Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා සිටින රාජස්තාන් රෝයල්ස් පිලේ බ‍්‍රැඞ් හොජ් තුවාල ලැබීම නිසා අවසන් මහ තරගයට කී‍්‍රඩා කිරීම සඳහා ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා කැඳවා තිබේ.
අවසන් තරගය රාස්තාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර අද (6 වැනිදා) රාතී‍්‍ර 8.00 ට ආරම්භ කිරීමට නියමිතය.
අයි. පී. එල්. තරගාවලියේදී රාජස්තාන් රෝයල්ස් පිල වෙනුවෙන් කී‍්‍රඩා කළ කුසල් ජනිත් පෙරේරා මුල් තරග කිහිපයේදී අසාර්ථක වූ අතර ෂේන් වොට්සන් රාස්තාන් පිලට එක්වීමත් සමග කුසල්ගේ ස්ථානය අහිමි විය.
එහෙත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සහ නවසීලන්ත ‘ඒ’ පිල අතර පසුගියදා පැවැති නිල නොවන ටෙස්ට් සහ එක්දින තරගාවලි දෙකේදීම පිත්තෙන් විශිෂ්ට දස්කම් දැක්වූ කුසල් ජනිත් නැවතත් ලකුණු අතරට පැමිණීමට සමත්ව සිටී.
චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් පිල අතර පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී වම් දණහිසේ අස්ථිබන්ධනයක් ඉරී යාම නිසා බ‍්‍රැඞ් හොජ් අවසන් තරගයේදී කී‍්‍රඩා කළ නොහැකි තත්ත්වයට පත්විය.
අවසන් පූර්ව තරගයේදී හොජ් සහ ෂේන් වොට්සන් දෙදෙනා දිවයද්දී එකිනෙකා සමග ගැටීම නිසා හොජ් කී‍්‍රඩා පිටියෙන් ඉවතට ගියේ තවකෙකුගේ ආධාරයෙනි. එම තරගයෙන් රාස්තාන් පිලට ලකුණු 14 ක ජයක් අත්වීමත් සමගම රාස්තාන් පිල චැම්පියන්ස් ලීග් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පසුගිය 20 වැනිදා පුහුණුවීම් වලදී පාදයේ ආබාධයකට ලක්වූ ෂෝන් ටේට්ද තවමත් සුවය ලබා නැති හෙයින් අද පැවැත්වෙන අවසන් මහ තරගයේදී කී‍්‍රඩා කිරීම සැක සහිත බව ඉන්දීය පුවත් පත් වාර්තා කරයි.
කෙසේ වෙතත් බ‍්‍රැඞ් හොජ්ගේ ඉවතට යාම රාස්තාන් පිලට දැඩි සේ දැනෙනු ඇත. බ‍්‍රැඞ් හොජ්, ශූරයන්ගේ ලීග් තරගාවලියේ තරග 3 කදී ලකුණු 109 ක් ලබාගත්තේ 198 ක ප‍්‍රහාරාත්මක වේගයක් (පන්දු 100 කින් ලබාගන්නා ලකුණු සංඛ්‍යාව) රඳවා ගනිමිනි. එබැවින් අද තරගයේදී රාජස්තාන් පිලට වේගයෙන් ලකුණු රැස්කරන පිතිකරුවකුගේ සේවය තදින්ම උවමනා කර තිබේ.
මේ අතර අද පැවැත්වෙන අවසන් තරගය ලෝකයේ බිහිවූ විශිෂ්ටතම පිතිකරුවන් දෙදෙනකුගේ අවසන් වි:20 තරගයද වෙයි. 2013 අයි. පී. එල්. තරගාවලියෙන් පසු සචින් තෙන්ඩුල්කාර් අයි. පී. එල්. තරගාවලියෙන් සමුගත් අතර රාහුල් ද්‍රාවිඞ්ද අවසන් වරට පැවැති අයි. පී. එල්. තරගාවලියෙන් පසුව තරග බිමෙන් ඉවත් විය.
එසේ වුවත් තෙන්ඩුල්කාර් කී‍්‍රඩා කරන මුම්බායි ඉන්දියන්ස් පිල මෙන්ම ද්‍රාවිඞ් කී‍්‍රඩා කරන රාජස්තාන් පිලද චැම්පියන්ස් ලීග් තරගාවලියට සුදුසුකම් ලබාගත් හෙයින් කී‍්‍රඩක ගිවිසුම් අනුව ඔවුන් දෙදෙනාම චැම්පියන්ස් ලීග් තරාගවලියේදී කී‍්‍රඩා කළ යුතුය.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම
රෝහිත් ෂර්මා (නායක), සචින් තෙන්ඩුල්කාර්, දිනේෂ් කාර්තික්, හර්බජාන් සිං, ප‍්‍රාග්යන් ඕජා, අම්බටි රයියදු, ආදිත්‍ය තාරේ, රිෂී ධවාන්, අබූ නචිම්, ආක්ෂර් පතෙල්, කිරන් පොලාර්ඞ්, ඞ්වේන් ස්මිත්, නතාන් කෝල්ටර්, මිචෙල් ජොන්සන් සහ ග්ලෙන් මැක්ස්වෙල්
රාස්තාන් රෝයල්ස් කණ්ඩායම
රාහුල් ද්‍රාවිඞ් (නායක), ආජින්ක්‍යා රහේන්, ස්ටුවර්ට් බිනී, සංජු සැම්සන්, අශොක් මෙනේරියා, දිශාන්ත් යාග්නික්, වික්රම්ජිත් මලික්, හාර්මිත් සිං, රාහුල් ෂුක්ලා, ප‍්‍රවීන් තම්බේ, ෂේන් වොට්සන්, කුසල් ජනිත් පෙරේරා, ජේම්ස් ෆෝක්නර් සහ කෙවින් කූපර්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.