Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් කී‍්‍රඩංගණයේදී අද (21 වැනිදා) පැවැති සිව්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 3 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ්රලියාව සමත්විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරග 3-1 ක් ලෙස ජය ගැනීමට ඕස්ටේ්රලියානුවෝ සමත්වූහ.
ඕස්ටේ්රලියානු පිලේ මුල් කඩුලූ 5 ලකුණු 98 ක් තුළ බිඳවැටුණද, 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 121 කදී ලකුණු 121 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ස්ටීවන් ස්මිත් (104) සහ මැතිව් වේඞ් (52) තම කණ්ඩායම ජයග්‍රහණයේ මාවත දිගේ ඕස්ටේ්රලියානු පිල ඉදිරියට කැඳවාගෙන ගියහ. පන්දු 112 කදී වාර්තා වූ ස්ටීවන් ස්මිත්ගේ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 59 කදී වාර්තා වූ මැතිව් වේඞ්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.
මැතිව් වේඞ් දැවී යන විට ඕස්ටේ්රලියානු පිලට ජයග්‍රහණය සඳහා පන්දු 34 කින් ලකුණු 49 ක් අවශ්‍ය වූ අතර ප්‍රවේගකාරී පිතිහරඹයක නිරවූ ජේම්ස් ෆෝල්ක්නර් පන්දු 19 කදී හතරේ පහර 6 ක් සමගින් වේගවත් ලකුණු 34 රැස්කරමින් ඕස්ටේ්රලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකානු පිල නියමිත ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී 267 ක් ලබාගත් අතර දකුණු අපි‍්‍රකානු පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒ. බී. ඩිවිලියර්ස් පන්දු 88 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 91 ක් රැස්කළේය.
ඬේවිඞ් මිලර් (45) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 121 කදී ලකුණු 122 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියර්ස් සමත්විය.
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 267
(හෂීම් අම්ලා 18, ක්වින්ටින් ඩි කොක් 17, ෆෆ් ඩුප්ලෙසි 28, ඒ. බී. ඩිවිලයර්ස් 91, ඬේව්ඞ් මිලර් 45, ෆර්හාන් බෙහාර්ඞීන් 22, ජේම්ස් ෆෝල්ක්නර් 45/2, පැට් කමින්ස් 61/2)
ඕස්ටේ්රලියානු පිල - ඕවර 49 කදී කඩුලූ 7 ක් දැවී 268
(ඒරන් ෆින්ච් 22, ෂේන් වොට්සන් 19, ස්ටීවන් ස්මිත් 104, මැතිව් වේඞ් 52, ජේම්ස් ෆෝල්ක්නර් නොදැවී 34, ඬේල් ස්ටේන් 47/2, වේන් පනේල් 52/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.