Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව

රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව

ශනුක අරවින්ද - 2015 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ වැඩිදෙනාගේ අවධානයට ලක්වූ මුල් තරග අට නිමාවට පත්වෙද්දී ඒ හා සමාන අවධානයක් ටී. එම්.  ඕ. හෙවත් රූපවාහිනී තරග නිලධාරීයාගේ කාර්යභාරයට ද යොමුවී තිබිණ.

තරග තීරකවරයාට සහ පැති විනිසුරුවරුන්ට තරගයේ යම්කිසි විනිශ්වයක් සම්බන්ධව පැහැදිලි තීරණයක් ගැනීමට සහාය වීමත්, එහි නිරවද්‍යතාව ඉහළ දැමීමත් අරමුණු කරමින් මේ ‘ටී. එම්.  ඕ.’ හෙවත් රූපවාහිනී තරග නිලධාරියා හඳුන්වාදී තිබේ. එවැන්නක් මගින් කී‍්‍රඩාවේ පාරිශූද්ධභාවය ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇතැයි රග්බි බලධාරිහු කල්පනා කරති.

එහෙත් මේ වනවිට රූපවාහිනී තරග නිලධාරියාගේ කාර්යභාරය සඳහා අනවශ්‍ය ලෙස කාලය ගතවීම කී‍්‍රඩාංගණයට පැමිණෙන කී‍්‍රඩාලෝලීන්ගේ සහ ලොව පුරා රූපවාහිනිය මගින් තරග නරඹන්නන්ගේ කෝපය ඇවිස්සීමට හේතුවී තිබේ.

ලෝක රග්බි තරග නිලධාරීන්ගේ තේරීම් කමිටුවේ සභාපති ජෝන් ජෙෆ්රි මහතා කියන පරිදි රූපවාහිනී තරග නිලධාරියාගේ කාර්යභාරය තරග නිලධාරින්ගේ කණ්ඩායමේම කොටසකි. තරග අතරතුර තීරණාත්මක තීන්දුවල දී ඉතා වැදගත් කාර්යභාරයක් මෙමගින් කෙරෙන අතර තරගයේදී විනිසුරුවරයකු විසින් දෙනු ලබන තීරණ වල අවංකභාවය රැක ගැනීමට නුතන තාක්ෂණයෙන් ලැබී ඇති  අපූරු සහයෝගයකි.

කෙසේ වෙතත් සත්කාරක එංගලන්තය සහ ෆිජී කණ්ඩායම අතර පැවැති සමාරම්භක තරගයේදීම මේ ක‍්‍රමවේදය නිසා තරගයේ කාලයෙන් මිනිත්තු 10 කුත් තත්පර 8 ක් අපතේ ගිය යාම බහුතරයකගේ අප‍්‍රසාදයට හේතුවිය.

එම තරගයේ තීරකවරයා ලෙස කටයුතු කළ ජැකෝ පේපර් සිදුවීම් 6 කදීම රූපවාහිනී තරග නිලධාරියාගේ පිහිට පතා තිබිණි. ඒ අනුව සමාරම්භක තරගය අතරමග නතර කිරීමට සිදුවූ කාලයෙන්  28 % ක් වැය වී තිබුණේ රූපවාහිනී තරග නිලධාරියාගේ පිහිට පැතීමටය.

මේ පිළිබඳ අවධානය යොමු කරන රග්බි කී‍්‍රඩාවේ ලෝකෙට ලොක්කෝ ඒ සඳහා වැය වන කාලය අවම කරගැනීමට විසඳුම් සොයන්නට දැන් උත්සුක වී සිටිති.

තරග තීරකවරුන්, රූපවාහිනී තරග නිලධාරීන් මෙන්ම රූපවාහිනි නිෂ්පාදකවරුන් එක්ව දැන් ලහි ලහියේ කටයුතු කරමින් සිටින්නේ ඒ පිළිබඳවය. තරගමාලාවේ ඉදිරි තරගවලදී කී‍්‍රඩාලෝලීන්ගේ උදහසට ලක්නොවී සිටීමට නම් දැන් දැන්ම ඊට නිසි විසඳුම් සෙවිය යුතු බැව් ඔව්හු හොඳාකාරවම දනිති.

නීතිවිරෝධී ක‍්‍රීඩා රටාව, දඩුවම් පහරක් සාර්ථකව එල්ල කළේද යන වග මෙන්ම උත්සාහක දිනුමක් තැබීමේ අවස්ථාවේදී පන්දුව සීමා ඉරට ඔබ්බෙන් තැබීමට පෙර එය බිම පතිත වූවා ද යන වග තහවුරු කරගැනීමට රූපවාහිනී තරග නිලධාරීයා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

මෙවර තරගමාලාවේ දී පළමුවරට භාවිතා කෙරෙන ‘උකුසු ඇස’ තාක්ෂණයද රූපවාහිනී තරග නිලධාරීයාගේ කාර්යය වඩාත් පහසු එකක් බවට පත්කිරිමට යොදාගෙන තිබීම විශේෂත්වයකි.  


අදහස් (0)

රූපවාහිනී තරග නිලධාරියාගේ භූමිකාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.