Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි

සංජය එරමුදුගොඩ - 2017 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තවත් මාස කිහිපයකින් මව් පදවිය ලැබීමට නියමිත කාන්තා ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් පරිභාවට ලක් වන ප්‍රකාශයක් කළ රුමේනියාවේ ටෙනිස් පිලේ නායක, ලිලී නස්ටාසේට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීමට අන්තර්ජාතික ටෙනිස් සම්මේලනය පියවර ගෙන තිබේ. රුමේනියාවේ ෆෙඩරේෂන් කුසලාන කණ්ඩායමේ නායකයාද වන ලිලී නස්ටාසේ ලෝක ටෙනිස් පිටියේ හිටපු අංක එකේ ක්‍රීඩකයකු මෙන්ම ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරයකුද වෙයි.

කොන්ස්ටන්ටා හීදී පැවැති ෆෙඩරේෂන් කුසලාන ටෙනිස් තරගාවලියේ තරග වදින කණ්ඩායම් ලැයිස්තුගත කිරීමේ අවස්ථාවේදී රුමේනියානු පිලේ සිමෝනා හැලෙප් විසින් සෙරීනා විලියම්ස්  ගැබ් ගැනීම ගැන ඉංග්‍රීසි බසින් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් නස්ටාසේ කියා ඇත්තේ දෙපිට කැපෙන කතාවක

“අපි බලමු ලැබෙන බබා මොන පාටද කියලා..චොකලට් පාටද...කිරි පාටද...කියලා.” යයි නස්ටාසේ කියා තිබේ.
කිසිදු තැනැත්තකු පරිභාවට ලක්වන අන්දමේ ප්‍රකාශ කිරීමට හෝ එවැනි හැසිරීමකට තම සම්මේලනය අවසර නොදෙන බැවින් මේ ප්‍රකාශය පිළිබඳ වහාම පරීක්ෂණක් පැවැත්වීමට අන්තර්ජාතික ටෙනිස් සම්ටෙම්ලනය තීරණය කළ බැව් එම සම්මේලනයේ ප්‍රකාශකයෙක් පැවසීය.

සෙරීනාගේ පෙම්වතා සුදු ජාතිකයකු වීම අරභයා නස්ටාසේ විසින් කරනු ලැබූ මේ ප්‍රකාශය ඒ මොහොතේ එතැන සිටි මාධ්‍යවේදීන් සැලකිල්ලට නොගෙන බැහැර කර ඇත්තේ එය සරදමට කළ ප්‍රකාශයක් ලෙස සිතා බලමිනි.

මාසයක් ඇතුළත නස්ටාසේ විසින් සෙරීනා අරභයා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ දෙවැනි අවස්ථාව මෙයවේ. මීට පෙර පසුගිය මාර්තුවේදී ඔහු රුමේනියානු වෙබ් අඩවියකට කියා සිටියේ සෙරීනා විලියම්ස්ට තහනම් උත්තේජනය භාවිතාව පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති බවය. එහෙත් එය අසත්‍ය චෝදනාවක් බව පසුව තහවුරු විය.


- 077

 


අදහස් (0)

සෙරීනා ගැන නස්ටාසේගේ කතාව පාරා වළල්ලක් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.