Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හදිසියේම අන්තර්ජාලයට ඡායාරූප එකතුවක් මුදා හරිමින් තමා දැන් දරු සම්පතක් බලාපොරොත්තුවෙන් පසුවන බව අන්තර්ජාතික ටෙනිස් පිටියේ සුපිරි ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් කීවාය. මේ උණුසුම් පුවත ලොව ඕපාදූප මාධ්‍යවලට කදිම රසකැවිල්ලක් විය. ඇතැම් මාධ්‍ය ආයතන මෙම පුවත යාවත්කාලීන කරන්නටද පටන් ගෙන තිබිණි.
කෝටි ප්‍රකෝටි ගණනින් ගැහැනුන් වෙසෙන ලොවක සෙරීනා නම් වූ කළු ජාතික ඇමෙරිකානු ගැහැනියගේ ගැබ් ගැනීම ලෝකයේ මාධ්‍ය වාර්තා උණුසුම් කරවන්නට සමත්වූ පුවතක් වූයේ ඇය අන්තර්ජාතික ටෙනිස් පිටිය උඩුයටිකුරු කළ සුපිරි තරුවක් බවට පත්වී සිටී බැවිනි. හෙට අනිද්දා නැවතත් අන්තර්ජාතික කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකට පත්වීමට ඔන්න මෙන්න කියා සිටින සෙරීනා කවදත් මාධ්‍ය අතර රසවත් පුවත් මවන්නියකද වී සිටියාය. 35 හැවිරිදි සෙරීනාගේ ගැබ් ගැනීම තහවුරු කරමින් ඇය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද ඡායාරූපයක යටින් මෙසේ සඳහන් වී තිබිණි.
‘සති විස්සයි...‘
එහි අරුත සෙරීනා ගැබ් ගෙන දැනට සති 20ක් ගතවී ඇති බවයි.
ඒ අනුව පසුගිය ජනවාරියේ ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් ශූරතාව දිනාගනිද්දීත් ඇය සති අටක ගැබිණියකි. සිය 23 වැනි ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් කිරුළ දිනාගනිමින් ඕස්ටේ්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලිය දිග් විජය කළ ඇය දැන් සිටින්නේ එතෙක් මෙතෙක් ලොව වැඩිම ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා ගොන්නක් දිනූ ඕස්ටේ්‍රලියාවේ මාග්‍රට් කෝට්ගේ ශූරතා 24 සම කිරීමේ එළිපත්තේය.
සෙරීනා සිය ගැබ් ගැනීම ගැන කියා සිටියේ මේ වසරේ ඉතිරිව ඇති සෙසු ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා වන ප්‍රංශ, විම්බල්ඩන් හා අමෙරිකානු විවෘත තරගාවලි අතරින් එකකදී ඇය එම වාර්තාව සම කරන බව පමණක් නොව එය අබිබවා යන බවටත් අනාවැකි පිට අනාවැකි පළවීම ආරම්භ වී තිබෙද්දීය. මෙම තරගාවලි තුන සඳහාම තවත් ඉතිරිව ඇත්තේ මාස 4 ක් පමණි.
දැන් ඉතින් මේ වසරේ ඉතිරි තරගාවලිවලදී ඇගේ ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ට හිතේ හැටියට ක්‍රීඩා කරන්නට හැකිවනු ඇත. සෙරීනා නැවත අන්තර්ජාතික ටෙනිස් පිටියට පිවිසෙන්නේ ලබන වසරේදී බව ඇගේ මාධ්‍ය ප්‍රකාශිකාව කියා සිටියාය.
තාක්ෂණ ව්‍යවසායකයකු වන ඇලෙක්සිස් ඔහානියන් සමග විවාහ ගිවිසගත් මේ ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් රැජන දැන් ඇරැඹීමට නියමිතව ඇත්තේ ඇයට නුහුරු නුපුරුදු චමත්කාරජනක කාලපරිච්ඡේදයකි. මෘදු, සියුමැලි සිඟිත්තකු හෝ සිඟිත්තියක තව මාස කිහිපයකින් ඇගේ දෑතේ සුරතල් වනු ඇත. එය ටෙනිස් පිත්තට වඩා ඇයට මෘදු හා සියුමැලි බවක් ගෙන දෙනු ඇත. සැබැවින්ම පසුගිය වසරේ දෙසැම්බරයේදී ඇලෙක්සිස් ඇයට විවාහ යෝජනාව ගෙනෙන විටත් ඇය සති 4 ක ගැබිනියකව සිටි බව දැන් කවුරුත් කතා බහ කරති.
මේ මස 24 වැනිදා එළි දැක්වීමට නියමිත නවතම ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ හිමිවීමට නියමිතව ඇත්තේ සෙරීනාටය. එහෙත් ඊට පසුව ප්‍රංශ විවෘත ටෙනිස් ශුරතාවලිය එළැඹෙද්දී ඇය එම ශ්‍රේණිගත කිරීම්වල කෙමෙන් කෙමෙන් පහළට රූටා යනු ඇත. එහෙත් ඇයට එහි වගේ වගක් නැති ගානය. ඇය එම කීර්තිය මාස ගණන් රැක ගෙන සිටි ක්‍රීඩිකාවකි. එබැවින් නැවත ඇතිවීම හෝ නැතිවීම ගැන ඇය එතරම් තැකීමක් කරන්නේ නැත.
පසුගිය දිනවල ඇය ගැන වැඩිපුරම සොයා බැලුවේ ඇලෙක්සිස්ය. ඔහු සිය පෙම්වතියට උපදින්නට යන දරු පැටියා ගැන වැඩි අවධානයකින් පසුවෙයි.
‘ඔහු ඉතා ප්‍රසන්නශීලි පුද්ගලයෙක්.‘ සෙරීනා සිය පෙම්වතා ගැන කියන්නේ එසේය.
මීට පෙර ටෙනිස් ක්‍රීඩක ග්‍රිගොර් දිමිත්‍රොව්, ඇගේම පුහුණුකරු පැට්‍රික් මුරටොග්ලෝ ඇතුලුව තවත් පෙම්වතුන් දුසිමකට වඩා ඇසුරු කළ සෙරීනා ඔවුන් ගැන කිවේ ද ඒ ටිකමය. එහෙත් ඇලෙක්සිස් සමග ඇති කරගත් පළහිලව්ව නම් දරු සම්පතක් දක්වා දුරදිග ගිය එකක් බවට පත්ව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.