Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්පි‍්‍රංබොක්ස්ලා මෙහෙයවීමට ෆෝරි තෝරාගනි

ස්පි‍්‍රංබොක්ස්ලා මෙහෙයවීමට ෆෝරි තෝරාගනි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්කොට්ලන්තයට එරෙහිව ලබන සෙනසුරාදා (3) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ තීරණාත්මක තරගයට නායක ජීන් ඩිවිලියර්ස් වෙනුවට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කිරීමේ උභතෝකෝටික ගැටලූවකට මැදිවීමට දකුණු අපි‍්‍රකානු පිලේ පුහුණුකරු හේනික් මේයර්ට සිදුවී තිබිණ.   

සැමෝවා පිල සමග පසුගිය සති අන්තයේ පැවැති තරගය අතරතුර හකු ඇටය කඩාගැනීමෙන් පසුව කී‍්‍රඩාවෙන් සමුගත් ‘ස්පි‍්‍රංග්බොක්ස්’ නායකයා වෙනුවට හොඳම තුරුම්පුවක් සොයා ගැනීමට නොහැකි තරමට ඔවුන්ගේ කඳවුරේ තුවාලකරුවන් වැඩිය. මේ කාරණාව නිසාම මීළග තරගයට සිය කණ්ඩායම නම් කිරීම ඊයේ (බදාදා) සවස් වනතුරු දක්වා කල් තැබීමට මේයර්ට සිදුවී තිබිණි.

ඩිවිලියර්ස්ගේ තැන ගැනීමේ ලැයිස්තුවේ උඩින්ම සිටියේ මීට පෙර කණ්ඩායමේ උපනායකයා ලෙස කටයුතු කළ පළපුරුදු කී‍්‍රඩක 38 හැවිරිදි වික්ටර් මැට්ෆීල්ඞ්ය. එහෙත් ඔහු කලවේ නහරයක් පෙරලීම නිසා බලවත් පීඩාවකින් පෙළෙන අතර ඊයේ හවස්වෙද්දී සිය ශාරිරික යෝග්‍යතාව තහවුරු කිරීමට ඔහුට සිදුවී තිබේ.

කෙසේ වෙතත් අවසන් මොහොතේදී එම තනතුර සඳහා ෆෝරි ඩි පී‍්‍රස් තෝරා ගැනීමට හේනික් මේයර් තීරණය කළේය. තවමත් 33 හැවිරිදි ෆෝරි ඩි පී‍්‍රස් දකුණු අපි‍්‍රකාවේ 56 වැනි රග්බි නායකයාය. පුහුණුකරු හේනික් මේයර්ගේ අදහස වන්නේ ෆෝරි ඩි පී‍්‍රස් උපායයෙහි අති දක්‍ෂයෙක් බවයි. ඔහුට කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ගේ ගෞරවාදරයද හිමි බවත් මේයර් අමතක කර නැත.

රග්බි පිටියෙන් සමුගත් ජීන් ඩිවිලියර්ස් උණුසුම් පිළිගැනීමක් සමග නැවත දකුණු අපි‍්‍රකාවට ගොඩ බසිද්දී ඔහු වෙනුවට කණ්ඩායමට එක්වූ ජැන් සර්ෆොන්ටීන් ඊයේ ඔහුගේ පළමු පුහුණු සැසියට එක්විය. නැවත කණ්ඩායමට එක්වන ලෙස ලැබුණු පණිවිඩයෙන් තමා විමතියට පත්වූ බැව් ඔහු කීවේය.

”මේ පණිවිඩයෙන් මම පුදුමයට පත්වුණා.” සර්ෆොන්ටීන් කතාව ආරම්භ කළේ එලෙසය.

”මම හිටියේ එංගලන්තය හා වේල්සය අතර පැවැති තරගය නරඹමිනුයි. එවෙලේ හේනික් මට කෝල් කරලා කිව්වා ජින් ආබාධයකට ලක්වෙලා නිසා එයා මාව තෝරගන්න තීරණය කළා කියලා. හැබැයි ඉරිදා තමයි ඒක හරියටම කියන්න පුලූවන් වෙන්න කියලත් කිව්වා”

”ඇත්තම කියනවානම් එදා ? මට නින්ද ගියේ නෑ”

”ඉරිදා මට ආපහු හේනික් කෝල් කරලා කිව්වා හරි ඔයාව තමයි තෝරගත්තෙ කියලා. මට ලොකු සතුටක් දැනුණා.  මම උපරිම දායකත්වය කණ්ඩායමට ලබාදෙන්නයි දැන් හිතාගෙන ඉන්නේ” යයි සර්ෆොන්ටීන් පැවසීය.

වසර 2014 දී ස්පි‍්‍රංග්බොක්ස්ලා වෙනුවෙන් රග්බි ටෙස්ට් තරග 12 කට කී‍්‍රඩා කර ඇති සර්ෆොන්ටීන්ට මෙවර ලෝක කුසලාන තරගමාලාවේ සංචිතයට එක්වීමේ අවස්ථාව අහිමිවී ගියේ උකුලූ ඇටයේ ඇතිවූ ආබාධයක් නිසාය.

එහෙත් දැන් එය සුව අතට හැරී තිබේ.

 


අදහස් (0)

ස්පි‍්‍රංබොක්ස්ලා මෙහෙයවීමට ෆෝරි තෝරාගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.