Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 සෙවැග්, යුවරාජ්, හර්බජාන්, ගම්භීර්, හැළෙති

සෙවැග්, යුවරාජ්, හර්බජාන්, ගම්භීර්, හැළෙති

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A


එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනතුගෙන් සමන්විත ඉන්දීය සංචිතයට ප‍්‍රවීන කී‍්‍රඩකයන් වන විරේන්ද්‍ර සෙවාග්, යුවරාජ් සිං, ගෞතම් ගම්භීර්, සාහිර් ඛාන් සහ හර්බජාන් සිං ඇතුළත් නොකිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ 2011 වසරේ ලෝක කුසලානය තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත් වූ යුවරාජ් සිං සහ අවසන් තරගයේදී ලකුණු 92 ක් රැස්කරමින් ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා මෙහෙයවූ ගෞතම් ගම්භීර් මෙවර සංචිතයෙන් ඉවතට විසිවීමයි.

ඉකුත් වසර දෙක තුළදී එක්දින තරග 13 කට සහභාගී වී ඇති සෙවාග්, එහිදී 20.23 ක සමාන්‍යයක් රඳවාගෙන තිබේ. එම කාල වකවානුව තුළදීම තරග 30 කට සහභාගි වී ඇති ගම්භීර්, එහිදී රඳවාගෙන තිබෙන සාමාන්‍යය 23.58 කි.

විජේ හසාරේ තරගාවලියේ එක්දින තරග 6 කට සහභාගි වූ හර්බජාන් සිං, එහිදී කඩුලූ 7 ක් දවාගෙන ඇති අතර එම තරගාවලියේම තරග 5 කට සහභාගි වූ යුවරාජ් සිං එහිදී රැස්කරගෙන ඇත්තේ ලකුණු 168 ක් පමණි. වමතින් වේග පන්දු යවන සහීර් ඛාන් මේ වසරේ අපේ‍්‍රල් සහ මැයි මාස වලදී පැවැති අයි. පී. එල්. තරගාවලියෙන් අනතුරුව ශාරීරික යෝග්‍යතාව මත කිසිදු තරගයට සහභාගී නොවීය.

ඒ අනුව 2011 වසරේ පැවැති ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ කී‍්‍රඩකයන් අතුරින් මහේන්ද්‍ර සිං දෝනි, විරාත් කෝලි, සුරේෂ් රයිනා සහ රවිචන්ද්‍රන් අශ්වින් පමණක් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටිති.

එම කණ්ඩායම නියෝජනය කළ සචින් තෙන්ඩුල්කාර් කී‍්‍රකට් කී‍්‍රඩාවෙන් විශ‍්‍රාම ගෙන ඇති අතර සුබ‍්‍රමනියම් ශ්‍රීසාන්ත් තරග තහනමකට ලක්ව සිටියි.


ලෝක කුසලාන ඉන්දීය සංචිතය

පිතිකරුවෝ:
ශිකර් ධවාන්, රෝහිත් ශර්මා, අජන්ක්‍යා රහනේ, විරාත් කෝලි, සුරේෂ් රයිනා, අම්බටි රයිඩු, කේදර් ජාදව්, මනෝජ් තිවාරි, මනීෂ් පාණ්ඬේ සහ මුරලි විජේ

වේග පන්දු යවන්නෝ :
ඉෂාන්ත් ශර්මා, බුවනේෂ්වර් කුමාර්, මොහොමඞ් සාමි, උමේෂ් යාදව්, වරුන් ඒරන්, ධවාල් කුල්කර්ණි, ස්ටුවට් බිනී, මෝහිත් ශර්මා සහ අශෝක් දින්දා

දඟ පන්දු යවන්නෝ :
රවිචන්ද්‍රන් අශ්වින්, පර්විස් රසූල්, කරන් ශර්මා, රවින්ද්‍ර ජදේජා, අක්ෂර් පතේල්
සහ කුල්දීප් යාදව්

කඩුලූ රකින්නෝ :
මහේන්ද්‍ර සිං දෝනි, රොබින් උත්තාපා, සංජු සැම්සන් සහ රිධිමන් සාහා


- 036


අදහස් (2)

සෙවැග්, යුවරාජ්, හර්බජාන්, ගම්භීර්, හැළෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.