Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර පැවැත්වෙන ඬේවිස් කුසලාන ආසියා ශාන්තිකර කළාපීය II වැනි කාණ්ඩයේ ටෙනිස් තරගාවලියේ අද (17 වැනිදා) පැවැති කේවල තරග දෙකෙන්ම ජය ලැබීමට ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.
ඒ අනුව තරග 5 කින් සමන්විත තරගාවලියේ පළමු දිනය නිමා වන විට 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකි විය.
අද දිනයේදී පැවැති පළමු තරගයේදී තරග වට 3-0 ක් ලෙස ජාඞ් බොල්ලවුට් පරාජය කිරීමට ශාමාල් දිසානායක සමත් වූ අතර දෙවැනි තරගයේදී තරග වට 3-0 ක් ලෙස හාඩි හබීබ් පරාජය කිරීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
පළමු තරගයේ පළමු වටය ලකුණු 6/3 ක් ලෙස ජයගත් ශාමාල් දිසානායක, දෙවැනි වටයද ලකුණු 6/2 ක් ලෙස ඉතා පහසුවෙන් ජයගනිමින් තරගයේ වැඩි වාසි අත්කර ගත්තේය. කෙසේ වුවත් තෙවැනි වටයේ ලකුණු තත්ත්වය 2/1 ක් ලෙස පැවැති අවස්ථාවේ ඇතිවූ ශාරීරික අපහසුතාවයක් මත ජාඞ් බොල්ලවුට් ඉන් ඉවත්වීම නිසා ශාමාල් දිසානායකට තරග වට 3-0 ක ජයක් හිමිවිය.
ලෝක ටෙනිස් සම්මේලනයේ කනිෂ්ට ශ්‍රේණිගත කිරීම් වල 91 වැනි ස්ථානයේ පසුවන හාඩි හබීබ් සහ හර්ෂණ ගොඩමාන්න අතර පැවැති දෙවැනි කේවල තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත්තේය.
එහිදී කී‍්‍රඩකයන් දෙදෙනාම කරට කර තරග වදිමින් මාරුවෙන් මාරුවට ලකුණු රැස්කිරීම නිසා තරගයේ පළමු වටය නිමා වීමට වැඩි වේලාවක් ගතවිය. අවසානයේ ලකුණු 7/5 ලෙස එම වටයෙන් තියුණු ජයක් අත්කර ගැනීමට හර්ෂණ ගොඩමාන්න සමත් විය.
දෙවැනි සහ තෙවැනි වට වලදී තම සුපුරුදු ආක‍්‍රමණශීලී කී‍්‍රඩා විලාශයට අවතීර්ණ වූ හර්ෂණ ගොඩමාන්න, එම වට දෙකම ලකුණු 6/3 ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවට තරගාවලියේ වැඩි වාසි අත්කර දුන්නේය.
තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (18 වැනිදා) පැවැත්වෙන යුගළ තරගයේදී ගියොවානි සමාහා සහ ජාඞ් බොල්ලවුට් සමගින් ශාමාල් දිසානායක සහ හර්ෂණ ගොඩමාන්න තරග වැදීමට නියමිතය. එම තරගය පෙරවරු 10.00 සිට ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ පළමු දිනයේ විශේෂ අවස්ථා....
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.