Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති

සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති

සංජය එරමුදුගොඩ - 2015 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක රග්බි ශ්‍රේණිගත කිරිම්වල පළමු කණ්ඩායම් දහය තුල නොසිටින, එකිනෙකා අතර ස්ථාන දෙකක පමණක් වෙනසක් ඇති සැමෝවා පිල හා අමෙරිකාව අතර ඊයේ ලන්ඩනයේ බ‍්‍රයිටන් හී මහජන කී‍්‍රඩාංගණයේ පැවැති ‘බී‘ කාණ්ඩයේ තරගයේදී වැඩි දෙනා අපේක්ෂා කළ පරිදි ලකුණු 25-16 කින් ජය හිමිකරගත්තේ සැමෝවා කණ්ඩායමයි.

කී‍්‍රඩාලෝලීන් 29,000 ක පිරිසක් සාක්ෂිකරුවන් බවට පත්කළ මේ තරගයේ කාගෙත් සිත් ගත් ශක්තිමත් සිරුරුවලින් යුතු සැමෝවා කී‍්‍රඩකයන්ගේ ආකර්ශනීය කී‍්‍රඩා රටාව හමුවේ අමෙරිකානු කී‍්‍රඩකයෝ පසුබා ගියහ. ආර්ථිකයෙන් හා තාක්‍ෂණයෙන් ඇමරිකාව ලෝක බලවතා වුවද ලෝක සිතියමේ පුංචිම පුංචි තිතක් වන සැමෝවා රාජ්‍යය රග්බි කී‍්‍රඩාවේදී බලවතුන් වූහ.

තරගය පුරා වරින් වර අමෙරිකානුවන්ගේ ආරක්ෂක වළල්ලේ ශක්තිය උරගා බැලූ සැමෝවා කී‍්‍රඩකයන් සිය ලකුණු ලබාගැනීම ආරම්භ කළේ 7 වැනි මිනිත්තුවේ දි වින්ගර් කී‍්‍රඩක කෙන් පිසී ලබා දුන් සාර්ථක දඩුවම් පහරක් සමගිනි. අනතුරුව සිය දෙවැනි ජාත්‍යන්තර තරගයට කී‍්‍රඩා කළ ෆුල් බෑක් කී‍්‍රඩක ටිම් නනයි විලියම්ස් මංගල උත්සාහක දිනුම වාර්තා කරමින් සැමෝවා පිලේ ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉහළ දැමුවේය.

නවසීලන්තයෙන් සැමෝවා රාජ්‍යයට සේන්දුවූ මේ ප‍්‍රසන්නශීලී පෙනුමක් සහිත කී‍්‍රඩකයාගේ උත්සාහක දිනුමෙන් පසුව තරගයේ පළමු මිනිත්තු 30 පසුවනතුරුත් අමෙරිකාව පසුවූයේ ලකුණු අහේනියකිනි. ඒ කාලය තුල සිය දෙවැනි දඩුවම් පහර සාර්ථක කරගත් පිසී ලකුණු 11-0 කින් සැමෝවා පිල ඉහළට ඔසවා තැබුවේය.

අමෙරිකානුවන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේ 30 වැනි මිනිත්තුවේ දී සැමෝවා කී‍්‍රඩකයන්ගේ දුර්වලතාවකින් ලද දඩුවම් පහරක් සාර්ථක කරගනිමිනි.

ෆ්ලයි හාෆ් කී‍්‍රඩක ඒ.ජේ.මැක්ගින්ටි විසින් ඉලක්කයට එල්ල යැවූ දඩුවම් පහරින් අස්වැසිල්ලක් ලද අමෙරිකානුවන්ට 33 වැනි මිනිත්තුවේදී පළමු උත්සාහක දිනුම ගෙන දුන්නේ නායක කි‍්‍රස් විල්ස්ය. ඒ වනවිට  11-8 කින් දෙපිල අතර ලකුණු පරතරය අඩුකරගත් අමෙරිකානුවන්ගේ ප‍්‍රවේසම් සහගත කී‍්‍රඩා විලාසයේ දුර්වල තැන් සොය සොයා ගිය සැමෝවා කී‍්‍රඩකයේ පළමු භාගය නිමාවීමට පෙර තවත් දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු සංඛ්‍යාව 14-8 කින් ඉදිරියට ගෙන ගියහ.

පළමු භාගයේ තරමටම තරගකාරීත්වයකින් තොරවූ දෙවැනි භාගයේ දීත් ලකුණු රැස් කිරීමට වඩා ප‍්‍රතිවාදීන්ගේ ගමන් මග අහුරා දැමීමට වැඩි අවධානයක් යොමු කළ අමෙරිකානුවන්ට සිදුවූයේ ප‍්‍රතිවාදින්ගේ තවත් උත්සාහක දිනුමක සහ දඩුවම් පහර දෙකක අමිහිරි රසය විඳ ගැනීමටය.

නායක ඔෆීසා ටි‍්‍රවිරනස්ගේ උත්සාහක දිනුමත්. පිසීගේ හා සෙන්ටර් කී‍්‍රඩක මයික් ස්ටැන්ලිගේ සාර්ථක දඩුවම් පහර ද්විත්වයත් මත සිය ලකුණු මල්ල තර කරගත් සැමෝවා පිල හමුවේ අමෙරිකානුවන්ට සිය ලකුණු සංඛ්‍යාවට එකතු කරගත හැකිවූයේ 52 වැනි මිනිත්තුවේදී මැක්ගින්ටි එල්ල කළ දඩුවම් පහරෙන් සහ 73 වැනි මිනිත්තුවේ දී කි‍්‍රස් බවුමාන්ගේ උත්සාහක දිනුමෙන් ලැබුණු ලකුණු 8 ක් පමණි.

ලකුණු 25-16 කින් සිය පළමු තරගය වැඩි කරදරයකින් තොරව ලබාගත් සැමෝවා කී‍්‍රඩකයන්ගේ මීළග වෑයම වී ඇත්තේ ජපානය හමුවේ ලද අනපේක්ෂිත පරාජයෙන් සහ ආබාධවලින් ලෙල්ලම් වී සිටින දකුණු අපි‍්‍රකානුවන් සමග ලබන 26 දා පැවැත්වෙන තරගය ජයගෙන ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමය. සැමෝවා කී‍්‍රඩකයන්ගේ හොඳම හරිය එදින බලාගත හැකිවනු ඇතැයි විචාරකයෝ කියති.

 


අදහස් (0)

සැමෝවා කී‍්‍රඩකයෝ ඇමරිකාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.