Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලන්ඩනයේ ට්විකන්හැම් අවට ඊයේ දක්නට තිබුණේ දැඩි කළබලකාරී ස්වරූපයකි. ට්විකන්හැම් කී‍්‍රඩාංගණයට ඉහළින් තුනීයට වැසී ගිය ලා මීදුම් පටලයකි. ඒ එංගලන්ත පිල හමුවේ තිබූ අඳුරු වළාවක ආරම්භයයි.
කී‍්‍රඩාංගණයේ එක් පෙදෙසක යුද්ධයේ බිහිසුණු බව හා නිරර්ථක බව ගැන 18 වැනි සියවසේ ඕස්ටේ‍්‍රලියානු කවියකු වූ බැංජෝ පැටර්සන් විසින් රචිත Waltzing Matilda ගීතය ගැයෙන්නට විය. කී‍්‍රඩාංගණයේ පේ‍්‍රක්ෂකයන්ට හිඳගැනීමට තනා තිබූ කොන්කී‍්‍රට් පඩිමත හිස් ප්ලාස්ටික් කෝප්පවලින් තට්ටු කරමින් කී‍්‍රඩාලෝලිහු ඝෝෂාකාරී සංගීතයක් මැවූහ.
ඒ අතරතුර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ ඊළග වටයට යාමට එංගලන්තයට තිබූ අවසන් කඩුල්ලද අහුරා දැමූ ඕස්ටේ‍්‍රලියානු ෆ්ලයි හාෆ් කී‍්‍රඩක බර්නාඞ් ෆොලේ එංගලන්ත පිලේ සියලූ බලාපොරොත්තු රග්බි පන්දුවකට එකතු කරමින් තරගාවලියෙන් ඉවතට වීසිවන ලෙස ඊට පයින් ගැසුවේය.
ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන්ලකුණු 33-13 ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා සත්කාරක එංගලන්ත පිලේ ලෝක කුසලාන බලාපොරොත්තු බියකරු සිහිනයක් බවට පත්කළහ. ඒ ලෝක කුසලාන රග්බි තරග ඉතිහාසයේ පළමු වටයෙන්ම ඉවතට විසිවූ මුල්ම සත්කාරක රට බවට ලජ්ජා සහගත වාර්තාවක් ද එංගලන්තයට උරුමකර දෙමිනි.
කී‍්‍රඩාලෝලීන් 81,000 ක් මැද ඕස්ටේ‍්‍රලියාව ඊයේ රැස් කළ ලකුණු 33 න් 28කම හිමිකාරයා බවට පත්වූයේ ‘අයිස්මෑන්‘ නමින් ප‍්‍රකටව සිටින ෆොලේය.
තරගය පුරා දෑතින් සහ දෙපාවලින් දස්කම් පෑ හෙතෙම උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමටත්, උත්සාහක දිනුම් 3 ක් සාර්ථකව ගෝල බවට පත්කිරීමටත් සමත්වූ අතර දඩුවම් පහර 4 ක් ද නිවැරැදි එල්ලයට ගසා වොලබීස්ලාට ගෞරවනීය ජයක් අත්කර දුන්නේය.
තරගයේ මුල සිටම ආවේශ වූ ෆොලේ 7 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරකින් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. පළමුභාගය නිමාවෙද්දී එංගලන්තයේ චිත්ත ධෛර්යය බිංදුවටම ඇද දැමු වොලබීස්ලා ලකුණු 17-3 කින් පෙරමුණ ගත්හ. ඒ ලකුණු 17 ම ලැබුවේ ෆොලේගේ දෑත් දෙපාවල පිහිටෙනි.
පළමු භාගය පුරා එංගලන්ත කී‍්‍රඩකයන් අන්ද මන්ද කළ හෙතෙම 19 වැනි සහ 34 වැනි මිනිත්තුවලදී අනගි උත්සාහක දිනුම් දෙකක් තැබීමට සමත්විය. ඒවා සාර්ථක ලෙස ගෝල බවට පත් කරනු ලැබුවේද ඔහු විසින්මය.
අනතුරුව දෙවැනි භාගයේ 49 වැනි මිනිත්තුවේදී තවත් දඩුවම් පහරක් සාර්ථක කරමින් ෆොලේ වොලබීස්ලාගේ ලකුණු සංඛ්‍යාව 20-3 කින් ඉහළට ඔසවා තබද්දී එංගලන්ත කී‍්‍රඩාලෝලීන්ගේ දෑස් වලින් සට සට ගා කඳුලූ ගලන්නට පටන්ගෙන තිබිණ.
කෙසේ වෙතත් 55 වැනි මිනිත්තුවේදී වොලබීස්ලා අභිබවා ගිය ඇන්තනී වොට්සන් සටන්කාමී උත්සාහක දිනුමක් තැබීමට සමත්වීමෙන් එංගලන්ත කී‍්‍රඩාලෝලීන්ගේ බලාපොරොත්තු මඳකට අලූත් විය. එය ගෝලයක් බවට පත් කළ ඕවන් ෆෙරල් අනතුරුව 64 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථකව එල්ල කරමින් එංගලන්ත පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළට එසවීය.
අළු මතින් නැගිටින ෆීනික්ස් කුරුල්ලා මෙන් එංගලන්තය නොතිබූ ජයග‍්‍රහණක් කරා යනු ඇතැයි ඇතැම්හු අනාවැකි පළකරන්නටද වූහ. ඒ වෙද්දී ලකුණු පුවරුව 20x-13 කින් වොලබීස්ලාගේ වාසියට සටහන්ව තිබිණි.
එතැන් සිට තවත් මිනිත්තු 7ක් තරගය එලෙසින්ම ඇදගෙන ගිය එංගලන්තයට හරහට හිටියේ 71 වැනි මිනිත්තුවේදී ඔවුන්ගේම අතපසුවීමකින් වොලබීස්ලාට දඩුවම් පහරක් පිරිනැමීමය. ඊට මිනිත්තු 4 කට පසුව යළිත් ඒ වරදම ෆැරල්ද කළේය. මැට් ගිටිවුට දැමූ භයානක කකුල් මාට්ටුවක ඊළග ප‍්‍රතිඵලය වූයේ වොලබීස්ලාට තවත් දඩුවම් පහරක් හිමිවීම පමණක් නොවීය. ෆැරල්ට කහ කාඞ්පතේ සංග‍්‍රහ ලබා පිටියෙන් ඉවත්වීමට ද එයම ප‍්‍රමාණවත් විය.
ලැබුණු අවස්ථා දෙකම සාර්ථක කරගත් ෆොලේ සිය කණ්ඩායමේ ලකුණු තත්ත්වය 26-13කින් ඉදිරියට ගෙන ගියේය. තරගය පුරා ස්ක‍්‍රම් පොදිය තුල අසාර්ථක කී‍්‍රඩා රටාවක් පෙන්නුම් කළ එංගලන්ත කී‍්‍රඩකයන් වොලබීස්ලාට ලබා දුන් පස්වැනි ද`ඩුවම් පහර එය විය.
වොලබීස්ලාගේ ජය තහවුරු කළ මැට් ගිටිවුගේ උත්සාහක දිනුම වාර්තා වූයේ අන්තිම මිනිත්තුවේදීය. ෆොලේගේ ඉලක්කය එවරත් හරි ගියේය. සාර්ථක පහරකින් එම උත්සාහක දිනුමත් ගෝලයක් බවට පත් කළ හෙතෙම එංගලන්තය තරගාවලියෙන් ඉවතට ඇද දැම්මේ හිත්පිත් නැති ලෙසිනි. එය වොලබීස්ලාට පමණක් නොව වේල්සයට ද අර්ධ අවසන් පූර්ව වටයේ පාර කපා දුන්නේය.
නවසීලන්තය හැරුණු විට මෙවර ලෝක කුසලානයට අත තබනු ඇතැයි මුලින් අනාවැකි පළවී තිබූ එංගලන්තයේ ඉරණම එසේ විසඳෙද්දී ඔවුන් මූලික වටයේ සිය අවසන් තරගයට කී‍්‍රඩා කිරීමට මැන්චෙස්ටර් බලා යාමට නියමිතය. එහෙත් ඒ තරගය ඔවුන්ට කිසිදු වැඩකට නැති එකකි.
එය නිකම්ම නිකම් ලෝක කුසලාන තරගයක් පමණි.
එංගලන්තය එන තුරු උරුගුවේ පිල බලා සිටින්නේ මානසිකව හා ශාරිරිකව ඇදවැටුණු සත්කාරක පිල හමුවේ හෝ සිය පළමු ලෝක කුසලාන ජයග‍්‍රහණය අත්කර ගැනීමේ ආත්මාර්ථකාමී අදහසකින් යුතුවය.
ඊයේ තරගයෙන් සත්කාරක එංගලන්තය ලැබූ පරාජය ඊට පෙර කී ලෙසම පුහුණුකරු ස්ටුවර්ට් ලැන්කැස්ටර්ගේ ඉරණම විසඳනු ඇතැයි විචාරකයෝ කියති. රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වඩාත්ම තරගකාරී කාණ්ඩයට ඇතුළත්වූ එංගලන්තයේ බලාපොරොත්තුවලට ආයුෂ තිබුණේ දින 16 ක් පමණි.
පරාජයෙන් පසුව ජාතියෙන් සමාව ඉල්ලා සිටි එංගලන්ත පුහුණුකරුවා පරාජයට පාර කැපුණේ තරගයේ අවසන් මිනිත්තු 20 දී බව කියා සිටියේය. එපමණක් නොව එංගලන්ත පිලේ කී‍්‍රඩකයන් අතරින් 24 දෙනකුම මේ කී‍්‍රඩා කළේ සිය මංගල ලෝක කුසලාන තරගමාලාවට බවත් සිහිපත් කළේය.
”මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ අපේ මුලූ ජාතියම තව දුරටත් කණ්ඩායම පසුපස ඉන්න ඕන කියන එකයි...හොඳ තරුණ කොල්ලෝ ගොඩක් අපිට ඉන්නවා. ඉස්සරහට එයාලා රටට කීර්තියක් ගෙන දේවි” යයි පසුගිය ඔක්තෝබර් මාසයේ දී සිය සේවා කොන්ත‍්‍රාත් කාලය වසර 2019 ලෝක කුසලාන තරගමාලාව දක්වා දීර්ඝ කරගත් ලැන්කැස්ටර් කීවේය.
එසේ වුවත් පෙනෙන හැටියට නම් ඔහුට අද හෙටම තනතුරෙන් සමුගැනීමට සිදුවනු ඇත.
එංගලන්ත - ඕස්ටේ‍්‍රලියා රග්බි තරගයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ඒ. එෆ්. පී. අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.