Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජවයත්, සටන්කාමීත්වයත් එකට කැටි කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සිය පළමු ජයග‍්‍රහණය අත්කර ගැනීමට ඊයේ (2 වැනිදා) අතිප‍්‍රබල වෑයමක යෙදුණු පැසිෆික් දූපත්වාසී ෆිජී කී‍්‍රඩකයන් අභිබවා ගිය වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලා කාඩිෆ් නුවර මිලේනියම් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 23-13 ක ජයක් වාර්තා කරමින් අර්ධ අවසන් පූර්ව වටයේ දොරටුවට තට්ටු කළහ.
මේ ජයග‍්‍රහණයත් සමග ‘මරණයේ සංචිතය’ නමින් මුල සිටම විචාරකයන් හැඳින්වූ ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණ ගත් වේල්සයට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ දොරටුව අබියස සිට දැන් සිදුවී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර ලබන 3 වැනිදා පැවැත්වෙන තරගයේ ප‍්‍රතිඵලය දැනගන්නතුරු බලා සිටීමටය.
ලබන 10 වැනිදා ට්විකන්හැම්හිදී ඕස්ටේ‍්‍රලියාව සමග පැවැත්වෙන මූලික වටයේ සිය අවසන් තරගයේ දී කළ යුත්තේ කුමක්දැයි වේල්සයට කල්පනා කරන්නට වන්නේ ඒ අනුවය.
මිනිත්තු 80 ක් පුරා ෆිජී දේශයටම ආවේනික කී‍්‍රඩා රටාවේ පරීක්ෂණයට භාජනය වූ වේල්සයේ කී‍්‍රඩකයන් ප‍්‍රතිවාදීන්ගේ වේගවත් පන්දු පිරිනැමීම්වලින් විඩාවටත්, අඩි ගණනාවක් විසිවී යන ආකාරයට කළ තල්ලූ කිරීම්වලින් ලත් වේදනාවටත් පත්ව හොඳ හැටි ඇගපත තලාගත්තත් කිසිදු කී‍්‍රඩකයකු ආබාධයකට නම් ලක් නොවීම නම් වාසනාවකි.
වේල්සය ඊයේ තරගයට එක්වූයේ එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක් ලබාදෙමින් පසුගිය සති අන්තයේ පැවැති තරගය අතරතුර ආබාධයකට ලක්වූ ලයම් විලියම්ස්, හැලම් අමෝස් සහ ස්කොට් විලියම්ස් වෙනුවට ෆුල්බෑක් කී‍්‍රඩක මැතිව් මෝගන්ට සහ සෙන්ටර් කී‍්‍රඩක ටේලර් මෝගන්ට මංගල ලෝක කුසලාන තරගවරම් ලබා දෙමිනි, පළපුරුදු කී‍්‍රඩක ඇලෙක්ස් කුත්බර්ට් ද නැවත කණ්ඩායමට එක්විය.
71,000 කට අධික කී‍්‍රඩාලෝලීන් පිරිසක් මැද ඊයේ මිලේනියම් කී‍්‍රඩාංගණයට පිවිසි වේල්සයේ ඩ‍්‍රැගන්ස්ලා තරගයේ 6 වැනි මිනිත්තුවේදී ලකුණු 7-0 කින් පෙරමුණ ගත්තේ ස්ක‍්‍රම් පොදියකින් පන්දුව ඇදගත් ගැරත් ඬේවිස් තැබූ අනගි උත්සාහක දිනුම නිසාය. ඩැන් බිගර් කිසිදු අපහසුවකින් තොරව එය ගෝලයක් බවට පත් කිරීමට සමත්විය.
අනතුරුව එක පොදියට දෙපිලේහිම කී‍්‍රඩකයන් පන්දුව සමග දෙපසට තල්ලූවෙද්දී ලද දඩුවම් පහරක් සාර්ථක කරගත් බෙන් වොලේවලා 13 වැනි මිනිත්තුවේදී ෆිජී පිලට ලකුණු 3 ක් ලබා දුන් අතර ඊට මිනිත්තු 6 කට පසුව අනවශ්‍ය පරිදි ඬේවිස්ව තල්ලු කිරීීමෙන් ලද දඩුවම් පහර බිගර් සාර්ථක කිරීමෙන් ලකුණු 10-3 කින් ඉදිරියට යාමට වේල්සය සමත්විය.
අනතුරුව දක්නට ලැබුණේ පන්දුව අතට ගත් සෑම අවස්ථාවකදීම දැඩි ප‍්‍රහාර එල්ල කරමින් වේල්සයේ කී‍්‍රඩකයන් මෙල්ල කළ ෆිජී සටන්කාමීත්වයයි.
ෆිජියානුවන්ගේ ඉතා කෙටි හිඩැසකින් දක්ෂ ලෙස රිංගා ගිය හුකර් කී‍්‍රඩක ස්කොට් බෝල්්ඞ්වින් 31 වැනි මිනිත්තුවේදී සිය මංගල ටෙස්ට් උත්සාහක දිනුම තබමින් වේල්සය ඉහළට ඔසවා තැබීමට සමත්විය. බිගර් දෙවැනි වරටත් උත්සාහක දිනුම සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු පුවරුව 17-3 ක් ලෙස වේල්සයේ වාසියට හිටියේය.
පළමු භාගය නිමාවීමට මිනිත්තු දෙකකට පෙර ද`ඩුවම් පහරක් සාර්ථක කරගැනීමට වොලේවලා සමත්වූවත් වේල්සයට ඉන් කිසිදු හානියක් සිදුවූයේ නැත.
එහෙත් දෙවැනි භාගය ආරම්භවී මිනිත්තු අටකට පසුව වේල්ස් කඳවුර තරමක් සසළ කරමින් විශිෂ්ට උත්සාහක දිනුමක් තැබීමට වර්නිකී ගොනීවා සමත්විය. වොලේවලාගේ සාර්ථක පහරින් සිය පළමු ගෝලය රැුස් කළ ෆිජී කී‍්‍රඩකයන් ලකුණු 13-17 ක් ලෙස දෙපිල අතර ලකුණු පරතරය අඩුකොට දැමූවේ වේල්සයේ කී‍්‍රඩාලෝලීන්ගේ දෑස් විසල් කරවමිනි.
එක උත්සාහක දිනුමකින් සියල්ලම කණපිට පෙරැුළිය හැකිය. එය වේල්සයේ කී‍්‍රඩකයන්ගේ ද චකිතයකට හේතු වූ අතර ඊළ`ග මිනිත්තු කිහිපයේදී ෆිජී කී‍්‍රඩකයන්ගේ ආක‍්‍රමණය තවත් ඉහළ නැංගේය.
කෙසේ වෙතත් 54 වැනි මිනිත්තුවේදී ද`ඩුවම් පහරක් සාර්ථක කරගත් බිගර් සිය සගයන්ගේ පීඩනය තරමක් දුරු කොට දැමුවේය. අනතුරුව ඊළ`ග මිනිත්තු 15 පුරා ෆිජී කී‍්‍රඩකයන්ගේ සටන්කාමීත්වය හමුවේ ලකුණු සංඛ්‍යාව 20-13 ක් ලෙස රඳවා තබාගත් වේල්සයේ ජය තහවුරු වූයේ 68 වැනි මිනිත්තුවේදී බිගර් සාර්ථකව එල්ල කළ ඔහුගේ තුන්වැනි ද`ඩුවම් පහරිනි.
මේ පරාජයත් සමග මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ නිල වශයෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට ෆිජී දේශය පත්ව සිටින්නේ තවත් තරගයක් ඉතිරිව තිබියදීමය.
කී‍්‍රඩා කළ තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව දැන් ඉතින් ඔවුන්ට ගෞරවය රැක ගැනීමට ඇත්තේ 6 වැනිදා උරුගුවේ පිල සමග පැවත්වෙන තරගය පමණි. එහි ජයපරාජය දෙපිලටම ගෙදර යාම හැර අලූතින් උරුම කරදෙන වෙනත් දෙයක් නම් නැති වුවත් ඈත පෙරදිග කලාපයේ ජීවත් වන, සුළුවෙන් හඳුනන මේ දූපත් වාසීන්ගේ ශක්තිය නම් ලෝකයාට මතක හිටිනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.