Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ප‍්‍රංශය සහ වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තය අතර හෙට (17 වැනිදා) කාඞීෆ්හි මිලෙනියම් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. එංගලන්තයේ වේලාවෙන් රාතී‍්‍ර 8.00 ට ආරම්භ වීමට නියමිත මෙම තරගයේ පළමු නළා හඬ ඇසෙන විට ශී‍්‍ර ලංකාවේ වේලාව ඉරිදා අලූයම 12.30 වනු ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ අවසන් තරගයේදී ප‍්‍රංශ කී‍්‍රඩකයන් අයර්ලන්තය හමුවේ 24-9 ක පරාජයක් අත්කරගත්තත් නවසීලන්තය හෙට තරගයට පිවිසෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි.
නවසීලන්තය හමුවේ කී‍්‍රඩා කළ ටෙස්ට් තරග 55 න් 42 ක්ම ප‍්‍රංශය පරාජය වී ඇති බව සැබෑවකි. එහෙත් 2007 ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයත් 1999 තරගාවලියේ අවසන් පූර්ව තරගයත් ප‍්‍රංශයේ ජයග‍්‍රහණ අතරට වැටෙන්නකි. ඒ දුර්ලභ අවස්ථා දෙකකි.
එවන් ජයග‍්‍රහණයක් අත්කරගැනීමට නම් ප‍්‍රංශයේ රටාවට කී‍්‍රඩා කළ යුතු යයි ප‍්‍රංශ පුහුණුකරු පිලිප් ඇන්ඩි‍්‍ර කියයි.
”අපට මේ තරගය ජයගන්න පුළුවන්....අපි ප‍්‍රංශ කාරයෝ” යයි 1987 දී අවසන් මහ තරගය දක්වා ප‍්‍රංශය කැඳවාගෙන ගිය ෆුල් බෑක් කී‍්‍රඩක සර්ජි බ්ලැන්කෝ කියයි.
සිය ප‍්‍රතිවාදීන්ගේ සුප‍්‍රකට ‘හකා‘ නර්තනය නැවත සිය දෑස් ඉදිරිපිට දකිනතුරු නොඉවසිල්ලෙන් යුතුව බලා සිටින බැව් ප‍්‍රංශයේ ලෙස් බ්ලූස්ලා කියති.
ස්ටීන් හැන්සෙන්ගෙන් පුහුණුව ලැබූ ඕල් බ්ලැක්ස්ලාගේ හකා නර්තනය සිය වාසියට හරවා ගන්නා සැටි තමන් හොඳින්ම දන්නා බවත්, තමන් දැන් ඇගිළි ගනිමින් බලා සිටින්නේ ඒ දිනය උදාවනතුරු බවත් ප‍්‍රංශ කණ්ඩායමේ ඉදිරිපෙළ කී‍්‍රඩකයෝ කියති.
පිලිප් ඇන්ඩි‍්‍රගේ උපදෙස් ලබමින්, ‘ඞී‘ කාණ්ඩයෙන් තරග කළ ප‍්‍රංශ කී‍්‍රඩකයෝ ඕල් බ්ලැක්ස්ලා සමග උරෙනුර ගැටෙන්නට අවස්ථාවක් ලැබීමෙන් උද්දාමයට පත්ව සිටිති.
”ඒක විශිෂ්ට තරගයක් වේවි...හෙට තරගයෙන් පස්සේ කවදාවත් අපට ඔවුන්ව අමතක වෙන එකකුත් නෑ” යයි ප‍්‍රංශයේ ප්‍රොප් කී‍්‍රඩක නිකොලස් මාස් වටින් ගොඩින් කියන්නේ අවසන් හතරට යන්නේ නවසීලන්තය නොව තම කණ්ඩායම බවය.
”හකා නර්තනය එක පැත්තකින් ඔවුන්ව දිරිගන්වන දෙයක් වගේම ප‍්‍රතිවාදීන්ටත් යම් තරමක උත්තේජනයක් ගෙන දෙන දෙයක් තමයි.
”ඇත්ත...” සිය සගයාගේ කතාව අනුමත කරමින් ඉදිරිපෙළ කී‍්‍රඩක බෙන්ජමින් කේසර් එසේ කියයි.
”ඉන් පස්සේ එලැඹෙන මිනිත්තු අසූවක කාලය ගැන තමයි අපි අවධානය යොමු කරන්නේ. කොහොම වුණත් හකා නර්තනය හරියට ඔවුන් අපිට සටනට එන ලෙස කරන ආරාධනයක් බවයි මට නම් හිතෙන්නේ.” යයි කේසර් කියයි.
”විශිෂ්ට තරගයක් කී‍්‍රඩා කරන්න නම් අපි දරද`ඩු විය යුතුයි. තරගය නිමාවනතුරු අපි ඒ විදිහට සටන් කරන්න ලැහැස්තියි කියන එක නම් මට සහතිකයි”
මීට වසර හතරකට පෙර නවසීලන්තයේ ඕක්ලන්ඞ් හී දී දෙපිල අවසන් තරගයට කී‍්‍රඩා කිරීමට පෙර ඕල් බ්ලැක්ස්ලා හකා නර්තනය පටන් ගත්විට ප‍්‍රංශ පිලේ නායක තියරි ඩසවුටොයර්ගේ මෙහෙයවීමෙන් ලෙස් බ්ලූස්ලා ඊතළයක ස්වරූපයක් දිස්වන ආකාරයට පෙළ ගැසී හකා නර්තනයට සිය ප‍්‍රතිචාරය දැක්වූහ.
එම තරගයෙන් නවසීලන්තය ලෝක ශූරයන් බවට පත්වූයේ ලකුණු 8-7 ක තියුණු ජයක් ලබාගනිමිනි.
ඊට පෙර වසර 2007 දී කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී මේ දෙපිල හමුවුණේ එවර අර්ධ අවසන් පූර්ව වටයේදීය. එදා ඕල්බ්ලැක්ස්ලාගේ හකා නර්තනයට ලෙස් බ්ලූස්ලා ප‍්‍රතිචාර දැක්වූයේ රතු, සුදු හා නිල් පැහැති ජර්සිවලින් සැරසී සිය ජාතික ධජය පිළිඹිබු කරමිනි. එදා තරගයෙන් ලකුණු 20-18 කින් ඕල්බ්ලැක්ස්ලා පරදවා අවසන් හතරට ගියේ ලෙස් බ්ලූස්ලාය.
”මේක අපිට විශාල අභියෝගයක්”
” ඕනෑම කී‍්‍රඩකයකුගේ තරග කාලය තුල අමතක නොවෙන තරග කිහිපයයි තියෙන්නේ. හෙට තරගය නිසැකවම අපි කාගෙත් අමතක නොවෙන තරගයක් වේවි. හැම තරගයක්ම තමන්ගේ අන්තිම තරගය කියලා හිතාගෙන සෙල්ලම් කරන්නයි ඕනා” මාස් වැඩිදුරටත් එසේ කීවේය.
අර්ධ අවසන් පූර්ව තරගය සඳහා වෙනස්කම් කිහිපයක් කර ඇති ප‍්‍රංශ කණ්ඩායමට මෝගන් පාරා, ඇලෙක්සැන්ඩර් ඩුමොලින් සහ බර්නාඞ් ලි රූක්ස් එක්කරගැනීමට ඇන්ඩි‍්‍ර සූදානමින් සිටී. ඇන්ඩි‍්‍රගේ අරමුණ මැදපෙළ වේගය වැඩිකිරීමයි.
එහෙත් මේ සියලූ අභියෝගයන්ට මුහුණ දීමට නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සෙන් සූදානමින් සිටී. ඒවාට ඔහු සතුව සැලසුම් තිබේ.
හෙට තරගය සඳහා හැන්සෙන් තෝරාගෙන ඇත්තේ පළපුරුද්දෙන් අගතැන්පත් කී‍්‍රඩක පිරිසකි. වසරේ විශිෂ්ටතම රග්බි කී‍්‍රඩකයන් වූ රිචී මැකෝ, ඩෑන් කාටර්, බෲඩි රිටැලික් සහ කරන් රීඞ් යන සිවුදෙනාත් හැන්සෙන්ගේ පිරිස අතර සිටිති. මෙම තරගය රිචී මැකෝගේ 146 වැනි අන්තර්ජාතික තරගයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.