Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 රියෝ යන ගමන 7 කට සීමාවෙයි

රියෝ යන ගමන 7 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බ‍්‍රසීලයේ ‘රියෝද ජෙනයිරෝ’ නගරය කේන්ද්‍ර කර ගනිමින් ලබන අගෝස්තු 5 වැනිදා ආරම්භ වන 31 වැනි ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම කී‍්‍රඩකයන් හත් දෙනකු හා පුහුණුකරුවන් පස් දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තාවේ.

කෙසේ වුවත් රියෝ ඔල්ම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීම සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට  ජුනි 11 වැනිදා දක්වා තවදුරටත් කාලය හිමිව තිබේ.

මලල කී‍්‍රඩාවෙන්  අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ (මැරතන් - පිරිමි), ගීතානි රාජසේකර (මැරතන් - කාන්තා) හා සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම - පිරිමි), ජූඩෝ කී‍්‍රඩාවෙන් චාමර සිරිවර්ධන, බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් නිලූක කරුණාරත්න, ඉලක්කයට වෙඩි තැබීම පිරිමි  ඉසව්වෙන් මංගල සමරකෝන් මේ වනවිට රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් නිර්දේශවී සිටින කී‍්‍රඩක කී‍්‍රිඩිකාවෝ වෙති.

 පිහිනුම් කී‍්‍රඩාවෙන් ශ්‍රී ලංකාවට හිමිව ඇති සුදුසුකම් නොලත් නාම ලේඛනය යටතේ හිමි අවස්ථාව   මැතිව් අබේසිංහ හා කිමිකෝ රහිමිට හිමි වනු ඇතැයි වාර්තාවේ. එහෙත් ඔවුන් නිර්දේශ කිරීමට ශ්‍රී ලංකා ජල කී‍්‍රඩා සංගමය ඊයේ (7) වන විටත් පියවර ගෙන නොතිබුණි. එහෙත් එම නම් කිරීම් අද සිදුකෙරෙණු ඇතැයි වාර්තාවේ.

මෙම පිහිනුම් කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව ඉන්දියාවේ ‘ගුවාතිහිදී පැවැති සාග් කී‍්‍රඩා උළෙලේ පිහිනුම් තරගාවලියේදී රන් පදක්කම් 13 ක් දිනා ගැනීමට සමත් වූහ.

බර ඉසිලීම් හා මල්ලවපොර යන කී‍්‍රඩා ඉසව්වලින් රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයින් සහභාගි කිරීමට ගත් උත්සාහය මෙතෙක් සාර්ථකවී නැතැයි ද වාර්තාවේ.

මලල කී‍්‍රඩාවෙන් පුහුණුකරුවන්  දෙදෙනකුටත් සෙසු කී‍්‍රඩා ඉසව්වලින් පුහුණුකරුවකු බැගින්ද රියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගි කෙරේ.

ඒ අනුව මලල කී‍්‍රඩාවෙන් පුහුණුකරුවන් ලෙස මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාව හිමිවන්නේ ගීතානි රාජසේකරගේ පුහුණුකරු සජිත් ජයලාල් හා සුමේධ රණසිංහගේ පුහුණුකරු ප‍්‍රදීප් නිශාන්ත යන මහත්වරුන්ටය.

මේ අතර රියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වන සියලූ ශ්‍රී ලාංකික කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට විදේශයන්හිදී විශේෂ කෙටි කාලීන නේවාසික පුහුණුවීම් අවස්ථා ලබාදීමට ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත්වී සිටියි.

 මේ වනවිට පිට පිටම ඔලිම්පික් උළෙල තුනකට සහභාගි වන ජ්‍යෙෂ්ඨතම කී‍්‍රඩකයා වන මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හෝ බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක කරුණාරත්න  ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට යෝජනාවී තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස යෝජනා වුවන් අතර ඉදිරියෙන්ම සිටින බව දැනගන්නට ඇත.

අවසන් වරට වසර 2012 එංගලන්තයේ ‘ලන්ඩන්’ නුවර පැවති  30 වැනි ඔලිම්පික් උළෙලට සහභාගිවූ ශී‍්‍ර ලංකා කණ්ඩායමද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හත් දෙනකුගෙන් සමන්විත විය.

මෙවර රියෝ ඔලිම්පික් උළෙලටත් සහභාගි වන  අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, නිලූක කරුණාරත්න, මංගල සමරකෝන් හැරෙන්නට ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවූ සෙසු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වූයේ මලල කී‍්‍රඩිකා කි‍්‍රස්ටින් සොනාලි, බැඞ්මින්ටන් කී‍්‍රඩිකා තිළිණි ජයසිංහ, පිහිනුම් කී‍්‍රඩක හේෂාන් උණම්බුව හා පිහිනුම් කී‍්‍රඩිකා රසිකා උඩුගම්පොලය.

මලල කී‍්‍රඩාවෙන් ‘රියෝ’ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබාගැනීමට සාග් රන් පදක්කම්ලාභී හිමාෂ ඒෂාන් දැරූ උත්සාහයන් කිහිපයක්ද අසාර්ථක වූයේ ඔහුට නියමිත පරිසාධන මට්ටමට ළඟාවීමට නොහැකි වූ නිසාය.

මීටර් 100 පිරිමි ඉසව්වේ ඔලිම්පික් පරිසාධන අවම මට්ටම තත්ත්පර 10.16 කි.

හිමාෂගේ හොඳම දක්‍ෂතාව මෙතෙක් වාර්තාවී ඇත්තේ තත්ත්පර 10.28කි. ඒ ඇසෑම් සාග් කී‍්‍රඩා උළෙලට තරග වදිමිනි.

 කෙසේ වුවත් වසර 2018 දක්වා දෙස් විදෙස් තරගාවලි සඳහා සහභාගී නොවෙමින් දීර්ඝ කාලීන පුහුණුවීම් සඳහා සහභාගීමට ඔහු මේ වනවිට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකික කී‍්‍රඩක  කී‍්‍රඩිකාවන් සියලූ දෙනා අදාළ ඉසව් සඳහා අයැදුම් කළ හැකි අවම පරිසාදන මට්ටමට පමණක් ළඟාවූ කී‍්‍රඩක  කී‍්‍රඩිකාවෝ වෙති.


●●●


අදහස් (0)

රියෝ යන ගමන 7 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.