Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 වොට්සන්ගේ ශතකයෙන් රාජස්ථාන් පිල දෙවැනි තැනට

වොට්සන්ගේ ශතකයෙන් රාජස්ථාන් පිල දෙවැනි තැනට

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර මුම්බායිහිදී අද (16 වැනිදා) පැවැත්වෙන තරගයෙන් ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත් විය.

ඒ සමගම ප‍්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ සිටි රාජස්ථාන් පිල දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමටද සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 200 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා නයිට්රයිඩර්ස් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 190 ක් පමණි.

එහිදී පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 44 ක් රැුස්කිරීමට යූසෆ් පතන් සමත් වුවද, කොල්කටා පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑමට තරම් එය ප‍්‍රමාණවත් නොවීය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඇන්ඩි‍්‍ර රසල් පන්දු 20 කදී ලකුණු 37 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක්ද සමගිනි.

 ඕවර 4 ක් යවා ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගත් කි‍්‍රස් මොරිස් කොල්කටා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් පිල නියමිත  ඕවර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 199 ක් ලබාගත්තේය.

ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ නායක ෂේන් වොට්සන්, අද දිනයේදී සිය මංගල අයි. පී. එල්. ශතකය (නොදැවී 104) ලබාගැනීමට සමත් විය. පන්දු 59 කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් විය.

අජන්ක්‍යා රහනේ (37) සමග එක්ව රාජස්ථාන් පිලේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 42 කදී ලකුණු 80 ක වේගවත් සම්බන්ධාතවක් ගොඩනැගීමටද වොට්සන් සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇන්ඩි‍්‍ර රසල්,  ඕවර 4 ක් යවා ලකුණු 32 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.

රාජස්ථාන් රෝයල්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 199
(අජන්ක්‍යා රහනේ 37, ෂේන් වොට්සන් 104, ස්ටීවන් ස්මිත් 14, කරුන් නායර් 16, ඇන්ඩි‍්‍ර රසල් 32/3)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී 190
(රොබින් උත්තාපා 14, මනීෂ් පාණ්ඬේ 21, යූසෆ් පතන් 44, ඇන්ඩි‍්‍ර රසල් 37, උමේෂ් යාදව් 24, කි‍්‍රස් මොරිස් 23/4, දවාල් කුල්කර්නි 36/2, ෂේන් වොට්සන් 38/2)

-036


අදහස් (0)

වොට්සන්ගේ ශතකයෙන් රාජස්ථාන් පිල දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.