Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති

ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති

රොෂාන් ගුණරත්න - 2015 සැප් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජපානය හමුවේ ලද ඓතිහාසික පරාජයේ වේදනාව මතින් සිය කීර්තිය නැවතත් අත්පත් කරගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ බර්මින්හැම් හී විලා උද්‍යාන කී‍්‍රඩාංගණයේදී ඊයේ (26 වැනිදා) පැවති තරගයේදී සැමෝවා කණ්ඩායම ලකුණු 46-6 කින් පරදවා මෙවර ලෝක කුසලන තරගමාලාවේ සිය මංගල ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්වූහ.


තුන්වැනි වරටත් රග්බි ලෝක කුසලානයේ ජයපැන් බීමට බලා සිටින ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ පළමු තරගයේදී ලද අනපේක්ෂිත පරාජය නිසාම ඊයේ තරගයට ආවේ සෑහෙන පීඩනයකිනි. ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන මේ පොලිනීසියා දුපත්වාසීන් හමුවේ ජයග‍්‍රහණය පහසු එකක්වූවත් අන්තිම මිනිත්තුවේදිත් උත්සාහක දිනුමක් වාර්තා කරන තුරු ඔවුන් ආපසු හැරුණේ නැත.


තරගයේ පළමු මිනිත්තුවේදීම ෆ්ලයි හාෆ් කී‍්‍රඩක හෙන්රි පොලාර්ඞ්ගේ පහසු ද`ඩුවම් පහරකින් ලකුණු ලබා ගැනීම ඇරැුඹූ දකුණු අපි‍්‍රකානුවන්ට 8 වැනි සහ 11 වැනි මිනිත්තුවලදී සැමෝවා පිලේ මයික් ස්ටැන්ලි ගෙන දුන් ද`ඩුවම් පහර ද්විත්වයේ ලකුණු 6 න් පසුව ලකුණු පුවරුව 3-6 ක් ලෙස සැමෝවා පිලේ වාසියට සටහන් විය. ඒ වෙද්දී දකුණු අපි‍්‍රකානුවන්ට චකිතයක් නොදැනුණාම නොවේ.


සැණෙකින් තත්ත්වය වටහාගත් දකුණු අපි‍්‍රකානුවෝ එතැනින් එහාට සැමෝවා කී‍්‍රඩකයන්ට තම සීමාව  පැත්ත පළාතටවත් එන්නට ඉඩ නොතබමින්, රග්බි ලෝක කුසලාන තරගමාලාවක අවසන් මහා තරගයකට කී‍්‍රඩා කරන ආකාරයේ ප‍්‍රහාරයක් දියත් කිරීමට වග බලාගත්හ.ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිසා කණාමැදිරි එළියටත් බියවීම හැම අතින්ම සාධාරණ බැව් කියා පාමින් ලකුණු සොයා ගිය දකුණු අපි‍්‍රකානුවෝ සැමෝවා කී‍්‍රඩකයන්ට එකම ලකුණක් වත් ලබාගැනීමට අවසර නොදීම තමන්ගේ පිල වෙනුවෙන් ලකුණු 43 ක් එක්කර ගත්හ.


දකුණු අපි‍්‍රකානුවන්ගේ උත්සාහක දිනුම් ගොන්නේ පළමුවැන්න වාර්තාවූයේ සැමෝවා පිලේ මයික් ස්ටැන්ලිගෙන් පන්දුව උදුරාගත් ජේ. පී. පීටර්සන් යාර 70 ක් දිවගොස් තැබූ විශිෂ්ඨ උත්සාහක දිනුමෙනි. එය ගෝලයක් බවට පත්කිරීමට පොලාර්ඞ් අසමත්වුවත් ලකුණු 8-6 කින් පෙරමුණ ගත් ස්පි‍්‍රංග්බොක්ස්ලා අනතුරුව පළමු භාගය නිමාවීමට පෙර පොලාර්ඞ් ගෙනදුන් ද`ඩුවම් පහර ති‍්‍රත්වයෙන් සිය ලකුණු සංඛ්‍යාව 17 දක්වා ඉහළ දමා ගත්හ.


ජයග‍්‍රාහී මානසිකත්වයෙන් යුතුව දෙවැනි භාගයේ දී පිටියට බට දකුණු අපි‍්‍රකානුවන්ගේ වැඩි බර කරට ගත්තේ පීටර්සන්ය. තරගයේ 46 වැනි මිනිත්තුවේ දි සිය දෙවැනි උත්සාහක දිනුමත්, තරගය නිමාවීමට මිනිත්තු 3 ක් තිබියදී තුන්වැනි උත්සාහක දිනුමත් තබමින් ඔහු ඊයේ කැපී පෙනෙන කී‍්‍රඩකයා බවට පත්විය.


ඒ අතරතුර 57 වැනි මිනිත්තුවේදී ෂෝක් බර්ගර් සහ 70 වැනි මිනිත්තුවේදී ෂෝක් බි‍්‍රට්ස් තැබූ උත්සාහක දිනුම් ද්විත්වයෙන් වැඩිපුර ප‍්‍රසාද ලකුණක් හිමිකර ගත් ස්පි‍්‍රංග්බොස්ලාට වැඩි ආරක්ෂාවක් ලැබුණේ අවසන් මිනිත්තුවේදී වින්ග් කී‍්‍රඩක බ‍්‍රයන් හබානා ගෙනදුන් උත්සාහක  දිනුමයි.


එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ හබානා ලබාගත් 11 වැනි උත්සාහක දිනුමයි. ඒ  සමගම ලෝක රග්බි පිටියේ ශ්‍රේෂ්ඨ කී‍්‍රඩකයකු වන නවසීලන්තයේ ජෝනා ලොමූගේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තාගත උත්සාහක දිනුම් 15 සීමාවට අත පොවන මානයට පැමිණෙන්නටද හබානාට හැකිවිය.


විශිෂ්ට ජයග‍්‍රහණයකින් සිය කීර්තිය අලූත්වැඩියා කරගත් ස්පි‍්‍රංබොක්ස්ලා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගෙන දැන් පසුවන්නේ ලබන 3 වැනිදා ස්කොට්ලන්තය සමග පැවැත්වෙන තරගය ජයගෙන අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කරගැනීමේ අභිලාෂයෙනි.

 


අදහස් (0)

ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.