Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ෂෝන් ඇබට් පන්දුව යළි අතට ගනී

ෂෝන් ඇබට් පන්දුව යළි අතට ගනී

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


පිලිප් හියුස්ට මාරාන්තික පන්දුව යැවූ ෂෝන් ඇබට් එම පන්දු යැවීමෙන් සතියකට පසුව ඊයේ (2 වැනිදා) නැවතත් පන්දුව අතට ගත්තේය. පසුගිය අගහරුවාදා (25 වැනිදා) පැවැති ෂෙෆීල්ඞ් පළිහ තරගයකදී පන්දුවට පහර දෙමින් සිටි පිලිප් හියුස්ට සිය ජීවිතයෙන් සමුගැනීමට සිදුවූයේ ෂෝන් ඇබට්ගේ පන්දුවක් හිසේ වැදීමෙනි.

ෂෝන් ඇබට් ඊයේ සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී නැවතත් පුහුණුවීම් වලට සහභාගි වූ බව  ඕස්ටේ‍්‍රලියාවේ ‘ඬේලි මේල්’ පුවත්පත වාර්තා කළේය.

ඇබට්ගේ මෙම උත්සාහය නැවත වරක් ඉතා ඉක්මනින් ජාතික කණ්ඩායමට එක්වීමේ ප‍්‍රයත්නයක් ලෙසින් දිස්වේ. ඇබට් පසුගිය ඔක්තෝබර් මාසයේදී  ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් විස්සයි:20 සහ එක්දින හිස්වැසුම් දිනාගත්තේය.

”මේ වෙලාවේ සමස්ත  ඕස්ටේ‍්‍රලියානු සංචිතයම විශාල සහයෝගයක් බලාපොරොත්තු වෙනවා...පිලිප්ගේ හිත මිතුරන් රැසක් කණ්ඩායමේ සිටින නිසා කණ්ඩායමක් ලෙසින් ඔවුන්ට සහයෝගය දක්වාවි යයි අප බලාපොරොත්තු වෙනවා” යයි නිව් සවුත් වේල්ස් ප‍්‍රන්ත කි‍්‍රකට් පිලේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිදුවීම නිසා ඇබට් කම්පනයට පත්වීමේ තත්ත්වයෙන් මුදවා ගැනීමට නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්ත කි‍්‍රකට් බලධාරීහු දැඩි උත්සාහයක් ගත්හ. එහිදී කණ්ඩායමේ හිටපු කී‍්‍රඩකයන් මෙන්ම ඔහුගේ කණ්ඩායම් සගයෝද ෂෝන් ඇබට් සමග එක්ව සිටියහ.

පිලිප් හියුස්ගේ ඉතා කිට්ටු මිතුරක මෙන්ම  ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයාද වන මයිකල් ක්ලාක්ද ෂෝන් ඇබට්ට හොඳ සහයෝගයක් දුන්නේය.

”මේ සිදුවුණ දේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් ෂෝන්ට දොස් කියන්නේ නෑ. ඔහුට අප කාගේත් සහයෝගය  ඕනෑ කරලා තියෙනවා. ඔහුට අවශ්‍ය සෑම මොහොතකදීම මගේ උපරිම සහයෝගය ලැබෙනවා” යයි මයිකල් ක්ලාක් පැවසීය.

”ෂෝන්, මා ඔබට පොරොන්දු වෙනවා මිත‍්‍රයා. ඔබට නැවතත් පන්දුව අතට ගන්න  ඕනෑ වුණ වෙලාවක ඉස්සෙල්ලාම පා ආවරණ පැළඳ පන්දුවට පහර දෙන්නේ මමයි. අප දෙදෙනාගෙන්ම හියුස්ට ඕනෑ කරන්නේත් ඒ ටිකම බව මට විශ්වාසයි”
යයිද මයිකල් ක්ලාක් පැවසීය

 

විස්ඩන් ඒෂියා අසුරිනි

 - 065


අදහස් (2)

ෂෝන් ඇබට් පන්දුව යළි අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.