වූ පරාජයකි. එහෙත් ඉන් අනතුරුව තවත් තරග 3 කින් ජයගත් ස්පි‍්‍රංබොක්ස්ලා අර්ධ අවසන් පූර්ව වටයටත්, අනතුරුව අවසන් පූර්ව වටයටත් සේන්දුවූවද නවසීලන්තය හමුවේ ලකුණු 20-18 ක පරාජයක් ලබා අවසන් පූර්ව වටයයේදී ඉවතට ගිියේය. ඒ කෙසේ වෙතත් ලෝකයේ හොඳම කණ්ඩායම් හතර අතර දකුණු අපි‍්‍රකානුවෝ සිටිති.
දකුණු අපි‍්‍රකාවේ නූතන පරපුරේ රග්බි කී‍්‍රඩකයන් අතර කැපී පෙනෙන කී‍්‍රඩකයකු වන 21 හැවිරිදි හෙන්රි පොලාර්ඞ් සිය පරපුරේ සෙන්ටර් කී‍්‍රඩක ජෙසී කි‍්‍රල් සහ ඬේමියන් ඩි අලෙන්ඩි මෙන්ම ලොක් කී‍්‍රඩකයන් වන ලොඩොවික් ඩි ජේගර් සහ එබින් එට්සබෙත් සමග මෙවර තරගමාලාවේ විශිෂ්ඨ දස්කම් පෑවේය.
”අපි තවම අපේ රග්බි කී‍්‍රඩා දිවිය පටන්ගත්තා විතරයි”
”ඒත් අපේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් කියන්නේ ඔවුන්ගේ මුලු ජීවිත කාලය පුරාම ජපානය හමුවේ ලැබූ පරාජය තරම් කටුක අත්දැකිමක් තවත් නොමැති බවයි. ඒ කතාව අපිට කියාදුන්නේ ඒ කටුක අත්දැකීමෙන් ඉගෙන ගන්න කියායි” පොලාර්ඞ් පැවසීය.
”මූලිකවම, ඒ පරාජය අපේ අයගේ මානසිකත්වයට දැඩි බලපෑමක් එල්ල කළා. ඒ සතිය ගෙවෙනතුරු අපි හිටියේ හරියට ශෝක කාලයක් ගත කරමින් සිටිනවා වාගෙයි”
දකුණු අපි‍්‍රකානු පිලේ අපි නොදන්නා අත්දැකීමක් පොලාර්ඞ් විස්තර කළේ එලෙසයි.
වර්ෂාවත්, නවසීලන්ත කී‍්‍රඩකයන්ගේ දැඩි පීඩනයත් මැද පැවැති අවසන් පූර්ව තරගයේ දී දකුණු අපි‍්‍රකාව රැස් කළ ලකුණු 18 න් 15 ක්ම ලබාදුන්නේ පොලාර්ඞ් ගැසූ දඬුවම් පහර 5 කිනි.
”කොහොමවුණත් ඔවුන්ට (නවසීලන්තයට) මගේ ආචාරය පිරි නමනවා. ඔවුන් එදා කී‍්‍රඩා කළේ ඉතා උසස් අන්දමිනුයි”
”අපි වගේ රග්බි කී‍්‍රඩාව පටන් ගත්තු ගමන් ඉන්න තරුණ කී‍්‍රඩකයන්ට ඒක ඉදිරියේදී වඩාත් ශක්තිමත්ව නැගී සිටින්න ලොකු හයියක්.” යයිද පොලාර්ඞ් පැවසීය.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.