Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 බංග්ලාදේශ සංචිතයෙන් රසාක් හැළෙයි

බංග්ලාදේශ සංචිතයෙන් රසාක් හැළෙයි

සංජය එරමුදුගොඩ - 2015 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේදී ලබන පෙබරවාරී මස 14 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 15 දෙනකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතයට ප‍්‍රබල පිතිකරුවකු වන නසීර් හොසේන් සහ තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන සෞම්‍යා සාකර් කැදවා සිටිති.

බංග්ලාදේශ තේරීම් කමිටු ප‍්‍රධානී ෆාරුක් අහ්මඞ් මහතා පවසන්නේ කණ්ඩායමේ පිතිහරඹය ශක්තිමත් කිරීමට නසීර් හොසේන් කැදවූ බවත් මද වේග පන්දු යවන සෞම්‍යා සාකර් ඉදිරි පෙළ පිතිකරුවකු ලෙසද යොදා ගැනීමේ හැකියාව ඇති බවත්ය.

තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන 21 හැවිරිදි සෞම්‍යා සාකර් සිම්බාබ්වේට එරෙහිව එක්දින තරගයකට පමණක් ක‍්‍රීඩා කර තිබේ.  බංග්ලාදේශ වැඩි කඩුලූ ලාභියා වන පා දඟ පන්දු යවන අබ්දුර් රසාක් ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබීම කැපී පෙනේ. අබ්දුර් රසාක් එක්දින තරග 153 කදී කඩුලූ 207 ක් දවාගෙන තිබේ.

බංග්ලාදේශය ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කරන අතර එම කාණ්ඩයේ නසීලන්තය,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය, ශ්‍රී ලංකාව, අෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය ඇතුළත්ව සිටියි.


බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතය:
මෂ්රාෆි මොර්ටාෂා (නායක), සකීබ් අල් හසන් (උප නායක), ටමීම් ඉක්බාල්, එනමුල් හක්, මොමිනුල් හක්, මුෂ්ෆිකුර් රහීම්, මහමුදුල්ලා, නසීර් හොසේන්, සබීර් රහමන්, සෞම්‍යා සාකර්, රුබෙල් හොසේන්, ටස්කින් අහ්මඞ්, අල් අමීන් හොසේන්, තයිජුල් ස්ලාම් සහ අර්ෆත් සනී

 

- 048


අදහස් (0)

බංග්ලාදේශ සංචිතයෙන් රසාක් හැළෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.