Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ පළමු ස්ථානය මේ වන විටත් තහවුරු කරගෙන සිටින මහනුවර ක‍්‍රීඩා සමාජය පිල සහ තෙවැනි ස්ථානයේ රැදී සිටින නාවික හමුදා පිල අතර තරගය නිත්තවෙල රග්බි පිටියේදී හෙට (10 වැනිදා) පස්වරු 4.00 ට පැවැත්වේ.
හත්වැනි සහ අවසන් සතිය යටතේ තවත් තරග දෙකක් රත්මලානේදී සහ දියගමදී අද (09) පැවැත්වීමට නියමිතය. සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ හැව්ලෝක්ස් පිල අතර තරගය ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබුණි.
ෆාසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රබල මහනුවර පිල මේ දක්වා සහභාගි වූ තරග හයම ජය ලබමින් අපරාජිතව ප‍්‍රසාද ලකුණු 34 ක් ලබා සිටියි. මහනුවර පිල මෙම තරගයත් ජය ලබා ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව තව දුරටත් ඉහළට දමා ගනිමින් දෙවැනි වටයට පිවිසීමට සූදානමින් සිටියි.
ජාතික කණ්ඩායමේ වේගවත් ක‍්‍රීඩකයන් වන නායක ෆසිල් මරීජා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්ත, විශ්වමිත‍්‍ර ජයසිංහ, ලවන්ග පෙරේරා සහ රොෂාන් වීරරත්න යන ක‍්‍රීඩකයෝ මහනුවර පිල ඔසවා තැබීමට සූදානමින් සිටිති.
නාවික හමුදා පිල ද මෙවර තරගාවලියේ තරග හයෙන් තරග හතරක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 25 ක් ලබා සිටීම නිසා මහනුවර ජවයට අභියෝග කිරීමේ හැකියාවෙන් පසු වන බව ද අමතක නොකළ යුතුය.
හැව්ලොක්ස් පිල තරග හයේදී මහනුවර පිල හමුවේ පමණක් පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 27 ක් ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු විය.
කොළඹ ප‍්‍රධානතම රග්බි සමාජයක් වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහභාගි වූ තරග හයම පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණක් පමණක් ලබා අටවැනි ස්ථානයේ පසු වෙයි.
මෙම සති අන්තයේ පැවැත්වෙන තරග (පස්වරු 4.00)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.