Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රංශයේ පැරිස් නුවර රෝලන්ඞ් ගැරෝස් ටෙනිස් පිටිය හරහා ඊයේ හමාගිය දැඩි කුණාටුවක් හේතුවෙන් බි‍්‍රතාන්‍යයේ ඇන්ඩි මරේ හා සර්බියාවේ නොවැක් ඩිජොකෝවික්ගේ අවසන් පූර්ව තරගය අතරමග දී නතර කිරීමට සිදුවිය. ඒ වෙද්දී ඇන්ඩි මරේ ලකුණු 3-6 ක්, 3-6 ක්, 7-5 ක් සහ 3-3 ක් ලෙස පසුබෑමකට ලක්වි සිටියේය.
ඒ අනුව තරගය නතරකළ තැන සිටි අද පටන් ගැනීමට නියමිතය. එය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (6) පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතව තිබිණ.
දෙදෙනා අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගය ආරම්භ කිරීමට වැඩි කාලයක් ගතවූයේ පළමු අවසන් පූර්ව තරගය පැය 4 ක් පුරා ඇදී ගිය නිසාය.
ස්විට්සර්ලන්තයේ ස්ටෑන් වර්වින්කා සහ ප‍්‍රංශයේ විල්ෆ‍්‍රඞ් සොන්ගා අතර පැවැති එම අවසන් පූර්ව තරගය ඉතා උණුසුම් එකක් වූ බැවින් එය පැය 4 ක කාලයකට දිග්ගැස්සිණි.
ඒ වෙද්දී ඉහළ අහසේ අකුණු කුණාටුවක පෙර නිමිති පහළ වී තිබිණි. ඩිජොකෝවික් සහ මරේ අතර සිවුවැනි වටය 3-3 ක් ලෙස සම තත්ත්වයේ පැවැතෙද්දී තරගය නැවැත්වීමට තරම් එ්වා දරුණු ස්වරූපයක් ගෙන තිබිණි.
ඊයේ තරගයේ දී ඩිජොකෝවික් ක‍්‍රීඩා කළ ආකාරයේ හැටියට ඔහු හැම අතින්ම මෙවර ප‍්‍රංශ විවෘත ටෙනිස් ශූරයා වීමේ වාසනාවන්තයා බවට පත්වෙමින් සිටී. මේ 28 හැවිරිදි සර්බියානුවා අද සිය බලාපොරොත්තුව ඉටුකරගනු ඇතැයි රෝලන්ඞ් ගැරෝස් ක‍්‍රීඩාලෝලීහු අනාවැකි පළකරති.
මෙවර තරගාවලියේ පිරිමි අවසන් මහා තරගය හෙට (7) පැවැත්වීමට නියමිත අතර දැනටමත් ස්විට්සර්ලන්තයේ වර්වින්කා අවසන් තරගයට සුදුසුකම් ලබා සිටී. ඔහු අවසන් තරගයට එක්වූයේ ප‍්‍රංශයේ ප‍්‍රබල ක‍්‍රීඩක විල්ෆ‍්‍රඞ් සොන්ගා සිය භූමියේ දීම ලකුණු 6-3 ක්, 6-7 ක්, 7-6 ක් සහ 6-4 ක් ලෙස පරාජයට පත් කරමිනි.
පසුගිය වසරේ ඔස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් කිරුළ ජය ගත් 30 හැවිරිදි වර්වින්කාගේ දැන් අදිටන වී ඇත්තේ කෙසේ හෝ සිය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ජය මල්ලට දෙවැනි කිරුළත් එකතු කරගැනීමය. ඊයේ තරගයේ දී ඔහු අතින් පරාජයට පත්වූ සොන්ගා තරගයෙන් පසුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ තරගය ජයගෙන අවසන් මහා තරගයට එක්වීමේ කදිම අවස්ථාවක් තමා වෙතින් ම`ගහැරුණු බවය.
සිදුනොවිය යුතු වැරැදි ගණනාවක් නිසා තරගයෙන් පරාජයට පත්වූ බව ඔහු පැවැසීය. 1983 වසරේ දී යැනික් නෝහාගෙන් පසුව මෙතෙක් කිසිදු ප‍්‍රංශ ජාතික ක‍්‍රීඩකයකුට ප‍්‍රංශ විවෘත ටෙනිස් කිරුළ ජයගැනීමට නොහැකිවී ඇත. ඒ අවස්ථාව සොන්ගා වෙතින් ම`ගහැරුණේ අන්තිම මොහොතේදීය. සිය භූමියේ හා ක‍්‍රීඩාලෝලීන්ගේ වාසියෙන් ඔහුට පිහිටක් ලැබුණේ නැත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.