Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 ස්මිත් නැංගුරම දමාගනී

ස්මිත් නැංගුරම දමාගනී

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් ලකුණු ලබාගැනීමට පෙරම ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට උමේෂ් යාදව් සමත් වූ නමුත් ඉන්දියානුවන්ගේ දුර්වල පන්දු රැකිමෙන් ප‍්‍රයෝජන ගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ මෙල්බර්න් නුවරදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වන අද (26 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 259 ක් ලබා සිටියහ. නායක ස්ටීවන් ස්මිත් නැවත වරක් ඉනිමේ බර කරට ගනිමින් හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 72 ක් ලබා ඕස්ටේ‍්‍රලියානු ඉනිමේ නැංගුරම බවට පත්ව සිටියේය.

ඉතා හොඳින් සූර්යාලෝකය පැවැති දිනයක් වූ බැවින් 70,000 කට අධික නරඹන්නන් පිරිසක් මෙල්බර්න් පිටියට රැස්ව සිටි අතර තරගය මේ වන විට දෙපිලටම විවෘත තරගයක් වී තිබේ.

ෂේන් වොට්සන් ලකුණු 37 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ෂිකාර් ධවාන් වෙතින් ගිළිහී ගිය අතර වොට්සන් ලකුණු 52 ක් ද ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් ලකුණු 57 ක් ද ලබා ගත්හ. දෙදෙනා අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 115 කි.

ෂෝන් මාෂ් (32) සහ කෝඩුකාර ජෝ බර්න්ස් (13) අඩු ලකුණු වලට දැවී ගිය නමුත් නොසැලීසිටි ස්ටීවන් ස්මිත් තවත් කඩුලූ දවාගැනීමේ අවස්ථාව ඉන්දියානු පන්දු යවන්නන්ට නොදෙමින් පිටියේ රැඳී සිටියේය.

කාසියේ වාසිය දිනාගත්  ඕස්ටේ‍්‍රලියානු නායකයාගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීමයි.

මඳ වේලාවක් පිටියේ රැඳී සිටීමෙන් පසුව පන්දුවට තමන්ගේ ඇස හුරුකරවාගත් රොජර්ස් ඉන්දීය පන්දු යවන්නන්ගේ ඉලක්කයක් නැති පන්දු යැවීමෙන් නිසි ප‍්‍රයෝජන ගත්තේය. පන්දුව එකවරම ග‍්‍රහණය කරගැනීමට ඉන්දීය පන්දු රකින්නන්ට නොහැකි වීමෙන් වැඩි ප‍්‍රයෝජන ගත් රොජර්ස් සහ වොට්සන් තනි ලකුණු දෙකක් කිරීමටත් ද්විත්ව ලකුණු 3 ක් කිරීමටත් නොපැකිළුණහ.

මොහොමඞ් සාමිගේ පන්දුවක් වොට්සන්ගේ පිත්තේ වැදී පළමු ස්ලිප් කී‍්‍රඩකයා දෙසට ඇදී යද්දී ඒ වෙතට පැන්න ෂිකාර් ධාවන් පන්දුව රැකගැනීමට ගත් උත්සාහයන් දෙකකටම පසුව එය බිම අතහැරියේ ‘බොක්සිං දිනයේ’ මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ අතුරු සිදුරු නැතිව පිරී සිටි නරඹන්නන් අමන්දානන්දයට පත්කරමිනි.

මෙම තරගය සඳහා රෝහිත් ෂර්මා කී‍්‍රඩා නොකරන අතර ඔහුගේ ස්ථානය නවකයකු වන ලොකේෂ් රාහුල්ට හිමිවී තිබේ. වරූන් ඒරන් වෙනුවෙන් මොහොමඞ් සාමි කී‍්‍රඩා කරයි.

ශී‍්‍ර ලංකා පිලේ හිටපු කී‍්‍රඩක කුමාර් ධර්මසේන මහතා මෙම තරගයේ ප‍්‍රධාන විනිසුරුවකු ලෙස කටයුතු කරයි.


ඕස්ටේ‍්‍රලියාව - පළමු ඉනිම කඩුලූ 5 ට 259
(කි‍්‍රස් රොජර්ස් 57, ෂේන් වොට්සන් 52, ස්ටීවන් ස්මිත් නොදැවී 72, ෂෝන් මාෂ් නොදැවී 32, උමේෂ් යාදව් 55/1, මොහොමඞ් සාමි 40/1, රවිචන්ද්‍රන් අශ්වින් 26/1)

 


අදහස් (0)

ස්මිත් නැංගුරම දමාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.