Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_2 10 දෙනාගේ ග්‍රීක පිල ජපානය නවතයි

10 දෙනාගේ ග්‍රීක පිල ජපානය නවතයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩකයන් 10 දෙනකුගෙන් පමණක් ක්‍රීඩා කළ ග්‍රීසියේ අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාශය හේතුවෙන් ජපානය සමග පැවැති තියුණු තරගය 0-0 ක් ලෙස ජයපරාජයෙන් තොරව නිමාවට පත්විය.

තරගයේ 38 වැනි මිනිත්තුවේ දී ප්‍රතිවාදී ජපාන ක්‍රීඩක මකෝටෝ හසීබිගෙන් පන්දුව උදුරා ගැනීමට නීතිවිරෝධි අයුරින් ක්‍රියා කිරීම මත කොන්ස්ටන්තිනෝ කැට්සොරනිස් රතු කාඩ්පතෙන් දඬුවම් ලබා පිටියෙන් ඉවත් වූයේ ග්‍රීසියේ බලාපොරොත්තු අවදානමකට ලක් කරමිනි. ලෝක කුසලාන පාපන්දු තරගයක දී ග්‍රීසියේ ක්‍රීඩකයකු රතු කාඩ් පතෙන් දඬුවම් ලැබූ පළමු අවස්ථාව එය විය.

එහෙත් ඇත්ත වශයෙන්ම ඔහු පිටියෙන් ඉවත්වීමට පෙර තරගය දිස්වූයේ ඇල්මැරුණු ස්වරූපයකිනි. ඔහුගේ නික්මයාමත් සමග ග්‍රීසියේ ක්‍රීඩකයන්ගේ උද්යෝගය වැඩි වූ අතර ඔවුන් අවස්ථා කීපයකම ගෝල රැස් කිරීමේ ආසන්නයට පැමිණ සිටියහ.

‘ඒ‘ කාණ්ඩයේ තරගයක් ලෙස නතාල් හී පැවැති මේ තරගයේ ලෝනිස් ෆෙට්ෆැසිඩිස් හා තොෆානිස් ගේකාස් දෙදෙනාම ග්‍රීසිය වෙනුවෙන් ගෝලයක් රැස් කිරීමට අවස්ථා කීපයකදීම උත්සාහ කළහ. ගෝලයක් රැස් කරමින් තරගය ජය ගැනීමට අවසන් මිනිත්තු 20 දී ජපානයද දැඩි උත්සාහයක නිරතවිය. එහෙත් ග්‍රීසිය ඉතා සාර්ථකව එය මැඩපවත්වා ගත්තේය.

68 වැනි මිනිත්තුවේ දී අතිරේක ක්‍රීඩක ෂිනිජි කගාවා ඉතා දක්ෂ අයුරින් අටිසුටෝ උචිඩා වෙත පන්දුව පිරිනැමූ අතර ඔහුගෙන් එය සාර්ථකව ලබාගත් යොෂිඩෝ උකුබු වේගවත් පහරකින් ප්‍රතිවාදී දැල් කණුව වෙත එල්ල කළත් ගෝල් කණුවේ වැදුණු  පන්දුව ඉවතට විසිවී ගියේය.

ලෝක කුසලාන පාපන්දු  තරගමාලාවක දී ග්‍රිසිය සිය ප්‍රතිවාදීන්ට ගෝල ලබාගැනීමට අවසර නොදුන් පළමු අවස්ථාව මෙය විය. එමෙන්ම ඔවුන් ලෝක කුසලාන පාපන්දු  තරගයක් ජයපරාජයෙන් තොරව නිමා කරගත් පළමු අවස්ථාව ද මෙය වේ.


අදහස් (0)

10 දෙනාගේ ග්‍රීක පිල ජපානය නවතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.