Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අටවැනි රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් එංගලන්තය සහ ෆිජි පිල අතර පැවැති පළමු තරගයේ දීම ජෝර්ජ් ෆෝඞ් සියලූ අවධානය දිනාගත්තේය.
තරගයේ පළමු අර්ධයේදී එංගලන්තය ලබාගත් ලකුණු 18 ක් ලකුණු 8 ක හිමිකරුවා වූයේ ජෝර්ජ් ෆෝඞ්ය. ඒ දඬුවම් පහර 2 ක් සහ ප‍්‍රවර්ථනයක් සාර්ථක කරගනිමිනි.
පියාත් සහෝදරයාත් දෙදෙනාම රග්බි කී‍්‍රඩාවේ යෙදීම නිසා, කුඩා කල සිටම රග්බි කී‍්‍රඩාවට යොමුවන ජෝර්ජ් ෆෝඞ් ලෝක කුසලාන තරගාවලියට එක්වන්නේ කණ්ඩායමේ සිටින ළාබලතම කී‍්‍රඩකයකු ලෙසිනි. තවමත් 22 හැවිරිදි වියෙහි පසුවන ජෝර්ජ් ෆෝඞ් මාර්තු මාසයේ පැවැති ‘සික්ස් නේෂන්ස්’ තරගාවලියේදී ප‍්‍රංශ කණ්ඩායමට එරෙහිව ලකුණු 25 ක් ලබාගැනීමට සමත්විය.
එංගලන්ත රග්බි කණ්ඩායමත්, එරට වැසියෝත් ෆෝඞ් කෙරෙහි දැඩි බලාපොරොත්තු තබා සිටිති.
එංගලන්තයට මෙවර රග්බි ලෝකු ශූරතාව දිනා ගැනීමට හැකි වුවහොත් වීරයා වනු ඇත්තේ ජෝර්ජ් ෆෝඞ් යැයි බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවියද පසුගියදා වාර්තා කළේය. බී.බී.සී ය විසින් 2009 වසරේදී ජෝර්ජ් ෆෝඞ් වසරේ හොඳම තරුණ කී‍්‍රඩාකයා ලෙස නම් කළේය.
2011 වසරේ ඔක්තෝබර් මාසයේදී අන්තර්ජාතික රග්බි සංගමයේ වසරේ කණිෂ්ඨ කී‍්‍රඩකයා ලෙසද ජෝර්ජ් ෆෝඞ් නම් කරන ලද අතර එම සම්මානය හිමිකරගත් පළමු එංගලන්ත කී‍්‍රඩාකයා වූයේ ද ජෝර්ජ් ෆෝඞ්ය. එමෙන්ම එම සම්මානය දිනාගත් ළාබලතම කී‍්‍රඩකයා වූයේද ඔහුය.
ෆෝඞ් 2012 වසරේ ජූනි මාසයේදී එක්සත් රාජධානියේ ස්වාධීන සෞඛ්‍ය තොරතරු වෙබ් අඩවියේ බ්ලොග්කරුවකු වූ අතරම සෞඛ්‍ය තානාපතිවරයා ලෙස ද පත්වීම් ලැබුවේය. එහෙත් පසුව ඔහු වෘත්තීය රග්බි කී‍්‍රඩකයකු වීමට තීරණය කළේය.
වෘත්තීය රග්බි කී‍්‍රඩකකු වීමට ජෝර්ජ් ෆෝර්ඞ් තීරණය කරන විට ඔහුගේ වයස අවුරුදු 16 ක් දින 237 ක් විය.
ෆෝඞ්ගේ පළමු වෘත්තීය තරගය ඔහුට තවත් සුවිශේෂී තරගයක් වූයේ ඔහු ලෙස්ටර් කණ්ඩායමට කී‍්‍රඩා කරන විට ඔහුගේ සහෝදරයා ලීඞ්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීමයි.
තරගය පැවතියේ ලෙස්ටර් සහ ලීඞ්ස් පිල අතරය. එය ජෝර්ජ් ෆෝඞ්ගේ සහෝදරයාගේ පළමු තරගය විය.
- 055
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.