Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ පිට පිට දෙවරක් ‘වෙබ් එලිස්’ කුසලාන දිනා ගන්නා කණ්ඩායම බවට පත්වීමට නම් සෙනසුරාදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඕස්ටේ‍්‍රලියානු වොලබිස්ලාගේ පසුපෙළ කී‍්‍රඩකයන් තිදෙනා මෙල්ල කිරීමට සිදුවනු ඇතැයි නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලාගේ ලොක් කී‍්‍රඩක සෑම් වයිට්ලොක් ඊයේ කීවේය.
ඬේවිඞ් පොකොක්, මයිකල් හූපර් සහ ස්කොට් ෆාර්ඩි කී‍්‍රඩක ති‍්‍රත්වයෙන් සමන්විත වොලබීස්ලාගේ පසුපෙළ අභිබවා යාම ඒ හැටි පහසු නොවන බැව් සෑම් වයිට්ලොක් පිළිගනී. ප‍්‍රතිවාදී පිලේ වුවද දස්කම් අගය කිරීමට තරම් නවසීලන්තයේ ඕල්බ්ලැක්ස්ලා ඉතාමත් නිහතමානී කී‍්‍රඩාශීලියෝ වෙති.
කී දේ අකුරටම කරන මයිකල් චීකාගේ ගෝලබාලයන් අවසන් මහා තරගය දක්වා පැමිණි ගමනේදී එංගලන්තය, වේල්සය, ස්කොට්ලන්තය සහ ආජන්ටිනාව පරාජයට පත් කිරිමට ඔවුන්ගේ පසුපෙළ කී‍්‍රඩකයන් සෑහෙන තරමේ දායකත්වයක් දුන් බැව් ද වයිට්ලොක් සිහිපත් කරයි.
මීට වසර හතරකට පෙර සිය භූමියේ පැවැති තරගමාලාවේ අවසන් පූර්ව තරගයේදී තමා පොකොක් ඇඳ බැඳ තබාගැනීම නිසා ඕස්ටේ‍්‍රලියානුවන් ලකුණු 20-6 කින් පරාජය කිරීමට ඕල්බ්ලැක්ස්ලා සමත්වූ බැව් ද ඔහු සිහිපත් කළේය.
තම කණ්ඩායමේ ස්ක‍්‍රම් පොදිය අවසන් මහා තරගයේ දී වැඩි කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාසය පළ කරන වයිට්ලොක් 2011 වසරේදී මෙන්ම වොලබීස්ලා සල්ලම් කිරීම ඒ හැටි අසීරු නැති බව කියා සිටියේය.
”විශේෂයෙන් අලූතින් තරගය ආරම්භ කරන සෑම අවස්ථාවකදීම පන්දුව අපේ අතට ලබාගැනීමට සටන් කිරිම තමයි තීරණාත්මක සාධකය වෙන්නේ. එවැනි අවස්ථාවලදී තමයි අපේ හයිය ඔවුන්ට පෙන්වන්නට හැකිවන්නේ”
”අපි හොඳටම දන්නවා ඔවුන්ගේ පසුපෙළ කොයිතරම් ශක්තිමත් ද කියලා. අපි අපේ උපරිම ශක්තිය යොදවලා කී‍්‍රඩා කරලා හැම මොහොතේදීම ඔවුන්ට වඩා එක් ලකුණක් හරි ඉදිරියෙන් ඉන්න ඕනා. ස්ක‍්‍රම් පොදියේ පිහිටෙන් අපිට එය කළ හැකි බව මට විශ්වාසයි.
මොකද ඔවුන්ගේ ස්ක‍්‍රම් පොදිය දියාරු වුණු එකක්” යයි වයිට්ලොක් කියයි.
”පීඩනය අපි දෙගොල්ලන්ටම තියෙනවා. නමුත් අපි තමයි මෙවරත් වෙබ් එලිස් කුසලානයට නියම සුදුස්සෝ.” මේ 27 හැවිරිදි කී‍්‍රඩකයා එසේ කීවේය.
”අපි දෙගොල්ලන්ගේම ඉතිහාසය ගැන දැනටමත් අපි ගොඩක් දේවල් දන්නවා. නමුත් එය අපිට අතිරේක පීඩනයක් නෙවෙයි. රස්සාව හරියට කරන එකයි සෙනසුරාදා අපි කරන්න හිතාගෙන ඉන්නේ” යයිද වෘත්තීය රග්බි කී‍්‍රඩකයකු වන සෑම් වයිට්ලොක් පැවසීය.
-077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.