Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලයේ දැන් පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ අද (12) පැවැති මීටර 50 රයිෆල් ඉසව්වේ (බිම දිගාවී) සුදුසුකම් ලැබීමේ වටයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක මංගල සමරකෝන් 47 වැනි ස්ථානයට පත්විය.
ලකුණු 601.8 ක් ලැබු මංගල, මෙම ඉසව්වෙන් ද අවසන් තරගකරුවා වෙමින් රියෝ ඔලිම්පික් තරග බිමට සමු දුන්නේය.
මෙම ඉසව්වෙන් තරගකරුවන් අට දෙනෙක් අවසන් වටයට සුදුසුකම් ලැබුහ. රුසියාවේ සර්ජි කමෙන්ස්කයි (ලකුණු 629) නව ඔලිම්පික් වර්තාවක් ද පිහිටුවමින් තරගකරුවන් 47 දෙනාගෙන් පළමු ස්ථානය ලැබීය.
2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වු මංගල, එහිදී මෙම ඉසව්වෙන් ලකුණු 585 ක් ලබා පත් වුයේද 47 වැනි ස්ථානයටයි. ඒ තරගකරුවන් 50 දෙනකු ගෙනි.
මෙවර රියෝ ඔලිම්පික් උළෙලේ මීටර 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වට ද සහභාගි වු 35 හැවිරිදි මංගල, ලකුණු 589.6 ක් ලබා 50 වැනි ස්ථානයට පත්විය. එහිදී ඔහු ලැබුවේ අවසන් ස්ථානයයි.
- 090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.