Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 රියෝ යන මැරතන් ශූරිය නිලූකා

රියෝ යන මැරතන් ශූරිය නිලූකා

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ දී අගෝස්තු මස 5 වැනිදා ආරම්භවන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මැරතන් කාන්තා තරගයට ශ්‍රී ලංකාවෙන් ගීතානි රාජසේකර සහභාගි වෙයි. ගීතානි, ඔලිම්පික් වරම් හිමිකර ගත්තේ 2014 වසරේ පැවැති කොළඹ මැරතන් තරගයේ කාන්තා අංශයේ දෙවැනි ස්ථානයට තරගය නිම කරමිනි.


යුද හමුදාවේ සේවය කරන ගීතානි, පළමු ජාත්‍යන්තර තරග අත්දැකීම ලබාගත්තේද එම කොළඹ මැරතන් තරගයෙන්ය. ඇය තරගය නිම කිරීමට ගත කළ පැය 2. විනාඩි 42.55 ක කාලය ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම ඉක්මවා ලූ දස්කමක් ද විය.


ගීතානිගේ මෙම දස්කම කාන්තා මැරතන් ශ්‍රී ලංකා වාර්තාව අභිබවා යාමක්ද වීම විශේෂත්වයකි.


වගතුග

සම්පුර්ණ නම: බෝගහ කොටුව ගෙදර නිලුකා ගීතානි රාජසේකර

උපන් දිනය: 1982 මාර්තු 17

ක්‍රීඩාව/ඉසව්ව: මලල ක්‍රීඩා/මැරතන් ඉසව්ව (කාන්තා)

පාසල: වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය

සුවිශේෂී දක්‍ෂතා

■    1999 අරෆුරා ක්‍රීඩා උළෙල ඕස්ටේ්‍රලියාවේදී - මීටර 400/මීටර 800 සිවුවැනි ස්ථානය

■    2004 ආසියානු ග්‍රෝන් ප්‍රී ශ්‍රී ලංකාවේදී - මීටර 1500 සිවුවැනි ස්ථානය

■    2005 අන්තර් සාම ක්‍රීඩා උළෙල කොරියාවේදී - මීටර 800, මීටර 1500 සහ මීටර 400½4 සහය දිවීම ඉසව් තුනේ රන් පදක්කම් දිනා ක්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක්‍රීඩිකාව..

■    2006 සිංගප්පුරු විවෘත මලල ක්‍රීඩා තරගාවලිය - මීටර 800/මීටර 1500 සිවුවැනි ස්ථානය

■    2006 දහවැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කොළඹදී - මීටර 800/ මීටර 1500 සිවුවැනි ස්ථානය

■    2008 දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය ඉන්දියාවේදී - මීටර 800 ලෝකඩ පදක්කම සහ මීටර 1500 සිවුවැනි ස්ථානය

■    2012 ආසියානු රට හරහා දිවීමේ තරගාවලිය චීනයේදී - කණ්ඩායම් ඉසව්වේ සිවුවැනි ස්ථානය

■    2013 තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලිය - මීටර 5000 රන් පදක්කම සහ මීටර 1500 රිදී පදක්කම

■    2013 ආසියානු තරගාවලිය ඉන්දියාවේදී - මීටර 5000 ඉසව්ව නව වැනි ස්ථානය

■    2014 තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලිය - මීටර 1500 රන් පදක්කම සහ මීටර 5000 රන් පදක්කම

■    2014 කොළඹ මැරතන් තරගය - නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ දෙවැනි ස්ථානය ස්ථානය

■    2015 හොංකොං මැරතන් තරගය - නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ සමස්ත 16 වැනි ස්ථානය

■    2015 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය චීනයේ බීජිං නගරයේදී - 49 වැනි ස්ථානය

 

පෞද්ගලික දක්‍ෂතා

■    මීටර 400 - තත්පර 57

■    මීටර 800 - විනාඩි 2.තත් 08

■    මීටර 1500 - විනාඩි 4. තත් 22

■    මීටර 5000 - විනාඩි 16. තත් 23. 08

■    මීටර 10000 - විනාඩි 34. තත් 56

■    මැරතන් (කාන්තා) - පැය 2. විනාඩි 40.07 (ශ්‍රී ලංකා වාර්තාවකි)
 


අදහස් (0)

රියෝ යන මැරතන් ශූරිය නිලූකා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.