Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා සමග ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේදී හෙට (24) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ පළමු අවසන් පූර්ව තරගයට පැමිණෙන දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ කණ්ඩායමේ ඒ හැටි වෙනසක් කිරීමට අවශ්‍ය නැතැයි පුහුණුකරු හේනික් මේයර් කියයි.
මේ තීරණාත්මක තරගයට සිය කණ්ඩායම නම් කරමින් මේයර් කියා සිටියේ පසුගිය තරගවලදී ආබාධවලට ලක්වූ කී‍්‍රඩකයන් ද සම්පුර්ණ සුවය ලබා ඇති බැවින් හෙට තරගයේ දී නැවතත් වැඩි ජවයකින් යුතුව තරග වැදීමේ මානසිකත්වයක් ඔවුන්ට තිබෙන බවය.
හෙට තරගයට නම් කළ ස්පි‍්‍රංග්බොක්ලාගේ කණ්ඩායමේ සිදුවී ඇති එකම වෙනස්කම වන්නේ ආබාධයක් මත කණ්ඩායමෙන් ඉවත්ව සිටි ලොක් කී‍්‍රඩක වික්ටර් මැට්ෆීල්ඞ් යළි බංකුවට කැඳවීමය.
38 හැවිරිදි මේ කී‍්‍රඩකයා හෙට වනතුරු පුල පුලා බලා සිටින්නේ තරගයේ අවසන් මිනිත්තුවේ දී හෝ තරගයට එක්වෙමින් සිය 126 වැනි රග්බි ටෙස්ට් තරගය ස්වර්ණමය මතක සටහනක් කරගැනීමටය.
මේ අතර කණ්ඩායමේ ඉදිරියෙන්ම පෙළ ගැසෙන කී‍්‍රඩකයන්ගේ කිසිදු වෙනසක් නැතැයි මේයර් වැඩි දුරටත් පවසා සිටියේය.
ලොක් කී‍්‍රඩක ලූඞ් ඩි ජේගර් සහ හුකර් කී‍්‍රඩක බිස්මාක් ඩු ප්ලෙසිස් දෙදෙනාම වේල්සය සමග පැවැති තරගයේ දී ආබාධවලට ගොදුරුවූවත් දැන් යථා තත්ත්වයට පත්වී සිටීම නිසා ආරම්භක පෙළ ගැස්ම එලෙසම තබා ගැනීමට මේයර්ට හැකිවී තිබේ.
හැමෝම කියන පරිදි ස්පි‍්‍රංග්බොක්ස්ලාගේ ශක්තිය රඳා පවතින්නේ ඔවුන්ගේ ආරම්භක පෙළගැස්ම මතය. එබැවින් කාගෙත් අවධානය යොමුවී ඇත්තේ ඒ කෙරෙහිය.
කෙසේවෙතත් වේලස්ය සමග පැවැති තරගයේ දී ඔවුන්ගේ ආරම්භක පෙළ ගැස්මේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන් දෙදෙනාම ආබාධවලට ගොදුරුවීමෙන් දෙලොවක් අතර සිරවීමට මේයර්ට සිදුවිය. කෙසේ වෙතත් එදා අසීරු තත්ත්වයට මුහුණ දෙමින්ම තරගය ජයගත් හෙයින් එයම ඔහුගේ අස්වැසිල්ලට හේතුවී තිබේ.
මෙවර ලෝක කුසලාන තරගමාලාවේ ස්පි‍්‍රංග්බොක්ස්ලා කී‍්‍රඩා කළ සියලූම තරගවල සෑම මිනිත්තුවකදීම පිටියේ පෙනෙන්නට සිටි එකම කී‍්‍රඩකයා වන බ‍්‍රයන් හබානා වටා පෙළගැසුණු ඔවුන්ගේ ජවසම්පන්න කී‍්‍රඩා රටාවට නායක ෆෝරි ඩු පී‍්‍රස්, ෂෝක් බර්ගර්, හෙන්රි පොලාඞ්. ජේ. පී. පීටර්සන් සහ ඩුආන් වර්මියුලන් කැපී පෙනෙන දායකත්වයක්දී තිබේ.
එහෙත් ඒ සියලූ දස්කම් හෙට තරගයේ දී මුවහත් කරගැනීමට ඔවුහු අසමත් වුවහොත් මේයර්ට සිදුවන්නේ ග`ගට ඉනි කැපුවා වැනි වැඩකි.
මෙය පැවතීම නැතිනම් නැතිවීම තීරණය වන තරගයකි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.