Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මංගල 50 වැනි ස්ථානයේ

මංගල 50 වැනි ස්ථානයේ

රොෂාන් ගුණරත්න - 2016 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මංගල සමරකෝන් ලකුණු 589.6 ක් ලබා 50 වැනි ස්ථානයට පත්විය.


 ඊයේ (8 වැනිදා) පැවැති මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ඉතාලියේ නිකොලා කැම්ප්‍රියානි (ලකුණු 630.2) විසිනි. මංගල 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගිවිය. ඔහු ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේදී ලකුණු 583 ක් ලබා 45 වැනියා විය.


මේ වන විට 35 හැවිරිදි මංගල, රියෝ ඔලිම්පික් උළෙලේදී වෙඩි තැබීමේ ඉසව් දෙකකට සහභාගිවන අතර ඔහු සහභාගිවන මීටර 50 රයිෆල් (බිම දිගාවී) ඉසව්ව මේ මස 12 වැනිදා පැවැත්වීමට නියමිතය.


-090

 


අදහස් (0)

මංගල 50 වැනි ස්ථානයේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.