Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 පිතිකරුවන් අතර ඩිවිලියර්ස් මුල් තැනට

පිතිකරුවන් අතර ඩිවිලියර්ස් මුල් තැනට

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ නවතම යාවත්කාලීන කිරීම අනුව ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ සිටි ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානය දක්වා පහතට වැටී තිබේ. ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රසාද ලකුණු 877 ක් හිමිකර ගමිනින් පිතිකරුවන් අතර සිවුවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටී.

ලෝක ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ පසුගිය වසරේ වැඩිම කඩුලූ ලාභියා වන ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් ප‍්‍රසාද ලකුණු 842 ක් ලබා ටෙස්ට් පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි.  

දකුණු අප‍්‍රිකානු පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස්  ඕස්ටේ‍්‍රලියානු පිලට එරෙහිව මෙල්බර්න් පිටියේදී ලකුණු 92 ක් ලබාගැනීමෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සේචූරියන්හිදී තවත් ලකුණු 152 ක් ලබාගත්තේය. මෙම දස්කම් හේතුවෙන් ප‍්‍රසාද ලකුණු 893 ක් ලබා පළමු ස්ථානය ගැනීමට ඩිවිලියර්ස් සමත් වූ අතර ක‍්‍රයිස්චර්ච් ටෙස්්ට් තරගයේදී අසාර්ථක වීම හේතුවෙන් කුමාර් සංගක්කාර ප‍්‍රසාද ලකුණු 2 ක් පමණක් පසු පසින් සිටියි.  

පසුගිය අගෝස්තු මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන ප‍්‍රසාද ලකුණු 695 ක් ලබා තවමත් පිතිකරුවන් අතර 17 වැනි ස්ථානයේ පසුවෙයි.

දකුණු අප‍්‍රිකානු වේග පන්දු යවන ක‍්‍රීඩක ඬේල් ස්ටේන් ප‍්‍රසාද ලකුණු 906 ක් හිමිකර ගනිමින් පන්දු යවන්නන් අතර පළමු ස්ථානයේ රැදී සිටියි.

 

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම

ස්ථා.  පිතිකරුවා  ප‍්‍රසාද ලකුණු
1 ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව) 893
2 කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) 891
3 හසිම් අම්ලා (දකුණු අප‍්‍රිකාව) 887
4 ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව) 877
5 ස්ටීව් ස්මිත් ( ඕස්ටේ‍්‍රලියාව) 853
6 ශිව්නරින් චන්ද්‍රපෝල් (බ.ඉ.කො.) 848
7 යුනිස් ඛාන් (පාකිස්තානය) 818
8 ඬේවිඞ් වෝනර් ( ඕස්ටේ‍්‍රලියාව) 815
9 ජෝ රූට් (එංගලන්තය) 789
10 මිස්බා උල් හක් (පාකිස්තානය) 777
11 රෝස් ටේලර් (නවසීලන්තය) 772
12 බ්‍රෙන්ඩන් මැකලම් (නවසීලන්තය) 760
13 කේන් විලියම්සන් (නවසීලන්තය) 753
14 මයිකල් ක්ලාක් ( ඕස්ටේ‍්‍රලියාව) 740
15 විරාට් කෝලි (ඉන්දියාව) 737
16 ෆෆ් ඩූ ප්ලීසිස් (දකුණු අප‍්‍රිකාව) 710
17 මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) 695
18 අසාද් ශාෆික් (පාකිස්තානය) 673
19 චෙටෙෂ්වර් පුජාරා (ඉන්දියාව) 654
20 මුරලි විජේ (ඉන්දියාව) 653

 

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම

ස්ථා.  පිතිකරුවා  ප‍්‍රසාද ලකුණු
1 ඬේන් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව) 906
2 රයන් හැරිස් ( ඕස්ටේ‍්‍රලියාව) 851
3 රංගන හේරත් (ශ්‍රී ලංකාව) 842
4 වර්නන් පිලෙන්ඩර් (දකුණු අප‍්‍රිකාව) 822
5 මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව) 812
6 ජේම්ස් ඇන්ඩසන් (එංගලන්තය) 806
7 ටෙ‍්‍රන්ට් බෝල්ට් (නවසීලන්තය)  805
8 ස්ටුවර්ට් බ්‍රෝඞ් (එංගලන්තය) 774
9 ටිම් සවුති (නවසීලන්තය) 767
10 කෙමර් රෝච් (බ.ඉ.කො.) 766
11 මෝනේ මොර්කල් (දකුණු අප‍්‍රිකාව) 730
12 සයිඞ් අජ්මාල් (පාකිස්තානය) 725
13 සකීබ් අල් හසන් (බංග්ලාදේශය) 673
14 ප‍්‍රාග්යන්  ඕජා (ඉන්දියාව) 670
15 රවිචන්ද්‍රකුමාර් අෂ්වින් (ඉන්දියාව) 668
16 පීටර් සිඞ්ල් ( ඕස්ටේ‍්‍රලියාව) 654
17 ජුනයිඞ් ඛාන් (පාකිස්තානය) 620
18 අබ්දූර් රෙහෙමාන් (පාකිස්තානය)  618
19 නේතන් ලයන් ( ඕස්ටේ‍්‍රලියාව) 588
20 ඉෂාන්ත් ශර්මා (ඉන්දියාව) 580

 

 

- 048 


අදහස් (1)

පිතිකරුවන් අතර ඩිවිලියර්ස් මුල් තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.