Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගෝල 2-1 කින් පෙරමුණ ගෙන ඓතිහාසික ජයග්‍රහණයක ජයපැන් බීමට ඔන්න මෙන්න කියා සිටියදී අමෙරිකාවේ බලාපොරොත්තු බිඳ දැමූ සිල්වෙස්ට්රා වැරේලා තම හිසෙන් ගැසූ විස්මිත පහරකින් තරගය ජයපරාජයෙන් තොරව නිමා කරගැනීමට පෘතුගාලය සමත්විය.
'ජී' කාණ්ඩයේ තරගයක් ලෙස මනාවුස්හිදී පැවැති මේ තරගයේදී වැරේලා අවසන් මොහොතේ දැක්වූ අනපේක්ෂිත වික්‍රමය දෙපිලටම ජයඝෝෂා කළ දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් මොහොතකට නිහඬ කරවීය.
90 වැනි මිනිත්තුවෙන් පසුව එළැඹුණු අතිරේක කාලයේ අන්තිම මොහොතේ වැරේලාගේ දක්නට ලැබුණු ප්රාතිහාර්යයක් බඳු ගෝලය ඒ වනවිටත් ජයග්‍රහණය සමරමින් සිටි අමෙරිකානුවන්ගේ දෙනෙතට කඳුළු නැංවූ එකකි.
පෘතුගාලයේ මිගෙල් වෙලෝසෝ ගැසූ පහරක් වැලැක්වීමට අමෙරිකාවේ කැමරොන් ගත් උත්සාහයෙන් ඉලක්කය වැරැදී එය ඒ වනවිටත් අමෙරිකානු දැල් කණුව සමීපයට පැමිණෙමින් සිටි නැනී වෙත යොමුවිය. ඔහු ඉතා පහසුවෙන් පන්දුව දැළ තුළට යැවූයේ පෘතුගාලයට තරගයේ පළමු ගෝලය අත්කර දෙමිනි. තරගය සම කර ගැනීමට පළමු භාගය තුල අමෙරිකාව අවස්ථා කීපයක දීම උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.
ඒ අනුව තරගයේ පළමු භාගය නිමාවූයේ ගෝල 1- 0 කින් පෘතුගාලය පෙරමුණේ තබමිනි.
එහෙත් 664 වැනි මිනිත්තුවේ දී විශිෂ්ට ගෝලයක් ලබාගනිමින් ජර්මේන් ජෝන්ස් අමෙරිකාවේ පීඩනය ඉවත් කළේ තරගය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත් කරමිනි. එම ගෝලයත් සමග යළි තරගයට අවතීර්ණ වූ අමෙරිකානු පිල 81 8වැනි මිනිත්තුවේ දී දෙවැනි ගෝලයත් ලබා ගත්තේය.
යැල්ඩින් විසින් යොමු කරනු ලැබූ පන්දුව ඔවුන්ගේ සුපිරි ක්‍රීඩක ක්ලින්ට් ඩෙම්ප්සි විසින් ඉතා සාර්ථකව ප්‍රතිවාදීන් අතරින් දැළ තුළට යවන ලදි.
තරගය නිමාවීමට ආසන්නව තිබියදී අමෙරිකාව වාර්තා කළ මේ ගෝලයත් සමග පෘතුගාලයේ පීඩනය ඉහළ ගියේය.
නියමිත විනාඩි 90 නිමාවනවිටත් අමෙරිකානු කඳවුරේ ප්‍රීතිය උතුරමින් තිබූ අතර ඔව්හු ඉතා පහසුවෙන් අවසන් කණ්ඩායම් 1616 අතරට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳින්නට පටන්ගත්හ.
එහෙත් වැරේලාගේ විස්මිත ගෝලය අමෙරිකාවේ සිහිනය බිඳ දැමුවා පමණක් නොව කලකට අමතක නොවන අමිහිරි වේදනාවක්ද ඇමරිකාවට උරුම කර දුන්නේය. ඔහුගේ ගෝලය වාර්තා වූයේ තරගමාලාව පුරා සිය දස්කම් දැක්වීමේ අවස්ථා ගණනාවක් අහිමිකරගෙන සිටි සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ පිරිනැමූ පන්දුවකිනි.
කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ 'ජී' කාණ්ඩයේ ඉතිරි තරග දෙකම ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගැනීමට නියමිතය. ඒ මක්නිසාද යත් කාණ්ඩයේ තුන්වැනි සහ 4 වැනි ස්ථාන වල සටින ඝනා පිලට මෙන්ම පෘතුගාල කණ්ඩායමටද තමන්ගේ ඉතිරි තරගය ජයගතහොත් ප්‍රසාද ලකුණු 4 ක් ලබා ගෝල වෙනස මත අවසන් 16 දෙනා අතරට එක්විය හැකි බැවිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.