Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රයන් රුයිස් තම හිසෙන් ගැසූ අතිවිශිෂ්ට පහරකින් ගෝල 1-0 ක් ලෙස ඉතාලිය පරාජය කළ කොස්ටරීකා කණ්ඩායම 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් කණ්ඩායම් 16ට සුදුසුකම් ලබාගත්තේයග රුයිස් ලබාගත් එම ගෝලයල එම අවස්ථාවේ ප්‍රතිවාදීන් වූ ඉතාලිය පමණක් නොව අවසන් කණ්ඩායම් 16 දෙනා අතරට යාමට සූදානමින් සිටි එංගලන්ත පිලද, තවත් තරගයක් ඉතිරිව තිබියදීම සහමුලින් විනාශයට පත්කළ ගෝලයක් බවට පත්විය.
‘ඩී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය රෙසිෆි නගරයේල පර්නම්බුකෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. තරගයේ 44 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ මෙම විශිෂ්ට ගෝලයත් සමග ඉතාලිය අගාධයේ පතුළටම ඇද දැමූ කොස්ටරීකා ක්‍රීඩකයෝ තරගය නිමාවනතුරු සිය ආධිපත්‍යය රැක ගැනීමට සමත්වූහ.
කොස්ටරීකා පිලේ ජූනියර් ඩියාස් විසින් ප්‍රතිවාදීන්ගේ සීමාවේ වම් කෙළවර සිට ඉහළින් යොමු කරනු ලැබූ පන්දුවෙන් රුයිස් එම ගෝලය ලබා ගත්තේ පළමු භාගය නිමාවීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
එයින් විනාඩියකට පෙර, එනම් 43 වැනි මිනිත්තුවේ දී, කොස්ටරීකා ක්‍රීඩක ජොයෙල් කැම්බ්ල් ප්‍රතිවාදි දැළ රකින්නාගේ සීමාව තුළ චයිලිනීගේ නීතිවිරෝධි ලෙස බාධා කිරීමකට ලක්වී බිම ඇද වැටුණ ද තරග විනිසුරු ඊට දඬුවම් පහරක් ප්‍රදානය කළේද නැත. එය කොස්ටරීකා ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩාලෝලීන්ගේ ද දැඩි විමතියට ලක්වූවකි.
ඉතාලියේ මාරියෝ බැලොටෙලිට පළමු භාගයේ දී ගෝලයක් ලබා ගැනීමට අනගි අවස්ථා දෙකක්ම උදාවිය. ඉන් පළමුවැන්න 31 වැනි මිනිත්තුවේ දී ඇන්ඩ්‍රියා පිර්ලෝ පිරිනැමූ පන්දුව ඔහුගේ අත යටින් රිංගා ප්‍රතිවාදී දැළ රකින්නා වෙත පහසුවෙන් ඇදී ගිය අතර ඊට මිනිත්තු දෙකකට පසුව ලැබුණු දෙවැනි අවස්ථාවේ දී ඔහු වැරෙන් දැළ තුළට ගැසූ පන්දුව කොස්ටරීකා දැළ රකින්නා වන කේලර් නේවස් රැක ගත්තේ ඉතා අසීරුවෙනි.
දෙවැනි භාගයේ දී අතිරේක ක්‍රීඩකයන් තිදෙනකු යොදා ගනිමින් තරගයේ වාසිය හරවා ගැනීමට ඉතාලිය උත්සාහ කළ ද කොස්ටරීකා කණ්ඩායමේ සටන්කාමී ක්‍රීඩා විලාශය හමුවේ ඒ උත්සාහය අසාර්ථක විය.
මේ පරාජයත් සමග ඉතාලියට 24 වැනිදා උරුගුවේ සමග පැවැත්වෙන තරගය අතිශය තීරණාත්මක තරගයක් බවට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.