Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 හදිසියේ පෑයූ හෙල්ල විසිකිරීමේ තරුව

හදිසියේ පෑයූ හෙල්ල විසිකිරීමේ තරුව

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනා අතරින් අවශ්‍ය පරිසාධන මට්ටම සපුරාගනිමින් එක්වරම බිහි වු ක්‍රීඩා තරුවක් ලෙස සුමේධ රණසිංහ හැඳින්විය හැකිය.


මෙම වසරේ මාර්තු මස ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවූ සුමේධ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමේ තරගාවලියේදී මීටර 83.04 ක දුරක් හෙල්ල විසි කරමින් ඔලිම්පික් කඩඉම ජය ගත්තේය. සුමේධගේ එම දස්කම හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව ද අභිබවා යාමක්ද විය.


ගුවන් හමුදාව නියෝජනය කරමින් දේශීය තරග බිමේ දස්කම් පාන 26 හැවිරිදි සුමේධ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා කළමනාකරණය හදාරයි.


සුමේධගේ වගතුග

සම්පුර්ණ නම: ආර්. එම්. සුමේධ ජගත් රණසිංහ

උපන් දිනය : 1991 පෙබරවාරී මස 10

ක්‍රීඩාව/ඉසව්ව:  මලල ක්‍රීඩා / හෙල්ල විසි කිරීම (පිරිමි)

ඉගෙනුම ලැබු පාසල්: කෑගල්ල මහා විද්‍යාලය සහ කොබ්බෑව කීර්තිරතන මහා විද්‍යාලය

විශේෂ දක්‍ෂතා

■    ඉන්දියාවේදී පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ තේරීම් තරගාවලියේදී හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව (මීටර 83.04) පිහිටුවමින් රියෝ ඔලිම්පික් වරම් ලැබීම.

■    ලෝක ශ්‍රේණිගත කිරීමේ 29 වැනි ස්ථානය ලැබීම.

■    2015 තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම දිනා ගැනීම.

■    දකුණු කොරියාවේ පැවැති ගිම්හාන විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවීම.

■    2016 ඉන්දියාවේ පැවැති 12 වැනි ඇසෑම් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගැනීම.
 

 


අදහස් (0)

හදිසියේ පෑයූ හෙල්ල විසිකිරීමේ තරුව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.