Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රග්බි ලෝක කුසලාන තරගාවලියේ උද්වේගකර දසුන් සජීවීව නැරඹීමේ අවස්ථාව ශී‍්‍ර ලාංකික රග්බි ලෝලීන් වෙත ගෙන ඒමට ඩයලොග් ටෙලිවිශන් සමාගම කටයුතු යොදා තිබේ.
විලියම් වෙබ් එලිස් කුසලාන වෙනුවෙන් පැවත්වෙන මෙම තරගාවලියට තරග 48 ක් ඇතුළත් වන අතර ඩයලොග් ටෙලිවිශන් සේවයේ ‘සෝනි සික්ස්’ සහ ‘සෝනි කික්ස්’ නාලිකා ඔස්සේ ලෝක කුසලාන රග්බි තරග නැරඹිය හැකිය.
තරගාවලිය හෙට (19 වැනිදා) මධ්‍යම රාතී‍්‍ර 12.30 ට ආරම්භ වන අතර තරගාවලියේ සත්කාරකයන් වන එංගලන්තය සහ ෆිජි කණ්ඩායම පළමු තරගයට මුහුණ දෙති.
අතරමැද ඇණ හිටීමෙන් හෝ බාධාවකින් තොරව සියලූම ලෝක කුසලාන තරග ආවරණය කළ හැකි බව තහවුරු කර ඇති සෝනි ‘කික්ස්’ චැනලය ශී‍්‍ර ලංකාව තුළ විකාශය කිරීමේ පූර්ණ හිමිකම සතු වන්නේ, මෙරට ගාස්තු අය කරන රූපවාහිනී සේවාවන් අතරින් ඩයලොග් ටෙලිවිශන් ආයතනයට පමණකි.
රුපියල් 99 ක මාසික ගාස්තුවකට හෝ රු. 4 -ක දෛනික ගාස්තුවකට සෝනි ‘සික්ස්’ සහ සෝනි ‘කික්ස්’ සේවාවන් කි‍්‍රයාත්මක කරවාගත හැකි අතර, පෞද්ගලික වීඩියෝ රෙකෝඩිං පහසුකමද එයට ඇතුළත් වේ. ඒ අනුව රග්බි ලෝලීන්ගේ පි‍්‍රයතම තරගය විකාශය වන්නේ ඔවුන් නිවසේ නොසිටින අවස්ථාවක දී වුවත් විවේකීව අවස්ථාවක දී ඒවා නැරඹීමේ හැකියාවද රග්බි ලෝලීන්ට ලැබෙනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.