Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් දීමට පොරොන්දු වූ මුදලක් සම්බන්ධයෙන් තම රටේ පාපන්දු සම්මේලනය සමග ගැටුමකට මැදිවී, වර්ජනයකට මුල පුරා සිටි කැමරූන් පාපන්දු කණ්ඩායම අවසානයේදී බ‍්‍රසීලය බලා පිටත්ව යාමට එකග විය.
‘යටත් කළ නොහැකි සිංහයන්’ ලෙසින් පාපන්දු ලෝකයේදී හඳුන්වනු ලබන කැමරූන් පාපන්දු කණ්ඩායම රැගෙන බ‍්‍රසීලය බලා පියාසර කිරීමට සූදානමින් පැවැති විශේෂ ගුවන් යානයට නැගීම කී‍්‍රඩකයන් ප‍්‍රතික්ෂේප කළේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙනි.
එහෙත් එරට පාපන්දු බලධාරීන් විසින් මධ්‍යම අපි‍්‍රකානු ෆ‍්‍රෑන්ක් මිලියන 5 ක් බැගින් (ඩොලර් 10,400 ක්) කී‍්‍රඩකයකුට ගෙවීමෙන් පසුව කී‍්‍රඩකයෝ ගුවන් යානයට නැගී බ‍්‍රසීලය බලා පිටත්ව ගියහ. මෙම මුදලට අමතරව මධ්‍යම අපි‍්‍රකානු ෆ‍්‍රෑන්ක් මිලියන 50 ක් කී‍්‍රඩකයන්ට ගෙවීමටද කැමරූන් රජය පොරොන්දු වී තිබිණ.
කැමරූන් පාපන්දු සම්මේලනය විසින් කී‍්‍රඩකයන්ට ගෙවන ලද මුදල ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් කැමරූන් පාපන්දු සම්මේලනයට ගෙවනු ලබන මුදලින් සියයට 6 ක ප‍්‍රතිශතයකි. කෙසේ වෙතත් කී‍්‍රඩකයන්ට මෙම මුදල ගෙවීම සඳහා කැමරූන් පාපන්දු සම්මේලනය ණය මුදලක් ලබාගෙන ඇත්තේ අදාළ මුදල අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් තමන් වෙත ලැබීමට ලෝක කුසලාන තරගාවලිය නිමාවී තවත් මාස 3 ක් යන බැවිනි.
බ‍්‍රසීලය බලා පිටත්ව යාම පිණිස කැමරූන් අගනුවර වන යවුන්ඬේ වෙත පැමිණි පාපන්දු කී‍්‍රඩකයෝ තමන් නැවතී සිටි හෝටලයෙන් පිටත්ව යාම ප‍්‍රතික්ෂේප කළහ.
ඔවුන් පිටත්ව යාමට නියමිතව තිබූ වේලාවෙන් පැයකුත් විනාඩි 25 කින් රියෝ ද ජනෙයිරෝ නුවරදී කැමරූන් කී‍්‍රඩකයන් පිළිගැනීමට සූදානම්ව සිටින බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය නිවේදනය කර තිබිණ.
”ඒ සම්බන්ධයෙන් එකගතාවකට පැමිණ තිබෙනවා. මේ තත්ත්වය පිළිබඳව ඕනෑවට වඩා කරුණු හාරා අවුස්සන්න මේක වෙලාව නෙමෙයි” යයි කැමරූන් පිලේ ප‍්‍රධාන පුහුණුකරු, ජර්මන් ජාතික වොල්කර් ෆින්කේ මහතා පැවසීය.
මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ඉතාමත් අසීරු කාණ්ඩයක් සේ සැලකෙන ‘ඒ’ කාණ්ඩයෙන් තරග කරන කණ්ඩායම් අතරේ කැමරූන් පිල සමග බ‍්‍රසීලය, මෙක්සිකෝව සහ ක්‍රොඒෂියාවද සිටිති. කැමරූන් පිලේ පළමු තරගය පැවැත්වෙන්මේ ලබන සිකුරාදා මෙක්සිකෝ පිලට එරෙහිවය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.