Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සැමී එක්දින සංචිතයට එක්වෙයි

සැමී එක්දින සංචිතයට එක්වෙයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා ඩර්බන්හිදී ආරම්භ වන තරග 5 කින් සමන්විත දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් නව සංචිතයට හිටපු නායක ඩැරන් සැමී ඇතුළත් කිරීමට කොදෙව් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ඉකුත් ඉරිදා (21 වැනිදා) නම් කරන ලද බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඩැරන් සැමී ඇතුළත්ව නොසිටි අතර ඔහු සමගින් හිටපු නායක ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ්ද සංචිතයෙන් ඉවත් කර තිබිණ. නොවැම්බර් මාසයේ ඉන්දියාව සමග පැවැති එක්දින තරගාවලිය, අතරමැද අත්හැර දමා නැවතත් සිය රටට පැමිණීමට කී‍්‍රඩකයන් පෙළඹවීම පිළිබඳව චෝදනා එල්ල වී තිබීම නිසා මෙම කී‍්‍රඩකයන් තිදෙනාම කණ්ඩායමෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා විය.

කෙසේ වුවත් ලෝක කුසලාන තරගාවලිය පෙනෙන මානයේ තිබියදී මෙම ප‍්‍රබල කී‍්‍රඩකයන් කණ්ඩායමෙන් ඉවත් කර යොවුන් කී‍්‍රඩකයන්ගෙන් යුත් කණ්ඩායමක් නම් කිරීම, මයිකල් හෝලඩිං සහ ටෝනි කෝසියර් වැනි කි‍්‍රකට් විස්තර විචාරකයින්ගේ දැඩි විවේචනයට ලක්විය.

මෙම විවේචන සැලකිල්ල ගෙන ඩැරන් සැමී නැවතත් කණ්ඩායමට එක්කර ගැනීමට ක්ලයිව් ලොයිඞ්ගේ ප‍්‍රධානත්වයෙන් යුතු කොදෙව් තේරීම් කමිටුව පියවර ගෙන ඇති අතර සැමී තවදුරටත් විස්සයි20 කණ්ඩායමේ නායකත්වයේ රැදවීමටද ඔවුන් තීරණය කර තිබේ.

මේ වන විට ඩැරන් සැමී, ඞ්වේන් බ‍්‍රාවෝ සහ කරන් පොලාඞ් යන කී‍්‍රඩකයන් තිදෙනාම  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියට සහභාගී වෙමින් සිටිති.

 

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතය -
ජේසන් හොල්ඩර් (නායක), කාර්ලෝස් බ‍්‍රැත්වෙයිට්, ඩිනේෂ් රැුමිඩින්, ජොනතන් කාටර්, නර්සිං ඩියොනරින්, ලියොන් ජොන්සන්, සුලෙයිමන් බෙන්, ශෙල්ඩන් කොට්රෙල්, ඇන්ඩි‍්‍ර රසල්, මාලන් සැමුවෙල්ස්, ලෙන්ඞ්ල් සිමන්ස්, ඞ්වේන් ස්මිත්, ජෙරම් ටේලර්, ඩැරන් සැමී, කි‍්‍රස් ගේල් (ශාරීරික යෝග්‍යතාවය මත)

 

- 036


අදහස් (0)

සැමී එක්දින සංචිතයට එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.