Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගියෝවැනි දොස් සැන්තොස්ගේ ඉස්තරම් ගෝලයත්, ගුයිලමෝ ඔචෝවාගේ විජ්ජාකාරී දැළ් රැකීමත් නිසා ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට යාමේ බලාපොරොත්තු රඳවාගත් මෙක්සිකෝවට අන්තිම මොහොතේ ගෝල 2-1 ක අනපේක්ෂිත පරාජයක් උරුම කරදුන් නෙදර්ලන්තය ඒ අවස්ථාව උදුරා ගත්තේය.
ෆෝටලේසාහී පැවැති මේ තරගය නිමාවීමට මිනිත්තු 2ක් ඉතිරිව තිබියදිත් මෙක්සිකෝව සිටියේ ගෝල 1-0කින් පෙරමුණ ගනිමිනි. එහෙත් නෙදර්ලන්තයේ වෙස්ලි ස්නයිජර් ගෝලයක් ලබා ගැනීමත් සමග තරගය එහෙම පිටින්ම කණපිට පෙරළිණි.
ඔහුගේ ගෝලයෙන් තරගය 1-1කින් සමකරගෙන අළු ගසාදමා නැගිටගත් නෙදර්ලන්තය මිනිත්තු 90 න් පසු ලබාදෙන අතිරේක කාලයේ දී අමතක නොවන ජයග්රහණයක් වාර්තා කළේය. එය ලබා දුන්නේ නෙදර්ලන්තයේ අතිරේක ක්රීඩක ක්ලාස් ජැන් හන්ටිලර්ය.
නායක රොබින් වැන් පර්සි තරගයෙන් ඉවත් කොට ඒ වෙනුවට හන්ටිලර් පිටියට යැවීමට නෙදර්ලන්ත පුහුණුකරු ලුයිස් වැන් ගාල් තීරණය කළේ ඊට මොහොතකට පෙරය.
වෙස්ලි ස්නයිජර් ගැසූ කෝනර් පහරකින් පන්දුව ලබාගත් හන්ටිලර් අතිවිශිෂ්ට ලෙස තම හිසෙන් දැළ වෙතට යොමුකළ පන්දුව නතර කිරීමට තරගය පුරා දස්කම් පෑ ඔචෝවාට ඒ මොහොතේ හැකිවූයේ නැත. එහෙත් තරගයේ ආරම්භයේ සිටම සියලු ගෞරව දිනාගත්තේ මෙක්සිකෝවය. ඔවුන් කිහිප අවස්ථාවක දීම ගෝලයක් රැස් කිරීමේ ආසන්නයටම පැමිණියේය.
පළමු භාගය ගෝල රහිතව නිමාවූවත් දෙවැනි භාගය ආරම්භ වී 3 වැනි මිනිත්තුවේ සැන්තොෂ්ගේ ලැබූ විශිෂ්ට ගෝලයෙන් 1-0 කින් මෙක්සිකෝව පෙරමුණ ගත්තේය.
අනතුරුව තරගයේ 58 වැනි මිනිත්තුවේ දීත්, පසුව 75 වැනි මිනිත්තුවේදිත් නෙදර්ලන්තය ගෝල ලබාගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී සිය විජ්ජාකාරී දැල රැකීමේ හැකියාවෙන් ඔචෝවා ඒවා වැළැක්වූ අතර 88 වැනි මිනිත්තුව වනවිට මෙක්සිකෝව සිටියේ එහෙම පිටින්ම තරගය තමන්වෙත නතුකරගනිමිනි.
මේ පරාජයත් සමග මෙක්සිකෝව ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් දෙවැනි වටයෙන් ඉවතට විසිවූ කණ්ඩායම බවට පත්විය. 1994 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවෙන් පසුව මෙක්සිකෝව සහභාගි වූ ලෝක කුසලාන තරගමාලා 6දීම දෙවැනි වටයෙන් ඉවතට විසිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.