Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 මහානාම - ලලිත් ඇතුළත්මුදලි අවසන් තරගය 13 දා

මහානාම - ලලිත් ඇතුළත්මුදලි අවසන් තරගය 13 දා

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සහ නෙස්ලේ ලංකා සමාගම (මයිලෝ) එක්ව සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති කුසලාන’ පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියට සමගාමීව පැවැත්වෙන ‘අගමැති කුසලාන’ තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ මහානාම විදුහල සහ ගල්කිස්ස ලලිත් ඇතුළත්මුදලි විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී 13 වැනිදා පස්වරු 4.30 ට පැවැත්වේ.

මෙයට සමගාමීව පැවැත්වෙන ‘සභාපති කුසලාන’ තරගාවලියේ අවසන් මහ තරගයෙ බොරැල්ල කේරී විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී 13 වැනිදා පස්වරු 2.45 ට පැවැත්වීමට නියමිතය.

‘අගමැති කුසලාන’ තරගාවලියේ අවසන් පූර්ව තරගවලදී මහානාම විදුහල විසින් කොළඹ ආනන්ද විදුහල ද, ලලිත් ඇතුළත්මුදලි විදුහල විසින් පිළියන්දල මැදි මහ විදුහල ද, පරාජය කරන ලදී.

 


අදහස් (0)

මහානාම - ලලිත් ඇතුළත්මුදලි අවසන් තරගය 13 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.